පළාත් කිහිපයකට විටින් විට වැස්ස උතුරු, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වල විටින් විට වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 19 November 2024
සුජීව සේනසිංහට තර්ජන කළ අංකය ගැන වාර්තාවක් ඉල්ලා නියෝගයක් සුජීව සේනසිංහ මහතාට දුරකතනයෙන් මරණීය තර්ජන එල්ල කළ ඇමතුම ලබාදුන් දුරකතන අංකය පිළිබඳ වාර්තාවක් ලබා ගැනීමට අදාළ දුරකතන සමාගමේ ප්‍රධාන ශාඛාවට කොටුව මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය නියෝගයක් නිකුත් කළාය. 19 November 2024
කැබිනෙට්ටුවේ වත ගොත අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන ,උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය:- කොල්ලුපිටිය බිෂොප් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබූ අමරසූරිය මෙනවිය සමාජ විද්‍යා පිළිබඳ උපාධිය දිල්ලි විශ්ව විද්‍යාලයෙන්ද මානව විද්‍යා හා සංවර්ධන අධ්‍යයන පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධිය ඕස්ට්‍රේයාවේ සිඩ්නි නුවර මැකවරි විශ්ව විද්‍යාලයෙන් ද සමාජ මානව විද්‍යා, අන්තර්ජාතික සෞඛ්‍ය හා සංවර්ධන අධ්‍යයන සම්බන්ධ ආචාර්ය උපාධිය එඩිම්බරෝහි queen margard විශ්ව විද 19 November 2024
පැරදුණු මන්ත්‍රීලා 30ක් මාදිවෙලට ‘ටටා’ කියති පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය. 18 November 2024
රවීගේ නම පිළිගත් ගැසට්ටුව නිකුත් වෙයි නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. 18 November 2024
ජාතික ලැයිස්තු හුටපටේ ගැන තීරණයට ’’සිලින්ඩරේ’’ හෙට රැස්වෙයි එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවරණ කොමිසමට යැවීම සම්බන්ධයෙන් හෙට (19) අවසන් තීරණයක් ගන්නා බව එජාප සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය. 18 November 2024
සිසුවියන්ට හදි කළ ගණිත ගුරා අත්අඩංගුවට බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝජ්‍ය පොලිස්පති කාරයාලය පවසයි. 18 November 2024
අයි.එම්.එෆ් ජනපති හමු වෙයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා සමඟ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම අද (18) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ නව රජයේ අමාත්‍යවරු පිරිසක් හමු විය. 18 November 2024
ජාතික ලැයිස්තුවෙන් කත්‍රිආරච්චි ඉල්ලා හිටපු මන්ත්‍රීවරුන් 56ගෙන් ලියුමක් හිටපු නියෝජ්‍ය ඇමතිවරයකු වන චන්දන කත්‍රිආරච්චි මහතා නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ පක්ෂයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට පත් කරන්නැයි ඉල්ලමින් කොළඹ දිස්ත්‍රික්කයේ හිටපු නාගරික මන්ත්‍රීවරුන් 56 දෙනෙකු පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යවා තිබේ. 18 November 2024
ජනපති ලබන මාසේ ඉන්දියාවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිල සංචාරයක් සඳහා ලබන දෙසැම්බරයේදී ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතය. 18 November 2024
බස්නාහිරට වැඩිම අමාත්‍ය ධුර සංඛ්‍යාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද (18) පත් කරන ලද නව අමාත්‍ය මණ්ඩලයේ වැඩිම අමාත්‍ය ධුර සංඛ්‍යාවක් බස්නාහිර පළාතට හිමිව තිබේ. 18 November 2024
රවි සෙනෙවිරත්නගේ පෙත්සම විසිවෙයි රථවාහන වරදක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අසාධාරණ ලෙස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩ කළ බවට පැමිණිලි කරමින් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රහස් පොලිස් හිටපු අධ්යක්ෂ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න මහතා ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීම ශ්‍රේෂ්ඨාධිකරණය අද (18) ප්‍රතික්ෂේප කළේය. 18 November 2024
‘‘මෙය අසාමාන්‍ය ජනවරමක්‘‘ මහමැතිවරණයේදී උතුරේ ජනතාව ජනතා විමුක්ති පෙරමුණ ප්රමුඛ ජාතික ජන බලවේගයට ඡන්දය දීමෙන් පිළිබිඹු කර තිබෙන්නේ ජාතිවාදයට සේම බෙදුම්වාදයට ද ඔහුන්ගේ තිබෙන අකමැත්ත බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි. 18 November 2024
රට ගොඩගන්න පූර්ණ සහය දෙනවා විවේචන වලින් ඔබ්බට ගොස්, පාර්ලිමේන්තු කමිටුවලට සමගි ජන බලවේගයේ දායකත්වය ලබාදෙමින් රට ගොඩනැගීමට අවශ්‍ය පූර්ණ සහයෝගය ලබාදීමට සමගි ජනබලවේගය කැපවන බව එහි මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම් මරික්කාර් මහතා කොළඹදී පැවසීය. 18 November 2024
පා පුවරුවෙන් වැටී කොන්දොස්තර මරුට ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයේ පාපූරුවෙන් අද (18) අලුයම පිටතට විසි වූ පුද්ගලයන් දෙදෙනෙකුගෙන් කොන්දොස්තරවරයා මිය ගිය බව තලංගම පොලිසිය කියයි. 18 November 2024
බිරිය මරා නැන්දණියටත් පහර දී සැමියාත් මිය යයි මොරගොඩ පොලිස් වසමට අයත් ලබුනෝරුව වන්නම්මඩුව ප්‍රදේශයේදී තියුණු ආයුධකින් පහර දී බිරිය ඝාතනය කළ සැමියගේ සිරුරද නිවසේ කාමරයක එල්ලමෙින් තිබියදී සොයාගත් බව පොලිසිය කියයි. 18 November 2024
බැතිමතුන්ට හිරිහැර වන ලෙස සිඟමනේ ගිය 6ක් අත්අඩංගුවට අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධියට සහ රුවන්වැලි සෑය වැද පුදා ගැනීමට පැමිණෙන දෙස් විදෙස් බැතිමතුන්ට හිංසා පීඩා වන අයුරින් , එම බැතිමතුන්ගෙන් සිඟමින් යදමින් සිටි කාන්තාවන් හය දෙනෙකු අද (18 ) අත්අඩංගුවට ගත් බව උඩමළුව පොලිසිය පවසයි. 18 November 2024
විශ්ව රූ රැජින කිරුළ ඩෙන්මාර්කයට 2024 විශ්ව රූ රැජින කිරුළ දිනා ගැනීමට ඩෙන්මාර්ක සුරූපිනී වික්ටෝරියා ක්ජේර් තේල්විග් සමත් වූවාය. ඒ, මෙවර විශ්ව රූ රැජින තරගාවලියට සහභාගී වූ තරඟකාරියන් 120 දෙනා අභිබවා යමිනි. 18 November 2024
නව කැබිනට්ටුවේ මහාචාර්යවරු පහක් ජාතික ජන බලවේග රජයේ නව කැබිනට් මණ්ඩලයේ මහාචාර්යවරු පහක් සිටිති. 18 November 2024
රත්වත්තේ යුවළ යළි රිමාන්ඩ් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින රත්වත්තේ යුවළ අද (18) යළි නුගේගොඩ ගංගොඩවිල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහන් රත්වත්තේ මහතා ලබන මස 2 දින දක්වාත් ශෂිපබා රත්වත්තේ මහත්මිය මෙම මස 22 වැනි දින දක්වාත් තවදුරටත් රිමාන්ඩ් බන්ධනාගාරයේ තබන ලෙස ප්‍රධාන මහේස්ත්‍රාත් රුවිණි ජයවර්ධන මහත්මිය නියෝග කළාය. 18 November 2024
රවීගේ නම යැවීම අත්තනෝමතික වැඩක් නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවරණ කොමිසමට යවා ඇත්තේ නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ පක්ෂ වල කිසිදු අනුමැතියකින් තොරව අත්නෝමතික ආකාරයකට බව නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම පෙරමුණේ නියෝජිතයන්ට දැනුම් දී ඇත. 18 November 2024
සිලින්ඩරයේ ජාතික ලැයිස්තුවට රවීගේ නම යවයි ගෑස් සිලින්ඩරයෙන් තරඟ වැදුණු නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතා නම් කරන බව එම පක්ෂයේ මහ ලේකම් ශර්මිලා පෙරේරා මහත්මිය මැතිවරණ කොමිසමට ලිඛිතව දැනුම් දී ඇත. 18 November 2024
ඉන්දියාව -කන්කසන්තුරේ මගී නැව් සේවාව තාවකාලිකව නතර කරයි ඉන්දියාවේ නාගපට්මන් හා කන්කසන්තුරේ අතර ක්‍රියාත්මකව පැවති මගී නැව් සේවාව ඊයේ (17) සිට තාවකාලිකව නතර කිරීමට එම නැව් සේවා සමාගම තීරණය කර තිබේ. 18 November 2024
පාස්කු වින්දිතයන්ට වන්දිගෙවූ හැටි අධිකරණය ඉල්ලයි පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය හේතු වෙන් වින්දිතයන් බවට පත්වූ පුද්ගලයන්ට මේ දක්වා වන්දි ගෙවා තිබෙන ආකාරය පිළිබඳ සවිස්තර වාර්තාවක් මීළඟ නඩු දිනයට පෙර අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිවරයාට අද නියෝග කළේය. 18 November 2024
රෝගී තරුණිය අපහරණය කළ සැරයන් අත්අඩංගුවට අවිවාහක රෝගී තත්ත්වයෙන් පෙලෙන තරුණියක් නීත්‍යානුකූල භාරකාරත්වයෙන් අපහරණය කළ පොලිස් සැරයන්වරයකු, ත්‍රී රෝද රථයක් සමඟ අත්අඩංගුවට ගත් බව ගල්කිරියාගම පොලිසිය පවසයි. 18 November 2024
නියෝජ්‍ය අමාත්‍ය දිවුරුම් දීම බ්‍රහස්පතින්දා ජාතික ජන බලවේග රජයේ නියෝජ්‍ය අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම ලබන බ්‍රහස්පතින්දා(21) සිදුකෙරෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි. 18 November 2024
ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් කිරීමට එරෙහිව නියෝගයක් 05 වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම මෙන්ම පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු අත්හිටුවමින් අතුරු තහනම් නියෝග නිකුත් කළ ශ්‍රේෂ්ඨාධිකරණය ශිෂ්‍යත්ව විභාගයේ පළමුවන ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් සඳහා සිය`ථ සිසුන්ට සම්පූර්ණ ලකුණු දීමට බලධාරීන් ගෙන ඇති තීරණය අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක්ද ශ්‍රේෂ්ඨාධිකරණය අද (18) නිකුත් කළේය. 18 November 2024
ව්‍යාජ ටිකට් පෙන්වා මැච් බලන්න ගිය සරසවි සිසුවා මාට්ටු පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී පැවති ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර දෙවන එක්දින ක්‍රිකට් තරගය පැවැත්වෙමින් තිබියදී ව්‍යාජ විද්‍යුත් ටිකට් පතක් ඉදිරිපත් කොට ක්‍රීඩාංගණයට ඇතුළුවීමට උත්සාහ කළ බව කියන විශ්වවිද්‍යාල සිසුවකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. 18 November 2024
මීගමුව පොලීසියේ පාලන අංශ ස්ථානාධිපතිනි අත්අඩංගුවට මීගමුව පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන්ගේ රථවාහන වව්චර්පත් 13 ක් ව්‍යාජ ලෙස අත්සන් යොදා රුපියල් 192,400 ක් වංචා කළ බව කියන මීගමුව පොලිසියේ පාලන අංශයේ ස්ථානාධිපතිනි සැමියාගේ බාල සහෝදරයාගේ නිවෙසේ සැගව සිටියදී ඊයේ (17) අත්අඩංගුවට ගත් බව මීගමුව විශේෂ අපරාධ විමර්ශන අංශය පවසයි. 18 November 2024
ජනපතිට අමාත්‍යාංශ තුනක් අමාත්‍යාංශ තුනක් ජනාධිපති අනුර දිසානායක මහතා යටතට පත් කරගෙන තිබේ. 18 November 2024
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026