
(අංජුල මහික වීරරත්න)
"ඔබට ගෙයක් - රටට හෙටක්" නිවාස වැඩසටහන යටතේ නිවාස ඒකකයක් සඳහා ලබා දෙන ආධාර මුදල වැඩි කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
දිළිඳු හෝ අඩු ආදායම් ලාභීන්ගේ නිවාස ගැටලුව සහ ඒ හා බැඳි දරිද්‍රතාව අඩු කිරීම අරමුණු කර ගනිමින් "ඔබට ගෙයක් - රටට හෙටක්" නිවාස වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි. එම වැඩසටහන යටතේ සෑම ග්‍රාම නිලධාරී වසමකම දිළිඳු හෝ අඩු ආදායම් ලාභී එක් පවුලක් ප්‍රමුඛතාව මත හඳුනා ගෙන නිවසක් ඉදිකිරීම, වැඩි දියුණු කිරීම පිණිස ඉදිකිරීමේ ප්‍රගතිය මත පදනම්ව ආධාර මුදලක් පිරිනමනු ලබයි.
තෝරාගනු ලබන ප්‍රතිලාභියා විසින් අවම වශයෙන් වර්ග අඩි 550ක නිවසක් ඉදි කළ යුතු අතර, ඒ සඳහා රජය විසින් ලබා දෙන රුපියල් 650,000 ක ආධාර මුදලට අමතරව ඉතිරි මුදල අදාළ ප්‍රතිලාභියා විසින් දැරිය යුතු වේ. වැඩසටහන ආරම්භයේදී එක් නිවසක ඇස්තමේන්තුගත පිරිවැය රුපියල් 1,147,000 ක් වූ නමුත් මේ වන විට එම පිරිවැය රුපියල් 1,764,000 ක් දක්වා වැඩි වී ඇත.
රජයේ ආධාර මුදලට අතිරේකව ඉතිරි මුදල දැරීමට තෝරාගනු ලබන ප්‍රතිලාභීන්ගේ ආර්ථික තත්ත්වය අනුව හැකියාවක් නොමැති බැවින් දැනට නිවාස ඒකකයක් සඳහා ලබා දෙන රුපියල් 650,000 ක් වන රජයේ ආධාර මුදල රුපියල් 1,000,000 ක් දක්වා වැඩි කිරීම පිණිස නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
COMMENTS
වැඩේ නම් හොඳයි හැබැයි මේ චන්දයක් ඔන්න මෙන්න තියෙද්දි ඔහොම දෙනවා කියන එක ඡන්ද අල්ලස් ගනයට වැටෙන්නේ නැද්ද මැතිවරණ කොමසාරිස්තුමනි?
බැලූබැල්මට වැඩේ හොඳ උනාට, වටහාගන්න ඕන දේ තමා, කිසිම දෙයක් නොමිළේ නොලැබෙන බව. ඔය සහනාධාර වලට ගෙවන්නේ සමස්ථ ශ්‍රී ලාංකිකයින්. ආබාධ සහිත, වයස්ගත අයට කමක් නැති වුනත්, අනෙක් අයට සහනාධාර නොව, වැටුප් ලෙස සංශෝධනය විය යුතුයි. සල්ලි දෙන්න නම් වැඩක් ගත යුතුයි. ඔය සංචාර යන අතරතුර ඒ ඒ රටවල කටයුතු කෙරෙන ආකාරයත් බලන්න.