
(අංජුල මහික වීරරත්න)
මාලදිවයින හා ශ්‍රී ලංකාව අතර ඒකාබද්ධ සංචාරක වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට රජයේ අවධානය යොමුව තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ මාලදිවයින් ජනරජයේ මහ කොමසාරිස් මසූඩ් ඉමාඩ් (Masood Imad) මහතා අතර ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (25) පැවැති හමුවේදී මේ පිළිබඳ සාකච්ඡා කෙරිණි.
පසුගිය මැතිවරණවලදී ජනාධිපතිවරයා ප්‍රමුඛ වත්මන් රජය ලබාගත් ජයග්‍රහණ වෙනුවෙන් මෙහිදී මාලදිවයින් ජනරජයේ සුබ පැතුම් එක් කළ මහකොමසාරිස්වරයා මැතිවරණ ජයග්‍රහණයෙන් පසුව රට තුළ සිදුව ඇති නව පරිවර්තන පිළිබඳවද සතුට පළ කළේය.
මාලදිවයින හා ශ්‍රී ලංකාව අතර වසර 60ක දීර්ඝ කාලීන මිත්‍රත්වය ශක්තිමත්ව ඉදිරියටත් පවත්වාගෙන යාම පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි.
දෙරට අතර පවතින සබඳතා තවදුරටත් ශක්තිමත්ව ඉදිරියට ගෙන යෑමට මාලදිවයින දක්වන සුවිශේෂී දායකත්වය පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තම ප්‍රශංසාව පළ කළේය.
ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ, මාලදිවයින් ජනරජයේ විදේශ ලේකම් ෆාතිමත් ඉනායා (Fathimath Inaya), දෙවන ලේකම් අමිනාත් අබ්දුල්ලා ඩිඩී (Aminath Abdulla didi) යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ සංචාරක ව්‍යාපාරයට කරන්න පුළුවන් ලොකුම උදව්ව , පුද්ගලික අංශයට ඕක කරගෙන ආපු ආකාරයෙන්ම කරගෙන යන්න ඉඩ හැරලා ,රජය ඔය ටුවරිස්ට් බෝර්ඩ් එකට නාස්ති කරන්න , නිලධාරීන්ට රට සවාරි ගහන්න දෙන මුදල් ටික ඉතුරු කරගෙන , පොදු ප්‍රවාහනේ වැනි ශ්‍රී ලංකික ජනතාවට සහ සංචාරකයන් අත්‍යවශ්‍ය දෙයකට යොදවන එක , ඔය නිලධාරී ඇවිත් තිබෙන ටිකත් විනාශ කරනවා , පගාව ගන්න ව , ඔය ටුවරිස්ට් බෝර්ඩ් එක තිබෙන නිසානේ හැම මගුලකටම ඕකේ අනුමැතිය ගන්න ඕන , ඕක වහල දමන්න
අපේ රටේ හොඳ කාලය ඇවිල්ලා වගෙයි. අන්න ඒක නියම අදහසක් ජනාධිපතිතුමන් ලංකාව මාලදිවයින දෙකම එකට ප්‍රමෝට් කරලා මාලදිවයිනට අඩු ගාස්තු බෝට්ටු සේවා ගුවන් සේවා අදුන්වලා දුන්නා නම් රටවල් දෙකම එකට ගොඩයන්න පුලුවන්. රස්සා ටිකත් වැඩිවෙයි.
වික්‍රම විදුර මහතාගේ අදහස මමත් අනුමත කරනවා රටවල් 2 අතර නිදහස් වෙළද ගිවිසුමක් අත්සන් කරන්න , අර යුරෝපා සංගමේ වගේ , රටවල් දෙක ගමන් කරන මගීන්ගේ එයාර්පෝර්ට් ටැක්ස් එක අඩු කරන්න, එතකොට අපිට අපේ පලතුරු එළවලු සහ වෙනත් නිෂ්පාදන මලදිවෛන්ට යවන්න පුළුවන් , මලදිවෛනෙන් අපට මත්ස්‍ය නිශ්පාද මිලදී ගන්න පුළුවන් , මේකෙන් මලදිවෛන් ධිවරයට මෙන්ම අපේ ගොවියටත් හොඳ කළ දසාවක් යනවා , අපේ මෙන්ම මලදිවයිනේ පාරිභෝගිකයාට සහන සැලසෙනවා , මෙවැනි දේවල් කරන්න කියල අපි රජයට බල කරන්න ඕනේ