(ජේ.ඉඳුරුවගේ)
දැනට විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන ආබ්‍රෙව් හෙවත් බබා ගේ පියා වන 54 හැවිරිදි කලුහත් කීර්තිසේන ආබ්‍රෙව් නැමැත්තා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරු බව කියන හිටපු යුධ හමුදා සෙබළකු අද ( 26 )සවස හෙරොයින් මිලිග්‍රෑම් 3410 ක්ද සමගින් බෙන්තොටදී සැකපිට අත් අඩංගුවට ගත් බව කොස්ගොඩ පොලීසිය පවසයි.
මෙසේ අත් අඩංගුවට ගනුලැබ ඇත්තේ ඉඳුරුව බන්ඩාරිගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවකු වූ 36 හැවිරිදි අයකු බව පොලීසිය පැවසීය .
ඔහු කලක් යුද හමුදාවේ සිංහ රෙජිමේන්තුවේ සෙබලෙකු ලෙස සේවය කර 2017 වසරේ නීත්‍යනුකූල නොවන ලෙස එයින් පැනගිය අයෙක් බවද හෙලිවී තිබේ.
සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධව දැනට ඩුබායිහි රැඳී සිටින දෙදෙනෙකුගේ කොන්ත්‍රාත්තුවකට අනුව කීර්තිසේන නැමැත්තාගේ ඝාතනය සිදුවී ඇතැයි පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd