හොඳ පොල්තෙල් හොයන්න පොල් සංවර්ධන අධිකාරියට බලය දෙයි මෙරට හා ආනයනික පොල්තෙල් සහ අනෙකුත් ඛාද්‍ය තෙල් නිෂ්පාදන නියාමන බලතල පොල් සංවර්ධන අධිකාරියට ලබා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ. 04 September 2024
මිලියන 75 ක දුම්වැටි විනාශයට නීති විරෝධී අන්දමින් මෙරටට ගෙන එමින් තිබිය දී කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකා රේගුව විසින් රාජ සන්තක කරන ලද රුපියල් මිලියන හැත්තෑ පහක් පමණ වටිනා මිලියන තුනක් පමණ වූ දුම් වැටි තොගයක් විනාශ කිරීම සඳහා ශ්‍රී ලංකා දුම්කොල සමාගම වෙත භාර කර ඇතැයි රේගු ආරංචි මාර්ග සඳහන් කරයි 04 September 2024
ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී ඕස්ට්‍රේලියාවේ අට හැවිරිදි බිලී කැම්බල් නම් පිරිමි දරුවකු තමා පසුගිය ආත්මයේදී බ්‍රිතාන්‍යයේ රාජකීය පවුලේ ඩයනා කුමරිය බවට පවසන්නේ යැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 04 September 2024
විටින් විට තැනින් තැන වැස්ස බස්නාහිර, සබරගමුවසහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළියදිස්ත්‍රික්කවලත්විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 04 September 2024
‘‘සජිත්ට දිනන්න බෑ රට ඉල්ලන වෙනස කරන්නේ මා පමණයි‘‘ රට ඉල්ලන වෙනස කරන්නට හැක්කේ ’’පුළුවන් ශ්‍රී ලංකා’’ ප්‍රතිපත්තියට පමණක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැල්මඩුල්ලේදී පැවසීය. 04 September 2024
‘‘එදා ගෝඨාගේ ජයග්‍රහණයේ කුමන්ත්‍රණකරු රනිල්‘‘ පසුගිය ජනාධිපතිවරණයේ ගෝඨාභය රාජපක්ෂ මහතා දිනවීම සඳහා තම කණ්ඩායමේ සිට රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන කුමන්ත්‍රණයක් සිදුකළ බවත් ගෝඨාභය මහතාගේ ජයග්‍රහණයේ මහ මොළකරු රනිල් වික්‍රමසිංහ බවත් සමඟි ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 04 September 2024
ආදායම් පරීක්ෂකවරු අල්ලස් දැලේ කරච්චි ප්‍රාදේශීය සභාවේ ආදායම් පරීක්ෂකවරු දෙදෙනකු රුපියල් 60000/= ක අල්ලස් මුදලක් ගනිද්දී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කියයි. 04 September 2024
රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා මූලික අයිතිවාසිකම කඩලා නියමිත අවස්ථාවේදී රජය නියමිත තීරණ නොගැනීමෙන් මහජනතාවට බාධාවන් මෙන්ම අසාධාරණ වන බව සඳහන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය රෙජිස්ට්‍රර් ජනරාල් දෙපාර්තමේන්තුවේ ලේඛන සහකරුවන් දෙවැනි ශ්‍රේණියට උසස් කිරීමේ විභාගය නොපැවැත්වීමෙන් රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් සමාන ලෙස සැලකීමේ මූලික අයිතිවාසිකම කඩකර ඇතැයි අද (03) තීන්දු කළේය. 03 September 2024
සල්ලි අරන් නඩුවලට පෙනී නොසිටි නීතිඥයාගේ කෝටි ගලවයි හිමි නමකගෙන් ඉඩම් නඩු දෙකකට පෙනී සිටීම සඳහා රුපියල් ලක්ෂ 44 ක ගාස්තුවක් ලබාගෙන නඩුවලට පෙනී නොසිටීමෙන් නීතිඥවරයා, නීතිඥවරයකුට නුසුදුසු ආකාරයට හැසිරී ඇති බවට තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය නීතීඥ සරත් ඩබ්ලිව් ද සිල්වා මහතා නීතිඥ වෘත්තියෙන් නෙරපා හැරීමට අද (03) නියෝග කළේය. 03 September 2024
මැතිවරණ නීති කැඩුවාට හේතු දක්වන්නැයි ලක්ෂ්මන් යාපාට ලිපියක් දකුණු පළාතේ ආයතන සභාපතිවරුන් දෙදෙනෙකු මැතිවරණ නීති උල්ලංඝනය කරමින් එම තනතුරු වලින් ඉවත් කර ඇතැයි පැමිණිල්ලක් ලැබී ඇති හෙයින් එසේ ඉවත් කිරීමට හේතු දක්වමින් වාර්තාවක් වහාම ලබා දෙන්නැයි මැතිවරණ කොමිෂන් සභාව දකුණු පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාට ලිපියක් යවා ඇත. 03 September 2024
විද්‍යෝදය සාහිත්‍ය සම්මාන විශිෂ්ටයෝ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨය සංවිධානය කළ 2024 විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ප්‍රධාන උත්සවය ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති පත්මලාල් එම් මානගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී සුමංගල ශාලාවේදී අද සවස පැවැත්විණි. 03 September 2024
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නඩු බඩු ගබඩාව පිරික්සයි විවිධ මත්ද්‍රව්‍යයන් ගබඩා කර ඇති කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ ගබඩාව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා පුද්ගලිකවම පරීක්ෂාවට ලක් කළේය. 03 September 2024
කළුතරට ගංවතුර අනතුරු ඇගවීම් පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් කළුතර දිස්ත්‍රික්කයේ හදිසි ගංවතුර අවදානමක් මතු විය හැකි බව ආපද කළමනාකරණ ඒකකය සහ ප්‍රාදේශීය ලේකම්වරුන් ජනතාවට අනතුරු අගවති. 03 September 2024
ත්‍රිවිධ හමුදා මූලික වැටුප් වැඩි කරයි 2025 වසරේ ජනවාරි මස 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය සේවයේ වැටුප් හා දීමනා ඉහළ නැංවීම සඳහා වූ නිර්දේශ ඇතුළත් ජනාධිපති විශේෂඥ කමිටුවේ අවසන් වාර්තාව අනුව ත්‍රිවිධ හමුදාවල සේවය කරනු ලබන සාමාජිකයින්ගේ ද මූලික වැටුප් වැඩි වන බව ජනාධිපති කාර්යාලය පවසයි . 03 September 2024
ජාන සොරකමේ ගිය ඉතාලි ජාතික පිය-පුතුට කෝටි 6ක දඩයක් යාල ජාතික වනෝද්‍යානය ආසන්න රක්ෂිත ප්‍රදේශයක බට් කූරන් ඇතුළු කෘමි සතුන් අල්ලා ඉතාලියට රැගෙන යාමට තැත් කළ ඉතාලි ජාතික පිය පුතු යුවළක් වැරදිකරු කරමින් රුපියල් හය කෝටි එක් ලක්ෂ අසූ දහසක දඩ මුදලක් ගෙවන ලෙස තිස්සමහාරාම මහේස්ත්‍රාත් තරිඳු සමීර ද සිල්වා මහතා අද(03) නියම කළේය. 03 September 2024
දිවා ආහාර සංග්‍රහයකට මැකෝ හරස්වෙයි විවිධ ප්‍රදේශවල සිටින ව්‍යාපාරිකයන් පිරිසක් මහනුවර තරු හෝටලයක දේශපාලන නියෝජිතයින් කිහිප දෙනෙකු හමුවී සාකච්ඡාවක් පවත්වන අතරතුර ඔවුන්ට දිවා ආහාරය ලබාදීමට සැලසුම් කොට තිබියදී එය වැළැක්වීමට මහනුවර මැතිවරණ කාර්යාලයේ නිරීක්ෂණ නිලධාරීන් පිරිසක් කටයුතු කොට තිබේ . 03 September 2024
ඡන්ද වැඩට රජයේ තානායම් තහනම් රජය සහ රාජ්‍ය ආයතන සතු සංචාරක නිවාස, තානායම් සහ නිවාඩු නිකේතන යනාදිය මැතිවරණ ප්රචාරක කටයුතුවල යෙදී සිටින කිසිදු දේශපාලඥයකුට නිලධාරියකුට හෝ වෙනත් පුද්ගලයකුට ඡන්ද කාලයේදී දීමෙන් වළකින ලෙස මැතිවරණ කොමිෂන් සභාව සියලුම ආයතන ප්‍රධානීන්ට විශේෂ නිවේදනයක් යවමින් දැනුම් දී ඇත. 03 September 2024
බොරු වාර්තා දෙන ජනපති අපේක්ෂකයන්ගේ ප්‍රජා අයිතිය වසර 3ක් අහෝසියි ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයකු එක් ඡන්ද දායකයකු වෙනුවෙන් වියදම් කළ හැකි මුදලට වඩා වැඩියෙන් වියදම් කර ඇති බවට අධිකරණ විභාගයකින් පැහැදිලි තොරතුරු අනාවරණය වුවහොත් අදාළ ඡන්ද අපේක්ෂකයාගේ ප්‍රජා අයිතිය වසර තුනකට අහෝසි වන බව මැතිවරණ කොමිසම් සභාව පවසයි. 03 September 2024
කතරගම දේවාලයෙන් හැදූ අපෙක්ෂා රෝහලේ ළමා වාට්ටුව ජනතා අයිතියට ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලය මඟින් ඉදිකළ මහරගම අපේක්ෂා රෝහලේ නව ළමා වාට්ටු සංකීර්ණය අද (03) ෙපෙරවරුවේ විවෘත කෙරිණ. 03 September 2024
පාස්පෝට් පෝලිම තවත් දිගුවෙයි විදේශ ගමන් බලපත්‍ර ගැනීම සඳහා බත්තරමුල්ලේ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාල ඉදිරිපිට දිගු ජනතා පෝලිමක් අද (3) දිනයේ ද දැකගත හැකිවිය. 03 September 2024
ධිවර යාත්‍රාව නැවක හැපි 3ක් අතුරුදහන්: 4ක් බේරා ගැනෙයි ගාල්ල ධිවර වරායෙන් මුහුදු ගිය බහුදින යාත්‍රාවක් නැවක හැපි පෙරලි අද (03) අලුයම අනතුරට ලක්ව ධිවරයින් තිදෙනෙකු අතුරුදහන්ව ඇතැයි වරාය පොලිසිය පවසයි. 03 September 2024
ගුරුවරුන් 7500කට රොබෝලා හදන්න උගන්වයි රොබෝ තාක්ෂණය සහ කෘත්‍රිම බුද්ධිය පිළිබඳව ගුරුවරුන් 7,500ක් පුහුණු කිරීමේ වැඩසටහන සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 03 September 2024
සියලු වගා ණය කපා හරියි ගොවීන් විසින් කෘෂිකාර්මික කටයුතු සඳහා ලබාගෙන ඇති සියලුම වගා ණය වහාම ක්‍රියාත්මක වන පරිදි කපා හැරීමට රජය තීරණය කර තිබේ. 03 September 2024
බිරිය ගෙන්වා දෙන්නැයි සැමියා ගහක නැගලා සිය බිරිද වෙනත් පුද්ගලයෙකු සමඟ පැවති සමීප සබඳතාවක් මුල් කර ගනිමින් තමන් අතහැර ගොස් ඇති බව පවසා පුද්ගලයෙකු අද (03) වවුනියාව මුලස්ථාන පොලීසිය ඉදිරිපිට ගසකට නැගී විරෝධතාවයක නිරත විය. 03 September 2024
ලංකාව - ඔස්ට්‍රියාව බදු ගැන ගිවිසුමකට අත්සන් කරන්න යයි ද්විත්ව බදුකරණය වැළැක්වීම සහ රාජ්‍ය මූල්‍ය පැහැර හැරීම හා මග හැරීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා රජය සහ ඔස්ට්‍රියානු රජය අතර වන සම්මුතිය අත්සන් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 03 September 2024
ජගත් විපක්ෂයේ අසුන් ගනියි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ජගත් කුමාර සුමිත්‍රආරච්චි මහතා පාර්ලිමේන්තුවේදී අද (3) විශේෂ ප්‍රකාශයක් කිරීමෙන් අනතුරුව විපක්ෂයේ අසුන් ගත්තේය. 03 September 2024
අපට ගුවන් ඉන්ධන දෙන්න පිට ගුවන්තොටුපළ 4කට කොන්ත්‍රාත්තු සීමාසහිත ශ්‍රීලංකන් ගුවන් සමාගම සඳහා ගුවන්යානා ඉන්ධන සැපයීමේ කොන්ත්‍රාත්තු පිරිනැමීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 03 September 2024
ලංකාවේ තැන් 20ක සූර්ය බලාගාර හදයි මෙගාවොට් 1 සිට 5 දක්වා වන ධාරිතාවන්ගෙන් යුත් මෙගාවොට් 165 ක මුළු ධාරිතාවකින් සමන්විත භූමිය මත ඉදිකෙරෙන සූර්ය ප්‍රකාශ වෝල්ටීයතා විදුලි බලාගාර ස්ථාපනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 03 September 2024
පුද්ගලයන් ලියාපදිංචි කරන අලුත් පනත පාර්ලිමේන්තුවට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ (සංශෝධන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 03 September 2024
පුංචි ඡන්දෙට අලුතින් නාම යෝජනා කැඳවන්න යයි පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය සහ ඡන්ද අපේක්ෂකත්වය ලැබීමේ අයිතිය අහිමි වී ඇති ඡන්ද දායකයින්ගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා නාම යෝජනා නැවත කැඳවීමට අවශ්‍ය විධිවිධාන සලසා දීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 03 September 2024
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025