ලොව වැඩිම මෝටර් රථ එකතුවේ හිමිකරු බෲනායි සුල්තාන් හසනාල් බොල්කියා ලොව විශාලතම මෝටර් රථ එකතුවේ හිමිකරු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 04 September 2024
ත්‍රිපුද්ගල අධිකරණය මුදාහල සැකකරුවන් පංච පුද්ගල අධිකරණයෙන් කැඳවයි ජාවාරම් කිරීම සඳහා කුඩු කිලෝ 196ක් ලංකාවට රැගෙන එද්දී 2019 වසරේ උතුරු මුහුදේදී අත්අඩංගුවට ගන්නා ලද කුඩු ජාවාරම්කරුවන් පස්දෙනාට එරෙහිව නඟා තිබු කුඩු ග්‍රෑම් 196 ක් ප්‍රවාහනය කිරීම සහ ජාවාරම් කිරීමේ චෝදනා වලින් නිදොස් කොට නිදහස් කළ විත්තිකරුවන් තිදෙනකු වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පොලිසියට නියෝග කළ ශ්‍රේෂ්ඨාධිකරණ ඒ සඳහා විවෘත වරෙන්තු අද (04) නිකුත් කළේය. 04 September 2024
කොළඹ වරයෙන් හමු වූ මිනිස් ඇටකටු ගොඩ ගැනීමට අවසර වරාය අධිවේගී මාර්ගය ඉදිකිරීම් කටයුතු කිරීමේ දී කොළඹ වරාය පොලිසිය ඉදිරිපිට වට රවුමේ මතු වූ මිනිස් ඇටකටු ගොඩ ගැනීම හෙට (05)වැනි දා ආරම්භ කරන ලෙසට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (04)වැනි දා නියෝග කළේය. 04 September 2024
මන්ත්‍රීවරු අටක් නිමල්ට,දුමින්දට සහ දයාසිරිට එරෙහිව උසාවි යති ජනාධිපති අපේක්ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට හෝ සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීමට නොහැකි බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ප්‍රකාශ කරන්නැයි ඉල්ලා එම පක්ෂයේ ආසන සංවිධායකවරු අට දෙනකු පක්ෂයේ සභාපති හා ලේකම්වරු දෙදෙනාට එරෙහිව කොළඹ දිසා අධිකරණය හමුවේ අද නඩු පැවරීය. 04 September 2024
හෙරොයින් අතුරුදහන් කිරීමට සැකපිට භාණ්ඩ භාරකාරවරයා රිමාන්ඩ් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණ නඩු භාණ්ඩ කාමරයේ ගබඩා කර තිබූ හෙරොයින් කිලෝ 12ක් අතුරුදන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැක කෙරෙන භාණ්ඩ භාරකාරවරයා ලබන 12 දින දක්වා බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (04)වැනි දා නියෝග කළේය. 04 September 2024
ජරාජීරණ වූ පරාජිත අන්ත දුෂිත දේශපාලන හවුල් වලට යන්නේ නැහැ සමගි ජනබලවේගය සහ සමගි ජන සන්ධානය මොනම හේතුවක් නිසාවත් රට විනාශ කරණ කල්ලි එක්ක සහ ජරාජීරණ වූ පරාජිත අන්ත දුෂිත දේශපාලන හවුල් සමග එකතුවෙන්නේ නැති බැව් සමගි ජනබලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද (04)වැනි දා පස්වරුවේ ගාල්ලේ දි පැවසිය. 04 September 2024
සැරයන්ගේ රියේ ගැටුණු මව-දියණිය මරුට එප්පාවල - කැකිරාව බී.213 මාර්ගයේ කටියාව හන්දිය ආසන්නයේ වංගුවක් අසලදී පොලිස් සැරයන්වරයෙකු පැදවූ වෑන් රථයක යතුරු පැදියක් ගැටී අද (4) පස්වරුවේ සිදුවූ රිය අනතුරකින් එම යතුරු පැදියේ ගමන් කල මවක් සහ දියණියක් ජීවිතක්ෂයට පත්ව, කුඩා බිළිඳකු බරපතල තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කල බව එප්පාවල පොලිසිය පවසයි. 04 September 2024
ආර්.එම්.බී ප්‍රධාන පරීක්ෂකවරයා සීමාව පැනලා රියදුරු බලපත්‍ර ලබා ගැනීමේ පරීක්ෂණයට පෙර යතුරුපැදියක් පැද පුහුණුවීමේ චෝදනාව යටතේ පුද්ගලයෙකුගේ යතුරුපැදිය අත්අඩංගුවට ගැනීමෙන් මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පරීක්ෂකවරයා එම පුද්ගලයාගේ මූලික අයිතිවාසිකම් කඩ කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය අද (04) තීන්දු කළේය. 04 September 2024
මුදල් තත්වේ කියන්න මහ බැංකු ලොක්කා මැතිසබයේ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා රටේ ආර්ථික තත්වය පිළිබඳව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් අද (4)දැනුවත් කළේය 04 September 2024
අනුරගේ අත්සන යෙදූ ව්‍යාජ ලිපියක් ගැන අධිකරණයට කරුණු කියයි ජාතික ජනබලවේග පක්ෂය ’’’’කිසිදු ආගමකට ප්‍රමුඛත්වය දෙන්නේ නෑ’’ යනුවෙන් සඳහන් කරමින් ජනාධිපති ධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ අත්සනින් යුතුව ව්‍යාජ ලිපියක් අන්තර්ජාලයේ පළ කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව රහස් පොලිසිය බී වාර්තාවක් ගොනුකරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණි ගමගේ මහතාට කරුණු දක්වමින් අද (04) පැවසීය. 04 September 2024
සජිත්ට අනුර පරාද කරන්න බෑ සජිත් ප්‍රේමදාසට කිසි දිනක අනුර දිසානායක පරාජය කරන්න නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහියංගනයේ දී පැවසීය. 04 September 2024
දහදාහක් නොදුන්නැයි ගෙල සිර කර මරාදාලා රුපියල් දස දහසක් ඉල්ලා එය නොදුන්නැයි උරණ වී හැත්තෑ හය හැවිරිදි කාන්තාවකගේ කරාබු යුගලය කොල්ල කා , ගෙල පාදයෙන් සිරකොට ඝාතනය කළ පුද්ගලයකු අත් අඩංගුවට ගත් බව කොට්ටාව පොලිසිය පවසයි. 04 September 2024
ව්‍යපාරිකයකු මරා දැමුවැයි අයෙක් පෝරකයට කෝටිපති ව්‍යපාරිකයකු පැහැරගෙන ගොස් මෝටර් රථය තුළදීම ගෙල සිර කර මරා ඔහු ලඟ තිබු රුපියල් කෝටි 3 1/2ක මුදල් හා රන් ආභරණ තොගයක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවු පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා මරණ දණ්ඩනය අද (04) නියම කළේය. 04 September 2024
පියුමා යළි රිමාන්ඩ් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගනු ලැබූ දොන් පියුම් හස්තික නොහොත් පියුමාව ලබන 18 වැනිදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය අද (04) නියෝග කළාය. 04 September 2024
බදුල්ලේ පාසල් 13වැනිදා සිට නිවාඩු 2024 ජනාධිපතිවරණය නිමිත්තෙන් බදුල්ලේ පාසල්වලට ලබන 13වන දින සිට නිවාඩු ලබා දෙන බව ඌව පලාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ගාමිණි මහින්දපාල ජෝපියස් මහතා අද (4) පැවසීය. 04 September 2024
ගෙන් ගෙට පෙළපාළිවලට මැකෝ හරස්වෙයි ඡන්ද ප්රචාරක කටයුතු සඳහා ගෙන් ගෙට පෙළපාළිවලින් ගමන් කිරීම වහාම වැළැක්වීමට කටයුතු කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව පොලිසියට අද (4) නියෝග කළේය. 04 September 2024
ත්‍රීරෝද රථ සංගම් හතරක් ජනපති හමු වෙයි ජනාධිපතිවරණයේදී තම පූර්ණ සහාය ස්වාධීන අපේක්ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දෙන බව ප්‍රධාන ත්‍රිරෝද රථ සංගම් හතරක නියෝජිතයෝ ජනපති හමුවී අද ප්‍රකාශ කළහ. 04 September 2024
වාහන පර්මිට් 75,000ක් මග හිරවෙලා රාජ්‍ය නිලධාරීන්ට වාහන ගැනීමට දෙන බලපත්‍ර 75,000ක් පමණ වසර පහක් තිස්සේ සිරවී පවතින බව එක්සත් ජාතික පක්ෂයේ පත්කළ මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (4) පැවසීය. 04 September 2024
’’රටේ සහ ජනතාවගේ යහපතට වැඩ කරනවා’’ භාණ්ඩාගාරයට එන හැම ශතයක්ම රටේ සහ ජනතාවගේ යහපත පිණිස යොදනවා යැයි ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා බදුල්ලේදී පැවසීය. 04 September 2024
කෙහෙළියගේ ඇපෑල සලකා බැලීම කල් යයි මිනිස් භාවිතයට නුසුදුසු හියුමන් ඉමියුනොග්ලොබියුලින් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් දැනට මාලිගාකන්ද මහේත්‍රාත් අධිකරණය මගින් රිමාන්ඞ් භාරයට පත් කර ඇති හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට ඇප ලබාදෙනවාද නැද්ද ය න්න පිළිබඳ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම 4වැනි වරටත් අභියාචනාධිකරණය කල්තැබුවේය. 04 September 2024
ආහාර විසවී 43ක් රෝහලට පාදුක්ක වටරැක ප්‍රදේශයේ පිහිටි විදුලි උපකරණ නිෂ්පාදන ආයතනයකින් අද (04) ලබා දුන් ආහාරයක් අසාත්මික වීමෙන් එහි සේවක සේවිකාවන් හතළිස් තුන් දෙනකු ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කළ බව මීගොඩ පොලිසිය පවසයි. 04 September 2024
මඩේ එරුණු දරුවා මරුට තම පියාගේ වෙළඳසැලේ සිට නිවසට තනිව ගිය බව කියන කුඩා දරුවෙකු නිවස ඉදිරිපිට ජලය පිරී තිබුණු කාණුවක ගිලී මඩේ එරීමෙන් මියගොස් ඇතැයි බටපොල පොලීසිය කියයි. 04 September 2024
කෝටි 47ක් වටිනා කිරිපිටි සත්ත්ව ආහාරවලට විකුණලා නුවරඑළියේ පිහිටි අඹේවෙල කිරි කර්මාන්ත ශාලාව විසින් නිෂ්පාදනය කොට තිබු රුපියල් මිලියන 475.2ක් වටිනා කිරිපිටි කිලෝග්රැම් 720,000ක ප්‍රමාණයක් මිනිස් පාරිභෝජනයට නුසුදුසු බැවින් 2018 වර්ෂයේ සිට 2022 දක්වා අතර කාලය තුලදි සත්ත්ව ආහාර ලෙස අලෙවිකොට ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන් වේ. 04 September 2024
අරුන්දික ස්වාධීන වෙයි තමා මින් ඉදිරියට පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරන බව නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී අද (4) විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය. 04 September 2024
මෝදිට උණුසුම් පිළිගැනීමක් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ බෲනායි සුල්තාන් හසනාල් බොල්කියා අතරේ හමුවක් පැවැත්විණි. 04 September 2024
ආගමික අන්තවාදයට එරෙහි වෙන්න ඕනෑ ආගමික නිදහසට ගරු කරන අතරතුරේ, ආගමික අන්තවාදය පිටුදැකීමට පියවර ගත යුතු යැයි ඉන්දුනීසියාවේ නිල සංචාරයක නියැලෙන ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමා අවධාරණය කර තිබේ. 04 September 2024
අල්ලස් ගත් රිය පුහුණු ආයතන හිමිකරු රිමාන්ඩ් වේරහැර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු කාර්යාලය නිකුත් කරන රියදුරු බලපත් කාඩ් පත කඩිනමින් ලබාදීමට රුපියල් පන්දහසක අල්ලසක් ලබා ගත්තේ යැයි කියන පුද්ගලික රියදුරු පුහුණු ආයතන හිමිකරු ලබන 18 දින දක්වා බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (04) නියෝග කළේය. 04 September 2024
තැපැල් ඡන්දයට ලොකු උනන්දුවක් මෙවර ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු අද (04) සිට ඇරඹුණු බව මැතිවරණ කොමිෂන් සභාව කියයි. 04 September 2024
හොඳ පොල්තෙල් හොයන්න පොල් සංවර්ධන අධිකාරියට බලය දෙයි මෙරට හා ආනයනික පොල්තෙල් සහ අනෙකුත් ඛාද්‍ය තෙල් නිෂ්පාදන නියාමන බලතල පොල් සංවර්ධන අධිකාරියට ලබා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ. 04 September 2024
මිලියන 75 ක දුම්වැටි විනාශයට නීති විරෝධී අන්දමින් මෙරටට ගෙන එමින් තිබිය දී කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකා රේගුව විසින් රාජ සන්තක කරන ලද රුපියල් මිලියන හැත්තෑ පහක් පමණ වටිනා මිලියන තුනක් පමණ වූ දුම් වැටි තොගයක් විනාශ කිරීම සඳහා ශ්‍රී ලංකා දුම්කොල සමාගම වෙත භාර කර ඇතැයි රේගු ආරංචි මාර්ග සඳහන් කරයි 04 September 2024
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025