
(යොහාන් භාසුර)
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්ළි බව හිටපු රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා අද (21) පැවසීය.
බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිටිහි ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද (21) පැවති මාධ්‍ය හමුවේදී ඉන්දික අනුරුද්ධ මහතා එසේ පැවසීය.
පාස්කු බෝම්බ ප්‍රහාරයේ මහ මොළකරු අප්‍රේල් 21 වැනිදාට කළින් හෙළිකරන්නේ යැයි ජනාධිපතිවරයා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ බවත් එම ප්‍රකාශය මත ජනාධිපතිවරයා විශේෂ හෙළිදර්වක් කරමින් ප්‍රහාරයේ වින්දිතයින්ට සාධාරණයක් ඉටුකරනු ඇතැයි බොහෝ දෙනෙක් විශ්වාස කළ බවත් අනුරුද්ධ මහතා කීය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ‘පාස්කු’ ප්‍රහාරය හරහා බලය ගත් බවට ද වර්තමාන ආණ්ඩුව චෝදනා කරන බව කී ඉන්දික අනුරුද්ධ මහතා එවැනි චෝදනා කර විශාලා ඝෝෂාවක් නගලා වර්තමාන ආණ්ඩුව එය හොයලා පැය ගාණකින් වැරදිකරුවන් අත්අඩංගුවට ගෙන නීතිය ඉදිරියට ගේනවා යැයි පම්පෝරි ගසමින් ආණ්ඩු බලය ලබාගත් බව ද සඳහන් කළේය.
ක්‍නාධිපතිවරයා පොරොන්දු කඩකිරීමෙන් කතෝලික සභාව, කාදිනල්තුමාට, කතෝලික ජනතාවට මෙන්ම ඒ අගතියට පත්වූ වින්දිතයින්ට දැඩි අසාධාරණයක් කළ බවත් ජනාධිපතිවරණයේදී වේදිකාවක් වේදිකාවක් ගානේ පාස්කු ප්‍රහාරය මතක් කර අහිංසක මිනිස්සුන්ගේ තුවාල පෑරවූ බවත් ඔහු කීය.
ඉන්පසු මහා මැතිවරණයෙදි නැවත නැවතත් පල්ලියේ අල්තාරයේ පියතුමන්ලා ලව්වා මාලිමාවට ඡන්දය දෙන ලෙස කියවාගැනීමට අනුර කුමාර ජනාධිපතිතුමා පාස්කු වින්දියින්ට සාධාරණයක් කරන්නේ යැයි පැවසූ බවත් එසේ ප්‍රකාශ කළ ජනාධිප‘තිවරයා මාස හයකින් පසුව ජනාධිපති කොමිෂන් වාර්තාව සීඅයිඩියට භාරදුන්නේ යැයි ප්‍රකාශ කළ බවත් ඉන්දික අනුරුද්ධ මහතා සඳහන් කළේය.
කොමිසමේ නිර්දේශ වෙනුවෙන් ජනාධිපතිතුමා කිසිදු සාධනීය උත්තරයක් නොමැතිව නීතියක් ක්‍රියාත්මක නොකළේ ඇයි දැයි ගැටලුව මතුවන බව කී ඉන්දික අනුරුද්ධ මහතා පැවසුවේ ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව පාස්කු ප්‍රහාරයට ඉදිරියෙන් තබාගෙන පළාත් පාලන මැතිවරණයේ ඡන්ද සොයනවාද යන සැකය මතුවන බවත්ය.
රාජපක්‍ෂ කඳවුර පාස්කු ප්‍රහාරය කළේ යැයි කියවා ගැනීම ආණ්ඩුවේ උත්සහ බවට පත්ව ඇති බවත් ජනාධිපතිතුමාට රාජපක්‍ෂලා සමඟ ඇති පෞද්ගලික තරහා කදිනල්තුමා ලවා, කතෝලික ජනතාව ලවා ඉස්මතු කරගන්න හදනවා නම් එය කෙනාකරන ලෙස ඉල්ලා සිටින බවත් ඉන්දික අනුරුද්ධ මහතා වැඩි දුරටත් පැවසීය.
COMMENTS
මේ හැම එකටම අවුරුදු 5ක් ඉන්න වුණා. මේ දවස් ටික තමයි ඉන්න අමාරු වෙලා තියෙන්නේ. හාමුලා රැකගන්න මේ අය නහින නැහිල්ලක්.
ලංකාවේ මහ පොළොවවත් විකුණන් කාපු කට්ට හොරෙක් කියනවා මාලිමා ආන්ඩුවව ජනතාවට බොරු කිව්වාලු. මේ තවත් දේශපාලන අනාථයෙක්. මොවුන් තාම ජීවත් වෙනවානේ අම්මපා...!
තමුන්ලා බලයේ හිටපු කාලේ දූෂිත පවුල් පාලනේ අය කොයිතරම් බොරු කියලා ජනතාව රැවට්ටුවාද? ජනාධිපතිලා තුන් දෙන්නෙක් ඉන්දළත් කෙරුවේ පාස්කු ප්‍රහාරයට ගහපු එක ගෝඨා බලයට ආවේ ආරක්ෂාවට වගකියන නායකයෙක් කියලා. ඒ ගැන නම් කියලා වැඩක්ම නැහැ. අවුරුදු 6 ක් යනකම් කරපු දෙයක් නැහැ.
අපෝයි ඔව්. ඔහෙලා බලයේ ඉන්නකම් රටට බොරුව කළේ නෑ නේ. පල යන්ඩ පච නොවී
බොරු නොකියපු දේශපාලනයක් ඇවිත් නම කියන්න. ඉතිරි හරිය අපි කියන්නම්.
එහෙම 21 වෙනකොට කියනවා කියල කිව්වා තමයි. අපි කියන දේ අහන අය දැනගන්න ඕනෑ දෙකෙන් දහයෙන් බෙදලා බාරගන්න. උගන්ඩා කුමාරි සහෝදරී කිව්වා ප්‍රසිද්ධියේ බොරු කියන්න පුළුවන් වගේ කතාවක්. ඒ කියලත් තාම බොරු ගිලින අය ඉන්නවනම් අපිට කරන්න දෙයක් නැහැ.
හැමදේම ඍණාත්මකව හිතනවට වඩා අපේ මාතෘ භූමිය දියුණු කරන්න කියලා කියන්න දෙයක් ඔයාට නෑ. ඔයාලා ලෝකයේ ඍණාත්මකව හිතන අය.
මන්නාරමේ ඛනිජ තෙල් තියෙනවා කීවෙත් තොපේ මහ එකා නෙ.
අන්න ඇමරිකන් FBI එකෙන් හෙළි කර මාලිමාව හෙළු කර ඇත.
" පස් කුන්ඩෝ " උඹලාගේ කාලේ ඉවරයි !!! දැන් ඇවිත් තිබෙන්නේ උඹලා කරපු හොරකම්,ජඩකම්,වල්කම් , මිනීමැරුම් ..හොයන, දඬුවම්දෙන වාසනාවන්ත යුගයක්. හිරේ යන්න ලැහැස්තිවෙලා ඉඳපන් පුතෝ..
අමුතුවෙන් කියලා හෙළිකරන්ඩ දෙයක් නැහැ.පාස්කු ප්‍රහාරය එල්ලවන තැනට වැඩ සිද්ද කරලා බලයට ආවේ බලලෝබී බඩගෝස්තරවාදී දූෂිත පවුල් පාලනේ උන් බව ලෝකෙම දන්නවා .