ජනපතිවරණයේ බලය හෙට සිට ජන්ද කොමිසම අතේ ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ ඡන්ද විමසීම පැවැත්වීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කිරීමට මැතිවරණ කොමිෂන් සභාවට හෙට (17) සිට බලය පැවරෙන අතර ඉදිරි සති දෙකක කාලය තුළ ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමේ නිල නිවේදනය නිකුත් කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර් එම්.ඒ. එල්. රත්නායක මහතා මැතිවරණ කොමිෂන් සභාවේ පැවැති ප්රවෘත්ති සාකච්ඡාවක දී පැවැසීය 16 July 2024
නිරෝෂන් ප්‍රේමරත්න වාමාංශික පෙරමුණේ නායකත්වයට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි නිරෝෂාන් ප්‍රේමරත්න මහතා වාසුදේව නානායක්කාර මහතා නායකත්වය දැරූ වාමාංශික පෙරමුණේ නව නායකයා වශයෙන් තෝරා පත්කරගෙන තිබේ. 16 July 2024
භාණ්ඩ හා සේවා ගාස්තු 20%කින් අඩු කළ හැකියි විදුලි මිල සංශෝධනය කිරීමට සාපේක්ෂව වෙළඳපළේ ඇති භාණ්ඩ හා සේවා ගාස්තු 20%කින් පමණ අඩු කළ හැකි බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ප්‍රකාශ කළේය. 16 July 2024
සුරක්ෂා රක්ෂණය නැවතත් මේ වන විට අතරමග නතර කර තිබෙන පාසල් සිසුන් සඳහා ක්‍රියාත්මක සුරක්ෂා සිසු රක්ෂණය නැවත ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ. 16 July 2024
කොළඹ මහල් නිවාස 66ක් කොළඹ පැල්පත්වාසීන් වෙනුවන් ඉදිකෙරැණු මහල් නිවාස සංකීර්ණවල නිවාස 66 ක් තවමත් හිස්ව පවතින බව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝප් කමිටුව) තොරතුරු අනාවරණය විය. 16 July 2024
කළමනාකරණ සේවා නිලධාරී කොල්ලුපිටියේ විරෝධයක කළමනාකරණ සේවා නිලධාරීන්ගේ දීර්ඝ කාලයක් තිස්සේ නොවිසඳුණු ගැටළු විසඳාගැනීම වෙනුවෙන් ආරම්භ කළ සටනේ පියරක් ලෙස කළමනාකරණ සේවා නිලධාරීන්ගේ එකමුතුව කොල්ලුපිටිය හන්දියේදී අද (16) දහවල් විරෝධතාවක් පැවැත්වීය. 16 July 2024
IP සමන්ගේ නඩුවකට දින දෙයි සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් සමඟ සම්බන්ධකම් පවත්වන චෝදනා එල්ල වී තිබෙන පොලිස් පරීක්ෂක සමන් ශ්‍රී පද්මලාල් නැමැත්තා ගොනු කර ඇති අපේක්ෂිත ඇප අයැදුම්පත්‍රය අනිද්දා(18) විභාගයට ගැනීමට කොටුව මහේස්ත්‍රාත් තනුජා ජයසිංහ මහත්මිය නියෝග කළේය. 16 July 2024
රනිල්ගේ ගමන හරි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙනයන ආර්ථික වැඩපිළිවෙළ සාර්ථකත්වයට පැමිණ ඇති හෙයින් ඊට සහයෝගය දැක්විය යුතු බව කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර රාජිත සේනාරත්න මහතා පැවසීය. 16 July 2024
දඩ වැඩි වෙයි අපරාධ නඩු විධාන සංග්‍රහය පනතේ දඩ මුදල් වැඩි කිරීමේ සංශෝධන සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 16 July 2024
කොළඹට හෙට ’’රන් දොරක්’’ ඇරෙයි නාගරික සංවර්ධන අධිකාරිය යටතේ ඇති මහල් නිවාස 937 කට හා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය යටතේ ඇති මහල් නිවාස 180 කට හෙට (17) ඔප්පු ප්රදානය කෙරෙයි. 16 July 2024
ප්‍රෙඩීගේ බිරිය දිවි රඟමඬලට සමුදෙයි හාස්‍ය රංගන ශිල්පියෙකු වූ ප්‍රෙඩී සිල්වා මහතාගේ බිරිඳ වන රංගන ශිල්පිනී මානෙල් චන්ද්‍රලතා මහත්මිය පානදුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද උදෑසන (16) අභාවප්‍රාප්ත වූවාය. 16 July 2024
‘ජනවරමක් සහිත රජයකට ප්රගතිශීලී ප්‍රතිචාර දක්වන්න අයි.එම්.එෆ් එකඟ වුණා‘ පැහැදිලි ජනවරමක් සහිත රජයකට ප්රගතිශීලී ප්‍රතිචාර දක්වන්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එකග වී ඇති බැවින් සමගි ජනබලවේග රජයක් තුළ ජනතාවාදී ගිවිසුමකට එළැබෙන බව- විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 16 July 2024
කැකිරාව දොස්තරට මරණ තර්ජන ‘ක්ලබ් වසන්තට කළ දේ උඹටත් කරනවා‘. යැයි පවසා මරණ තර්ජන එල්ල කරමින් කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාට එරෙහිව තර්ජනාත්මක පොස්ටර් ගසා එම කාර්යාලයට කලුතෙල් ප්‍රහාරයක් එල්ලකර ඇතැයි කැකිරාව පොලීසිය කියයි. 16 July 2024
රාජසන්තක ඉඟුරු බෙහෙත් හදන්න මුදා හරී ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය බෙහෙත් ඉඟුරු සපයා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 16 July 2024
දේශීය වෛද්‍ය ජාතික ප්‍රතිපත්තියට කැබිනට් අනුමැතිය ශ්‍රී ලංකාවේ දේශීය වෛද්‍ය ජාතික ප්‍රතිපත්තිය 2024-2034 සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 16 July 2024
රජරට සරසවියෙන් ඖෂධ සබන් කැටයක් අනෙකුත් සබන් වලට වඩා ගුණාත්මක භාවයෙන් ඉහළ බව පැවසෙන පෙරුම්කායන් මිශ්‍ර සබන් කැටයක් රජරට විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර සම්බන්ධීකරණ කාර්යාලය විසින් එම විශ්ව විද්‍යාලයේ සනාතන සභා ශ්‍රවණාගාරයේදී පසුගියදා එළි දක්වනු ලැබීය. 16 July 2024
එතෙර සිසුන්ට උපාධි දෙන්න ආයතන 26කට වරම් උපාධි පිරිනැමීමේ ආයතන වෙත විදේශීය ශිෂ්‍යයින් ඇතුළත් කර ගැනීම සඳහා පහසුකම් සැලසීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 16 July 2024
ව්‍යවස්ථාවෙි සංශෝධිත කෙටුම්පත පාර්ලිමේන්තුවට ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේ පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කිරීමටත් අනතුරුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් කැබිනට් අනුමැතිය ලැබී ඇත. 16 July 2024
ආපනශාලා ආහාර මිල අඩු කරයි විදුලි ගාස්තු පහළ දැමීමට සාපේක්ෂව ආපනශාලා ආහාර මිල පහත දැමීමට තීරණය කළ බව සමස්ත ලංකා අවන්හල් සහ ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් මහතා පැවසීය. 16 July 2024
ජල ගාස්තු සූත්‍රයට කැබිනට් අනුමැතිය ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සමාලෝචනය කිරීම පිණිස ගාස්තු ප්‍රතිපත්තිය සහ සුත්‍රය ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 16 July 2024
පනත් දෙකක් ගැන තරඟයක් කැඳවයි රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත් කෙටුම්පත් හා ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් පාසල් සිසුන් දැනුවත් කිරීම සඳහා දීපව්‍යාප්තව පුවත්පත් ලිපි තරගාවලියක් පැවැත්වීමට රජය සැලසුම් කර ඇත. 16 July 2024
චාල්ස් රජු සහ කැමිලා රැජිනගේ ආරක්ෂාවට තර්ජනයක් ඇමෙරිකාවේ නිව්ජර්සි නුවර උත්සවයකට සහභාගී වෙමින් සිටි බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු හිටිහැටියේ එම උත්සවයෙන් ඉවත් කෙරුණි. ඒ, ඔවුන්ගේ ආරක්ෂාවට තර්ජනයක් ඇති බව පවසමිනි. 16 July 2024
මුලතිව් සමූහ මිනි වලේ තෙවැනි අදියරේ කැනීම් අවසන් මුලතිව් කොක්කුතුඩුවායි සමූහ මිණීවලේ තෙවන අදියරේ කැනීම් සිදුකරමින් මිනිස් සිරුරු කොටස් 12 ක් හමුවීමෙන් අනතුරුව එම අදියරේ කැනීම් නවතා දැමූ බවට මුලතිව් අධිකරණ වෛද්‍ය නිලධාරී කනකසභාපති වාසුදේව මහතා පවසා සිටියේය. 16 July 2024
පෙදෙසේ හයකින් රටටම හාල් දෙන වැඩක් අරඹයි මෙරටට අවශ්‍ය සමස්ත සහල් ප්‍රමාණය වී වගා කරන ප්‍රධානතම කෘෂිකාර්මික බල ප්‍රදේශ හයකින් නිෂ්පාදනය කිරීමේ වැඩ පිළිවෙළක් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යංශය විසින් ලබන මහ කන්නයේ සිට ඇරැඹීමට යයි. 16 July 2024
නාන්න ගිහින් දැදුරු ඔයට බිලි හලාවත දැදුරු ඔයේ මිතුරන් හා බිරිය සමඟ දිය නෑමට ගිය තරුණයකු දියෙ ගිලි මරණයට පත්ව ඇති බව හලාවත මුලස්ථාන පොලිසිය කියයි. 16 July 2024
යුනෙස්කෝ අධ්‍යක්ෂකවරිය ශ්‍රී ලංකාවට යුනෙස්කෝ අධ්යක්ෂ ජනරාල් ඕද්රි අසූලේ මහත්මිය ශ්‍රී ලංකාවේ සංචාරයක් සදහා අද(16) අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය . 16 July 2024
අදත් තැන් තැන්වලට තද වැසි සක්‍රීය නිරිත දිග මෝසම් තත්වය හේතුවෙන් දිවයින හරහා දැනට පවතින සුළං තවදුරටත් බලාපොරොත්තුවන බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 16 July 2024
සජිත්ට ජීවිත තර්ජන: වැඩි ආරක්ෂාවක් ඉල්ලයි විපක්ෂ නායක සමග ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාට ජීවිත තර්ජනයක් ඇති බවට විදෙස් බුද්ධි සේවා වාර්තා කර ඇති හෙයින් ඔහුගේ ආරක්ෂාව වැඩි කරන්නැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල සහ විපක්ෂ නායකවරයාගේ ලේකම් නීතිඥ තිසත් විජේගුණවර්ධන යන මහත්වරුන් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවී ඉල්ලීමක් කර ඇත. 16 July 2024
ට්‍රම්ප්ගේ දෙවැනියා ජේ.ඩී. වැන්ස් ඇමෙරිකන් ජනාධිතිවරණයට ඉදිරිපත් වන රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඔහුගේ දෙවැනියා මෙන්ම උප ජනාධිති අපේක්ෂකයා ලෙස ඔහියෝ ජනපද සෙනෙට් සභික ජේ.ඩී. වැන්ස් තෝරා ගත්තේය. 16 July 2024
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025