
(අංජුල මහික වීරරත්න)
පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු හෝ මහ මොළ කරුවන් ,හෙළිකිරීමේ වගකීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ උසාවියට බාර කරමු යැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අද පැවසීය.
පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු අප්‍රේල් 21 දාට පෙර හෙළි කරන බවට ජනාධිපතිවරයා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍යවේදීන් කළ විමසුමකට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා මේ බව කීය.
" පරීක්ෂණ නිසි පරිදි සිදුවෙනවා.ඒකට දින වකවානු හරියට කියන්න බෑ. අපි වැඩ කරන්නේ ජනවරම අනුව.මේ කුමන්ත්‍රණයට නියමයෙන් හෝ අනියමින් සම්බන්ධ අයගේ කලබලයට ආණ්ඩුව කලබල වෙන්නේ නෑ.ගම්මන්පිල පන්නයේ කලබල වීම් ඉදිරියට තව ඕන තරම් වේවි. නමුත් ඒ කලබල වීම් ආණ්ඩුව ගණන් ගන්නේ නෑ.විමර්ශන හරියට වෙනවා.
පාස්කු ප්‍රහාරය ගැන විමර්ශන කටයුත්ත අතිශය සංකීර්ණ වැඩක්.ඊට අදාල තොරතුරු මේ වන විට හෙළිදරව් වෙමින් පවතිනවා යනුවෙන්ද අමාත්‍යවරයා කීය.
COMMENTS
උසාවියේ මහ මොලකරු කවුද කියලා තීරණය කරන්න නඩු පවරලා සැකකරුවන් උසාවියට ඉස්සෙල්ලා ඉදිරිපත් කරන්න ඕනෑ නේ ඇමැති තුමෝ... කවුද සැකකාරයෝ?
මේකට සම්බන්ධ එකාම ලංකාවේ සංවිධාන ජේවිපි
අපෝ එහෙම කරන්න එපා. අර යකා උසාවි තීන්දුවත් පිලිනොගත්තොත් උසාවියට අපහාස කරලා හිරේට ගිය ලෝකයේ ප්‍රථම අහවලා වෙනවා.
ලොක්කා එකක්. ප්‍රකාශක තව එකක්. ඇමති වෙන එකක්. ගෝලයෝ ටික් වෙනස්ම එකක්. සන්තෝසයි ගොඩක්.
සමහර විට පොහොට්ටුව වෙන්නත් ඉඩ ඇත.
බොරුවේ උපත.
විපක්ෂයේ ඉන්නකොට දෙසාපු බණ ආණ්ඩු බලය ගත්තාම අමතක වෙන ලෙඩේ මාලිමාවුන්ටත් තියෙනවා. ඒ කාලේ කිව්වේ පැය24 එළිදරවු කරනවා. ආදී වශයෙන්. එත් එහෙම එළිදරවු කරන්න තරම් දෙයක් තිබෙනවා නම් ඕක ගැන එළිදරවු කරන්නේ ඇමෙරිකාන් උසාවිය, එත් ඔවුනුත් මේක අයිඑස් පිස්සන්ගේ වැඩක් කියල කිව්වා. නමුත් දේශපාලන වාසි තකා අපේ දේශපාලකයෝ සැබෑ ත්‍රස්තවාදීනට වැරැද්ද පවරනවා වෙනුවට විරුද්ධවාදීන්ට එරෙහිව කටයුතු කරන්න ආයුධයක් කරගෙන. එත් ප්‍රමාණවත් සාක්‍ෂි නැති නිසා පරණ නීති(ඔවුන්ම විරුද්ධ වුනු) පාවිච්චි කරලා පරීක්‍ෂණ පැවැත්වීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරනවා. අපි ඒ තරම් බූරුවෝ නෙවෙයි මේ දෙය තේරුම් නොගන්න, නමුත් වහල්ලුත් බූරුවොත් ඇති සත්‍යය තේරුම් නොගන්න,
ගම්මන්පිල ගියේ එයාගේ උවමානාවට නෙමේ . රනිල්ගේ පනිවුඩයක් අරන්. දක්කෙත් නෑ දන්නෙත් නෑ වගේ කට පියාගෙන හිටු කියන්න.
ඔක්කොම කතා ව්ලෙආ එකක් කියහල්ලකෝ
කලින් කිව්වේ වෙන කතාවක් .ලැජ්ජාවක් නැද්ද