IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


වෙඩික්කරුගේ කුරුමානම වැරදී පැන යද්දී පාදයක් බිදෙයි

(ගයාන් සූරියආරච්චි සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

කටුනායක, ආඩිඅම්බලම, දැවමොට්ටාව ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු එල්ල කර වෙඩි තැබුවත් එය ව්‍යර්ථවීමත් සමග තාප්පයකින් පැන යාමට උත්සහ කරද්දී ඉන් ඇද වැටී එක් අයකුගේ පාදයක් බීදීම නිසා අල්ලා ගත් බව පොලිසිය කියයි.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනකු ගිනි අවි දෙකක් රැගෙන ව්‍යාපාරිකයාගේ  නිවසකට ඇතුළු වී වෙඩිතැබා ඇතත් එය ක්‍රියාත්මක වී නොමැත.  

එහිදී ගිනි අවිය ක්‍රියාවිරහිත වී ඇත. 

ඒ සමග වෙඩික්කරුවන් පුද්ගලයන් දෙදෙනා තාප්පයකින් පැන පලායාමට උත්සාහ දරා ඇතැයි පොලිසිය කියයි.

ඒ අවස්ථාවේ වෙඩික්කරුවකු ඇදවැටී කකුල් දෙකට දැඩි හානි සිදුව තිබේ.

පොලීසිය පැවසුවේ එම අවස්ථාවේ දී සැකකරු අත තිබූ ගිනි අවියෙන් අහසට වෙඩිතබා ඇති අතර, එවිට ප්‍රදේශවාසීන් එම ස්ථානයට රැස්ව ඇති බවය.

කෙසේවෙතත් මේ වනවිට වෙඩිතැබීමට පැමිණි එම පුද්ගලයා පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිස් ආරක්ෂාව යටතේ මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබන බව ද පොලීසිය පැවසීය.

 



අදහස් (4)

වෙඩික්කරුගේ කුරුමානම වැරදී පැන යද්දී පාදයක් බිදෙයි

බකල ජයා Tuesday, 22 April 2025 01:21 PM

නාඳුනන තුවක්කුකරුවාව අඳුනාගැනීමට හොඳ අවස්ථාවක්.

:       0       39

ජිල්බු Tuesday, 22 April 2025 01:22 PM

කම්ම වේද දිට්ඨනීය කියන්නෙ ඕකට තමයි.

:       1       32

බක්මේගොල්ල Tuesday, 22 April 2025 01:38 PM

T56 ක්ද ,පිස්තෝලයක්ද.ව්‍යාපාරිකයාගේ වෙලලාව හොඬයි. නැත්නම් මැරෙන්න තමයි වෙන්නේ .

:       0       13

පැරකුම් Tuesday, 22 April 2025 06:31 PM

ව්‍යාපාරිකයාට වෙඩි තැබීමට සාධාරණ හේතුවක් ඇති. ඒ ගැනත් සොයාබැලිය යුතුයි...

:       6       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 675 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site