‘ජනවරමක් සහිත රජයකට ප්රගතිශීලී ප්‍රතිචාර දක්වන්න අයි.එම්.එෆ් එකඟ වුණා‘ පැහැදිලි ජනවරමක් සහිත රජයකට ප්රගතිශීලී ප්‍රතිචාර දක්වන්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එකග වී ඇති බැවින් සමගි ජනබලවේග රජයක් තුළ ජනතාවාදී ගිවිසුමකට එළැබෙන බව- විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 16 July 2024
කැකිරාව දොස්තරට මරණ තර්ජන ‘ක්ලබ් වසන්තට කළ දේ උඹටත් කරනවා‘. යැයි පවසා මරණ තර්ජන එල්ල කරමින් කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාට එරෙහිව තර්ජනාත්මක පොස්ටර් ගසා එම කාර්යාලයට කලුතෙල් ප්‍රහාරයක් එල්ලකර ඇතැයි කැකිරාව පොලීසිය කියයි. 16 July 2024
රාජසන්තක ඉඟුරු බෙහෙත් හදන්න මුදා හරී ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය බෙහෙත් ඉඟුරු සපයා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 16 July 2024
දේශීය වෛද්‍ය ජාතික ප්‍රතිපත්තියට කැබිනට් අනුමැතිය ශ්‍රී ලංකාවේ දේශීය වෛද්‍ය ජාතික ප්‍රතිපත්තිය 2024-2034 සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 16 July 2024
රජරට සරසවියෙන් ඖෂධ සබන් කැටයක් අනෙකුත් සබන් වලට වඩා ගුණාත්මක භාවයෙන් ඉහළ බව පැවසෙන පෙරුම්කායන් මිශ්‍ර සබන් කැටයක් රජරට විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර සම්බන්ධීකරණ කාර්යාලය විසින් එම විශ්ව විද්‍යාලයේ සනාතන සභා ශ්‍රවණාගාරයේදී පසුගියදා එළි දක්වනු ලැබීය. 16 July 2024
එතෙර සිසුන්ට උපාධි දෙන්න ආයතන 26කට වරම් උපාධි පිරිනැමීමේ ආයතන වෙත විදේශීය ශිෂ්‍යයින් ඇතුළත් කර ගැනීම සඳහා පහසුකම් සැලසීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 16 July 2024
ව්‍යවස්ථාවෙි සංශෝධිත කෙටුම්පත පාර්ලිමේන්තුවට ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේ පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කිරීමටත් අනතුරුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් කැබිනට් අනුමැතිය ලැබී ඇත. 16 July 2024
ආපනශාලා ආහාර මිල අඩු කරයි විදුලි ගාස්තු පහළ දැමීමට සාපේක්ෂව ආපනශාලා ආහාර මිල පහත දැමීමට තීරණය කළ බව සමස්ත ලංකා අවන්හල් සහ ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් මහතා පැවසීය. 16 July 2024
ජල ගාස්තු සූත්‍රයට කැබිනට් අනුමැතිය ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සමාලෝචනය කිරීම පිණිස ගාස්තු ප්‍රතිපත්තිය සහ සුත්‍රය ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 16 July 2024
පනත් දෙකක් ගැන තරඟයක් කැඳවයි රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත් කෙටුම්පත් හා ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් පාසල් සිසුන් දැනුවත් කිරීම සඳහා දීපව්‍යාප්තව පුවත්පත් ලිපි තරගාවලියක් පැවැත්වීමට රජය සැලසුම් කර ඇත. 16 July 2024
චාල්ස් රජු සහ කැමිලා රැජිනගේ ආරක්ෂාවට තර්ජනයක් ඇමෙරිකාවේ නිව්ජර්සි නුවර උත්සවයකට සහභාගී වෙමින් සිටි බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු හිටිහැටියේ එම උත්සවයෙන් ඉවත් කෙරුණි. ඒ, ඔවුන්ගේ ආරක්ෂාවට තර්ජනයක් ඇති බව පවසමිනි. 16 July 2024
මුලතිව් සමූහ මිනි වලේ තෙවැනි අදියරේ කැනීම් අවසන් මුලතිව් කොක්කුතුඩුවායි සමූහ මිණීවලේ තෙවන අදියරේ කැනීම් සිදුකරමින් මිනිස් සිරුරු කොටස් 12 ක් හමුවීමෙන් අනතුරුව එම අදියරේ කැනීම් නවතා දැමූ බවට මුලතිව් අධිකරණ වෛද්‍ය නිලධාරී කනකසභාපති වාසුදේව මහතා පවසා සිටියේය. 16 July 2024
පෙදෙසේ හයකින් රටටම හාල් දෙන වැඩක් අරඹයි මෙරටට අවශ්‍ය සමස්ත සහල් ප්‍රමාණය වී වගා කරන ප්‍රධානතම කෘෂිකාර්මික බල ප්‍රදේශ හයකින් නිෂ්පාදනය කිරීමේ වැඩ පිළිවෙළක් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යංශය විසින් ලබන මහ කන්නයේ සිට ඇරැඹීමට යයි. 16 July 2024
නාන්න ගිහින් දැදුරු ඔයට බිලි හලාවත දැදුරු ඔයේ මිතුරන් හා බිරිය සමඟ දිය නෑමට ගිය තරුණයකු දියෙ ගිලි මරණයට පත්ව ඇති බව හලාවත මුලස්ථාන පොලිසිය කියයි. 16 July 2024
යුනෙස්කෝ අධ්‍යක්ෂකවරිය ශ්‍රී ලංකාවට යුනෙස්කෝ අධ්යක්ෂ ජනරාල් ඕද්රි අසූලේ මහත්මිය ශ්‍රී ලංකාවේ සංචාරයක් සදහා අද(16) අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය . 16 July 2024
අදත් තැන් තැන්වලට තද වැසි සක්‍රීය නිරිත දිග මෝසම් තත්වය හේතුවෙන් දිවයින හරහා දැනට පවතින සුළං තවදුරටත් බලාපොරොත්තුවන බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 16 July 2024
සජිත්ට ජීවිත තර්ජන: වැඩි ආරක්ෂාවක් ඉල්ලයි විපක්ෂ නායක සමග ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාට ජීවිත තර්ජනයක් ඇති බවට විදෙස් බුද්ධි සේවා වාර්තා කර ඇති හෙයින් ඔහුගේ ආරක්ෂාව වැඩි කරන්නැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල සහ විපක්ෂ නායකවරයාගේ ලේකම් නීතිඥ තිසත් විජේගුණවර්ධන යන මහත්වරුන් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවී ඉල්ලීමක් කර ඇත. 16 July 2024
ට්‍රම්ප්ගේ දෙවැනියා ජේ.ඩී. වැන්ස් ඇමෙරිකන් ජනාධිතිවරණයට ඉදිරිපත් වන රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඔහුගේ දෙවැනියා මෙන්ම උප ජනාධිති අපේක්ෂකයා ලෙස ඔහියෝ ජනපද සෙනෙට් සභික ජේ.ඩී. වැන්ස් තෝරා ගත්තේය. 16 July 2024
වෙල්ගමට-රාජිතට කුඩම්මගෙ සැලකිලි ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මෙන්ම කළුතර දිස්ත්‍රික් මන්ත්‍රීවරුන් වන රාජිත සේනාරත්න සහ කුමාර වෙල්ගම යන මහත්වරුන්ද සමගි ජන බලවේගය පක්ෂයේ රැස්වීම් සහ උත්සවවලටත් අනෙකුත් කටයුතුවලටත් සම්බන්ධ කර නොගැනීමට එම පක්ෂය තීරණය කර ඇත. 16 July 2024
මුද්‍රිත විදුලි බිල්පත අනිවාර්යයි පාරිභෝගිකයන් ඉල්ලා සිටින විට මුද්‍රිත විදුලි බිල්පතක් නිකුත් කිරීම අනිවාර්ය බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව ප්‍රකාශ කරයි. 15 July 2024
හිරුණිකාට ඇප දෙනවාද? නැද්ද? : තීන්දුව 22 තරුණයකු කළු පැහැති ඩිෆෙන්ඩර් රථයකින් පැහැර ගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා පහර දීම ඇතුළු චෝදනා 18 කට වරදකරු වී වසර 03 සිර දඬුවම් නියම වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට ඇප ලබා දෙනවාද? නැද්ද ?යන තීන්දුව ලබන 22 වනදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා අද (15) දන්වා සිටියේය. 15 July 2024
කොස්තාපල්ලා හැප්පූ බස් රියදුරා අත්අඩංගුවට මීගොඩ පොලිස් ස්ථානයට අනුයුක්තව රථ වාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් නිළධාරීන් දෙදෙනෙකු යතුරු පැදියක ගමන් කරමින් සිටියදී දික්හැතැප්ම ප්‍රදේශයේ දී අනතුරට ලක් කල පෞද්ගලික බස් රථයක රියදුරු අත් අඩංගුවට ගත් බව මීගොඩ පොලිසිය පවසයි 15 July 2024
ගාල්ල බන්ධානාගරයේ කටයුතු සීමා කරයි ගාල්ල බන්ධනාගාරයේදී පසුගියදා මියගිය රැඳවියා මොලේ උණ රෝගය හේතුවෙන් මියගොස් ඇතැයි පශ්චාත් මරණ පරීක්ෂණයෙන් තහවුරු වීම නිසා එම බන්ධනාගාරයේ කටයුතු සතියක කාලයක් සීමාකිරීමට තීරණය කළ බව බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රකාශක) ගාමිණී බී. දිසානායක මහතා පැවසීය. 15 July 2024
කොල්ලුපිටියේ අනතුරක්: මනාල යුවළට තුවාල මනාල යුවළක් පෙරටු කොට ගත් රථ පෙළක මංගල රථය සහ තවත් මෝටර් රථයක් කොල්ලුපිටිය ගාලු පාරේ පාසල පටුමග ප්‍රදේශයේදී අද (15) අලුයම එකිනෙක ගැටී මාර්ගයේ ගමන් ගත් තවත් යතුරුපැදියක ගැටීමෙන් මනාල යුවල ඇතුළු පස්දෙනෙකු තුවාල ලබා ඇතැයි කොල්ලුපිටිය පොලිසිය කියයි 15 July 2024
දේශපාලනාඥයන්ට පාසල් උත්සව තහනම් විදුහල්පතිවරුන්ගේ වැටුප් වෙනුවට විැසඳුම් දෙන තුරු දේශපාලනාඥයන් සහභාගී වන නිල උත්සවවලට සහභාගී නොවී සිටීමට විදුහල්පති වෘත්තීය සමිති හතක් ඒකමතිකව තීන්දුවක් ගෙන ඇත. 15 July 2024
සැමියාගේ ඝාතනයට බිරිය සොයයි පවුල් ආරවුලක් දුරදිග යාමෙන් බිරිය ඇතුළු පිරිසක් එක්ව කපා කොටා සැමියා ඝාතනය කර ඇතැයි මොරටුව පොිලසිය පවසයි. 15 July 2024
’’පියුමිට අධිකරණයෙන් පොරොන්දුවක් ’’ කෙටි කළක් තුළදී කෝටි ගණනක් මුදල් ඉපවූයේ යැයි කියන නිරූපණ ශිල්පී පියුමී හංසමාලි සැප්තැම්බර් 20 වැනි දින දක්වා අත්අඩංගුවට නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණය හමුවේ පොරොන්දු වෙමින් අද පැවසීය. 15 July 2024
තේ විකුණා තෙල් ණය ගෙවයි ඉරානයෙන් ඉන්ධන ලබා ගැනීම නිසා ගෙවීමට තිබු ණය මුදල් වලින් ඩොලර් මිලියන 60ක් තේ අපනයනය මගින් අද (15) වන විට ගෙවීමට පියවර ගත් බව ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපති නිරාජ් ද මැල් මහතා පැවසීය. 15 July 2024
ගම් උදාවලටත් සින්නක්කර ඔප්පු දිවයින පුරා ඇති සියළුම උදා ගම්මාන වල මෙතෙක් සින්නක්කර ඔප්පු නොලැබුණු 34,000කට හිමිකම් ඔප්පු දෙන බව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති රජීව් සූරියආරච්චි මහතා පැවසීය. 15 July 2024
ඉම්රාන් ඛාන්ගේ පක්ෂය තහනම් කරන්න යයි පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ තාරික් ඊ ඉන්සාෆ් පක්ෂය තහනම් කිරීම එරට රජය තීරණය කර ඇතැයි එරට තොරතුරු අමාත්‍ය අතුල්ලා තරාර් අද (15) පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය. 15 July 2024
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025