
(යොහාන් භාසුර)
පාර්ලිමේන්තුවට හදිසියේ ඉදිරිපත් කළ ආර්ථික පර්වර්තන පනතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරන බව ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිල සාමාජික සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය.
වර්තමාන ආණ්ඩුව රටේ ආර්ථිකය පිළිබඳ බරපතළ පනතක් ඉතාමත්ම හෑල්ලුවකින් ඉදිරිපත් කර ඇති බවත් එම පනතින් ආයෝජන මණ්ඩලය අහෝසි කිරීමට යෝජනා කර ඇති බවත් ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිල සාමාජික සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය.
ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිල සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන් පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී ජාතික ජන බලවේගයේ විධායක සභික, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා එසේ පැවසීය.
මෙවැනි පනතක ඉල්ලීමක් වාණිජ මණ්ඩලය හෝ කර්මාන්තකරුවන්ගේ සංගම් හෝ පෞද්ගලික අංශයේ කිසිවෙකුගෙන් නොතිබිය ගෙනඒමේ අභිලාශය කුමක්දැයි ආණ්ඩුව පැහැදිලි කළ යුතු බව කී හඳුන්නෙත්ති මහතා එම පනතට ජාතික ජන බලවේගය සම්පූර්ණයෙන්ම විරුද්ධ බව ද කීය.
එම පනතින් පීඩාවට පත්වෙන සියලුම කොටස් සමග එක්ව ඊට එරෙහිව ක්‍රියාකරන බවත් වෘත්තිය සමිති එක්ක සාකච්ඡා කර, එයට එරෙහිව කළ හැකි උපරිම මැදිහත්වීම් කරන බවත් ඒ මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහර දේශපාලකයින්ට පැවැත්මක් තියෙන්නේ රට අරාජික තත්වයක තිබුණොත් විතරයි. එනිසා ඒ අය විවිධ ආකාරයට රට අරාජික කරවන්න උපක්‍රම යොදනවා. 2001දී ජපානයෙන් විශාල සංවර්ධන ණය මුදලක් ලැබෙන්න තිබියදී චන්ද්‍රිකාට ලණුදීලා ඒ ආණ්ඩුව විසිරෙව්වේත් මේ අය තමයි. 2019දී MCC බිල්ලා මැව්වේ මේ කුහකයෝම තමයි. දැන් තව එකක්. මිණිරන් විකුණලා හෝ පිටරට ඉන්න අයගෙන් මාසෙකට ඩොලර් 500 ක් වැඩිපුර ගෙන්නගෙන (ඇත්තටම එය නොවෙන දෙයක්) වගේ ගැලරිය පිනවන දෙයින් රටක් කරන්න බැරිබව බුද්ධිමත් මිනිස්සු දන්නවා. පක්ෂයේ එක නායකයෙක්ගේ කුස්සියේ ඉටිකොළ වලින් හදලා තියෙද්දී, එයාලාගේම තව නායකයෙක් branded shirt අඳිනවා. මේවා රඟපෑම් යාළුවා...!
රනිල් එක්ක වර්ජන, තර්ජන, කඩාකප්පල්කාරී වැඩ බැරි නිසා උසාවි ගිහින් හරි රටේ දියුණුව කඩාකප්පල් කරන්න හිතන්න ඇති. සාම්පූර් බලාගාරෙට විරුද්ධව උසාවි ගිහින් ඒක කඩාකප්පල් කරපු හැටි දන්නවනේ. උමා ඔය ව්‍යාපෘතිය කඩාකප්පල් කරපු නිසා ඒකේ ප්රතිලාභ අවුරුදු 5කින් ප්‍රමාද වුණා.
අගතිගාමී, සෘණවාදී, වහල්වාදී බලු රැළ හැමදේටම විරුද්ධයිනේ. මොවුන්ට රටේ බලය කොල්ල කන්න විතරමයි ඕනෑ. සතේකට ගණන් ගන්න එපා මොවුන්ගේ විරුද්ධත්වය...
ජාතික ජනබලවේගයට ජයවේවා
රනිල් මේ කරන්න හදන විනාශය නිසා, අනිවාර්යයෙන්ම මෙය ආපසු හැරී රනිල් කියන මෝඩයා වෙතම එනවා එනවාමයි. එදාට අනිවාර්යයෙන්ම රනිල් හිරේ යනවා .
ඉන්දියාව ලංකාවට වඩා හැත්තෑ ගුණයට වඩා විශාලයි. තමිල්නාඩුව හය ගුණයට වඩා විශාලයි. ඒත් තමිල්නාඩුවල තියෙන ආයෝජන මණ්ඩලයේ වැඩ කරන්නේ දෙදෙනෙක් ප්‍රමාණයි. ඔවුන් ටොයොටා, බෙන්ස්, රේනෝල්ට් ඇතුලූ ආයෝජකයන් ගෙන්වාගෙන තිබෙනවා. මෙය වසර 17 කට කලින් තිබුන තත්ත්වයකි. ලංකාවේ තත්ත්වය කෙබඳුද?.