
(අංජුල මහික වීරරත්න)
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර රතු කුරුස කමිටුවේ (ICRC) නියෝජිත කණ්ඩායමේ ප්‍රධානී සෙවරින් ෂපාස් මහත්මිය (Ms.Severine Chappaz) අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී අද (25) සිදු විය.
ශ්‍රී ලංකාවේ නව රජය ගෙනයන වැඩපිළිවෙලට ජාත්‍යන්තර රතුකුරුස සංවිධානයේ සහාය ලබාදීමට මෙහිදී අවධානය යොමු විය.
ඒ අනුව අතුරුදහන් වූවන්ගේ කාර්යාලයට අදාල ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට අවශ්‍ය තාක්ෂණික සහාය ලබාදීමටත්, ධාරිතා සංවර්ධනය කිරීමටත් ශ්‍රී ලංකා රතු කුරුස සංවිධානයේ එකඟතාව පළ කෙරිණි.
අතුරුදහන් වූ පුද්ගලයින් සෙවීම සම්බන්ධයෙන් ක්‍රියාත්මක කර ඇති වැඩසටහන් සඳහා මෙවර අයවැයෙන් මුදල් වෙන් කර ඇති බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී කියා සිටියේය.
2025 නොවැම්බර් මස 04
815
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2461
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1771
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රතු කුරුසයෙන් රජයට කොළ එළියක්
රට වැසියා Tuesday, 25 February 2025 01:59 PM
මහින්ද රාජපක්ෂව බලයට ගෙනා කාලයේ ජවිපේ රාජ්‍ය නොවන සංවිධානවලට "ඩොලර් කාක්කන්" කියා චෝදනා කලා. 88-89 කාලයේ රතු කුරුස සංවිධානය ජවිපේ සහෝදරවරු බොහෝ දෙනෙකු ටයර් සෑයෙන් බේරගත්ත - රැඳවුම් කඳවුරු වල හිටිය සහෝදරවරුන් තෙල් බෙහෙත් පවා ගෙන යාමට රතු කරුස සංවිධානය උදව් කළා. කොහොම වුණත් අතුරුදන් වුවන්ගේ පවුල් වලට උපකාර කීරීම ආණ්ඩුවේ යුතු කම.
රුවන් Tuesday, 25 February 2025 05:37 PM
අරංචි විදියට රාජ්‍ය නොවන සංවිධානවලින් සුනාමිය හින්දා ලැබිච්ච ඩොලර් බිලියන ගාණම අතුරුදහන් වුණා නේද? ඒවා ගැන දන්නේ රාජපක්ෂලා විතරයි නේද?