ඌව ආණ්ඩුකාර මුසාමිල් ඉල්ලා අස්වේ ඌව පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.ඒම් මුසම්මිල් මහතා පළාත් ආණ්ඩුකාර තනතුරින් ඉල්ලා අස්වන බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පස්වරුවේ ලිඛිතව දැනුම් දුන්නේය. 05 September 2024
මැතිවරණ නීති කැඩූ 28ක් අල්ලයි මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මේවන විට පුද්ගලයන් 28 දෙනකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව ප්‍රජා පොලිස්, සංචාරක, ආයෝජන සහ මැතිවරණ භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංග කරවිට මහතා පැවසීය. 05 September 2024
නාමල්ට එරෙහි නඩුවකට දින දෙයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් සිටියදී අයතා ලෙස උපයාගත්තේ යැයි කියන රුපියල් මිලියන 15ක මුදලක් හෙලෝකෝප් සමාගමේ ආයෝජනය කිරීමෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළ බව පවසමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු පස් දෙනෙකුට එරෙහිව ඉදිරිපත් කර ඇති පැමිණිල්ල පෙබරවාරි 13 වැනි දින යළි කැඳවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (05)නියම කළේය. 05 September 2024
අතේ කෑල්ලක් නාමල්ට අත දෙයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එළඹෙන ජනාධිපතිවරණයේදී නාමල් රාජපක්ෂ මහතාට සහයෝගය දැක්වීම සඳහා අවබෝධතා ගිවිසුමක් අද (5) අත්සන් තැබීය. 05 September 2024
එජාපයට 78යි එක්සත් ජාතික පක්ෂයේ 78 වන සංවත්සරය සමරු උත්සවය පිටකෝට්ටෙි සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී හෙට (6) පෙරවරු 9ට පැවැත්වේ. 05 September 2024
ගෑස්-තෙල් බොරු පෝලිම් හදන්න ගිහින් මාට්ටු මහනුවර කටුගස්තොට පාරේ ඉන්ධන පිරවුම් හලක ව්‍යාජ ලෙස තෙල් සහ ගෑස් පෝලිමක් ඇතිකොට එය වීඩියෝ ගත කිරීමට තැත් කිරීමේදී මැතිවරණ නිරීක්ෂණ නිලධාරීන් සහ පොලිසිය එක්ව එය වහාම නතර කිරීමට පියවර ගෙන තිබේ . 05 September 2024
උද්දිකගේ රථයට වෙඩි තැබූ සිද්ධියේ සහකාර පොලිස් අධිකාරී අල්ලයි රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින සහකාර පොලිස් අධිකාරී සංජීව මහානාම මහතා අද (5) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් හෝකන්දර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබීය. 05 September 2024
’’පාලකයෝ ජනතාව අසීරුවට පත් කරලා’’ මෙරට දේශපාලන අස්ථාරත්වය ජනතාවගේ ජන ජීවිත අසීරු තැනකට තල්ලු කර ඇතැයිපාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා කොළඹදී අද පැවසීය. 05 September 2024
මුදවාගත් ධීවරයින් ගාලු වරායට ගාල්ලට නිරිත දෙසින් ගැඹුරු මුහුදේදී විදේශීය නෞකාවක හැපීමෙන් අනතුරට පත් නිහතමානී 1 නැමැති බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් හත්දෙනාගෙන් වෙනත් බහුදින ධීවර යාත්‍රාවක් මගින් මුදවා ගත් ධීවරයින් සිව්දෙනා ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් ගජබාහු නෞකාව විසින් අද (05)වැනි දා ගාලු වරාය වෙත රැගෙන ආවේය. 05 September 2024
රජයේ වෛද්‍ය නිලධාරීන් සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට විරෝධයේ බලධාරීන් සෞඛ්‍ය වෘත්තිය සමිති මර්ධනය කිරීමට කරන උත්සහයට විරෝධය දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට අද (05)වැනි දා දහවල් විරෝධතාවක් පැවැත්වීය. 05 September 2024
වැලි ඡාවාරමක් නවත්වන්නැයි ජල ටැංකියකට නඟියි වැලිකන්ද මහවැව ප්‍රදේශයේ කළුදියවැව ආසන්නයේ පස් සෝදා ක්‍රියාත්මක කරන වැලි ලබාගැනීමේ ව්‍යාපෘතියෙන් මඩ සියල්ල එම වැවට මිශ්රවීම හේතුවෙන් පවුල් 500කට පමණ මඩවතුර බීමට සිදුව ඇති බවට පවසා විරෝධය පළ කරමින් මනම්පිටිය නැගෙනහිර මහවැව ගම්මානයේ පුද්ගලයෙකු අඩි සියයක් පමණ උසැති ජල ටැංකියකට නැගි මාරාන්තික උපවාසයක් ආරම්භ කර ඇත. 05 September 2024
’’අපි ඉතාමත් සැලසුම් සහගතවයි මේ ගමන ආවේ’’ ජාතික ජනබලවේගයේ අපි ඉතාමත් සැලසුම් සහගතවයි මේ ගමන ආවේ. ගිය ජනාධිපතිවරණේ ඡන්ද ප්‍රතිඵල දිහා බැලුවොත් කවුරුවත් විශ්වාස කරන්නේ නැහැ. මේ ජනාධිපතිවරණ ඡන්දෙ දී අපි දිනයි කියලා. අපි සැලසුම් සහගතව පියවරෙන් පියවර ඇවිල්ලා මේ ජනාධිපතිවරණ ඡන්දෙ දී ජයග්‍රහණය කරන බලවේගය බවට අද ජාතික ජනබලවේගය පත්වෙලා තිබෙනවා. ඒක හාස්කමක් නෙමේද. ඒක විශාල පරිවර්තනයක්. අන්න ඒ වගේම අපි ඔබට සහතිකවෙනවා. මේ හැම අතින්ම කඩා වැටිල තිබෙන රටත්, පියවරෙන් පියවර ජාතික ජනබලවේගය මේ රට සමෘද්ධිමත 05 September 2024
දයාසිරිට වාරණයක් පාර්ලිමේන්තු මන්ත්‍රී වේලු කුමාර් මහතා සම්බන්ධයෙන් අපහාසාත්මක හා අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය හරහා ප්‍රසිද්ධියට පත් කිරීම වළක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාට වාරණ නියෝගයක් කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන්විතාන මහතා අද(05) නිකුත් කළේය. 05 September 2024
තුටු පඬුරක් ගත් බලංගොඩ බස් නැවතුමේ ස්ථානාධිපති රිමාන්ඩ් ගල්ලෙන කන්ද - බලන්ගොඩ මාර්ගයේ බස් ධාවන බලපත්‍රයේ කාල සටහන වෙනස් කර දීම සඳහා රුපියල් 60000 තුටු පඬුරක් ලබා ගත්තේ යැයි කියන බලංගොඩ බස් නැවතුම්පොළේ ස්ථානාධිපතිවරයා ලබන 13 දින දක්වා බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (05)නියෝග කළේය. 05 September 2024
මහා පරිමාණ මුදල් වංචා කළ චීන ජාතිකයෙකු පිටුවහල් කරයි චීනය තුළ එරට මුදල් ඒකකය වන යු ආන් මුදල් මහා පරිමාණයෙන් වංචා කර ජාත්‍යන්තර පොලිසියෙන් නිල් වරෙන්තු ලක්වී සිටි , චීන ජාතිකයෙකු කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් පිටුවහල් කර තිබේ . 05 September 2024
’’දූෂිත දේශපාලන හවුල් සමග එකතු වෙන්නෑ’’ සමගි ජන බලවේගය හා එක්සත් ජාතික පක්ෂය එකට එකතු වෙන බවට සමාජ මාධ්‍ය හරහා ව්‍යාජ පුවත් මවන බවත් ජනතාව සමග හැර ජරාජීරණ අන්ත දූෂිත දේශපාලන හවුල් සමග එක්වීමක් සමගි ජන බලවේගයට නොමැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ගාල්ලේදී පැවසීය. 05 September 2024
මොරටුමුල්ල පොලිසියේදී පහර කෑ අයෙකු ජාතික රෝහලට මාරුකරයි මොරටුමුල්ල පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු පිරිසක් පහර දුන්නේ යැයි කියන සිද්ධියක් හේතුවෙන් පානදුර මූලික රෝහලට ඇතුළත්ව සිටි පුද්ගලයා කොළඹ ජාතික රෝහලට මාරු කළ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. 05 September 2024
ප්‍රචාරය අවසන් කිරීමට අනුරගෙන් රැළි තුනක් ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ මැතිවරණ ප්රචාරක කටයුතු අවසන් කරමින් ගම්පහ, කළුතර සහ නුගේගොඩ යන නගර තුනේ ප්‍රධාන රැළි තුනක් පැවැත්වීමට සැළසුම් කර ඇති බව එම පක්ෂය පැවසීය. 05 September 2024
නොර්වුඩ් වතු යායක සිසුන් හතරක් අතුරුදන් නොර්වුඩ් වෙන්චර් ශා/ජෝන් ඩිලරි වතුයායේ පදිංචි පාසල් සිසුන් හතර දෙනකු අතුරුදන් වීමක් සම්බන්දයෙන් පැමිණිල්ලක් ලැබී ඇතැයි නෝර්වුඩ් පොලීසිය කියයි. 05 September 2024
’’පොදු ජන එක්සත් නිදහස් පෙරමුණ’’ එළිදකියි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ නායකත්වයෙන් පිහිටුවන ලැබූ පොදු ජන එක්සත් නිදහස් පෙරමුණ එළිදැක්වීම මීට සුළු මොහොතකට පෙර සිදුකෙරිණි. 05 September 2024
පැටවුන් 10,000 කට පියෙකු වූ කිඹුල් තඩියා ලොව වයස්ගතම කිඹුලා වන වසර 123 ක් වයසැති හෙන්රි මේ වනවිට කිඹුල් පැටවූ 10,000 කට පියෙකුවී ඇති බවත් කිඹුලියන් සය දෙනකුට සැමියෙකුවී ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එසේම හෙන්රි ලොව වයස්ගතම උරගයා වන බවද පැවැසෙයි. 05 September 2024
දක්ෂිණ අධිවේගය පින්නදූවෙන් අවහිරවෙයි දක්ෂිණ අධිවේගි මාර්ගයේ පින්නදුව පිවිසුම අසලදි අද (05) උදැසන ලොරියක් පාරමැද පෙරලි යාමනිසා කොළඹ දෙස සිට මාතර දෙසට ගමනා ගමනයට බාධා පැමිණ ඇතැයි පින්නදුව පොලිස් මුර පොල පවසයි. 05 September 2024
ඇමෙරිකාවේ පාසලක වෙඩි තැබීමකින් 4 ක් මරුට ඇමෙරිකාවේ ජෝර්ජියා ජනපදයේ, බරෝ ප්‍රාන්තයේ, වින්ඩර් නගරයේ පාසලක සිදුවුණු වෙඩි තැබීමකින්, 4 දෙනෙක් ජීවිතක්ෂය පත්වූහ. තවත් 9 දෙනකු වෙඩි වැදී තුවාල ලබා කඩිනමින් රෝහල් ගත කෙරුණි. 05 September 2024
‘පරණ බෙරේ ගහන අයගෙන් දැන් වැඩක් නෑ‘ මාලිමාවෙි සහ සජබ ප්‍රතිපත්ති ප්‍රකාශ වලින් ආහාර සුරක්ෂිතභාවය ගැන කතා කළත් එයින් ජනතාවගේ ආදායම වැඩි වන ආකාරය ගැන කතා කර නැතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහියංගනයේ දී පැවසීය. 05 September 2024
බෝර දමන්නා ගලක් වැදී මරුට මීපේ දෙකඳුවල පාර ප්‍රදේශයේ ගල්කොරියක අඩි හතලිස් පහක පමණ උසක සිට බිමට පතිත වූ ගලක කොටසක් බිම වැඩ කරමින් සිටි දෙදෙනෙකුගේ සිරුරේ ගැටී සිදු වූ අනතුරින් බරපතල තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුලත් කළ එක් පුද්ගලයකු මියගොස් ඇතැයි පාදුක්ක පොලිසිය පවසයි. 05 September 2024
රිෂාඩ්ගේ-දිගම්බරම්ගේ ගෝල පිරිසක් රනිල්ට රිෂාඩ් බදියුදීන් මහතාගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ වයඹ පළාත් සභාවේ හිටපු මන්ත්‍රී සෙයිනුල් ආබ්දීන් එහියා මහතා ඇතුළු පළාත් පාලන ආයතන රැසක මහජන නියෝජිතයෝ සහ ක්‍රියාකාරීහු පිරිසක් කොළඹ මල්පාරේ පිහිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන කාර්යාලය වෙත පැමිණ ජනපතිට සහාය පළ කළහ. 05 September 2024
වෙඩි පහරින් ඇත් පැටවා මරුට මොරගහකන්ද ජලාශයට ආසන්නව ගිරිතලේ - ඇළහැර අභයභූමියේ සැරිසරමින් සිටි ඇත් පැටවකු දඩයක්කරුවෙකුගේ වෙඩි පහර කිහිපයකින් මියගොස් ඇතැයි ඇළහැර වනජීවී කාර්යාලය සඳහන් කරයි. 05 September 2024
හතලිස් තුනේ කත බෝඩිං කාමරයේදී මරදාලා සිදුව අමන්දොළුව ප්‍රදේශයේ බෝඩිං කාමරයක සිටි කාන්තාවක තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇතැයි සීදූව පොලිසිය පවසයි. 05 September 2024
අදත් පළාත් කීපයකට තදින් වැස්ස බස්නාහිර,සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල,මාතර,මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලටත් විටින විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 05 September 2024
ග්රහකයක් පිලිපීනය අසල දූපතකට කඩා වැටේ මීටරයක් පළලැති ග්රහකයක් මීට පැය කීපයකට පෙර පෘථිවියට කඩා වැටුණු බව ඇමෙරිකාවේ නාසා ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. 05 September 2024
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025