අල්ලස් ගන්න ගිය එස් .අයි - පිසී අල්ලයි ගල්නෑව නගරයේ පැරණි යකඩ බඩු අලෙවි කිරිමේ නිරත ව්‍යාපාරිකයෙකු ගෙන් රැපියල් තිස් දහසක අල්ලස් මුදලක් ලබාගැනිමට උත්සහ කළ උප පොලිස් පරික්ෂක වරයෙකු හා පොලිස් කොස්තාපල් වරයෙකු ඊයේ (01) අල්ලස් දුෂණ විමර්ෂණ කොමිෂන් සභාවේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 02 March 2025
ෆේස්බුක් සාදය වටලා එස් අයි ඇතුළු 6ක් අල්ලයි මහවෙල ප්‍රදේශයේ හෝටලයක පවත්වාගෙන ගිය ෆේස්බුක් සාදයක් වටලා මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි පොලිස් විශේෂ කාර්ය බලකායට අනුයුක්ත උප පොලිස් පරීක්ෂකවරයෙකු ඇතුළු 6 දෙනෙකු ඊයේ (1) අත්අඩංගුවට ගත් බව මහවෙල පොලිසිය පවසයි. 02 March 2025
පළාත් රැසකට අදත් තද වැසි නැගෙනහිර, දකුණ සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 02 March 2025
හරක් කටාගේ ගෝලයෙක් ගිනි අවියක්,උණ්ඩ සමග අල්ලයි අහංගම මිදිගමදී ටී.56 ජිව උණ්ඩ48ක් සමග පුද්ගලයකු අද අලුයම අත් අඩංගුවට ගත් බව දකුණු පළාත්බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි. 02 March 2025
ඉන්ධන පිරුම්හල් රාත්‍රී 8.00 ට වසයි ඉන්ධන පිරවුන්හල් හිමියන්ගේ සියයට 3 ක කොමිස් මුදල අවලංගු කිරීමට විරෝධය දක්වමින් ක්‍රියාත්මක කරන ඇනවුම් කිරීම අත්හිටුවීමේ ක්‍රියාමාර්ගයට සමගාමීව රට පුරා සියලුම ඉන්ධන පිරවුම්හල් රාත්‍රීය 8.00 ට වසා දමන බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ සම ලේකම් කපිල නාටුන්න මහතා අද (1) පෙරවරුවේ පැවසීය. 02 March 2025
ගල්කුට්ටියක් පිරිසක් මතට වැටිලා මීරිගම අක්කර විස්ස ප්‍රදේශයේ ගල්වලක දෑවැන්ත ගල් කුට්ටියක් කඩා වැටීමෙන් පිරිසක් ඊට යට වී එක් අයකු මියගොස් දෙදෙනකු තුවාල ලබා ඇතැයි මිරිගම පොලිසිය කියයි. 02 March 2025
ඛනිජතෙල් බෙදුම්කරුවන්ට කොමිස් වැඩිපුර ගෙවලා ලංකා ඛනිජතෙල් නිතිගත සංස්ථාව විසින් අධ්‍යක්ෂක මණ්ඩල තිරණයන්ට පටහැනිව බෙදුම්කරුවන් සදහා මුලු අලෙවි නියෝජිත කොමිස් මුදල් ලෙස රුපියල් මිලියන 31,021 ක වැඩිපුර මුදලක් ඉකුත් වර්ෂයේ අප්‍රේල් මස 30 වැනිදින වනවිට ගෙවා ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන් වේ. 01 March 2025
ලොරි රියදුරු පැය 72 ක් රදවා ප්‍රශ්න කරන්න නියෝග දේශීය අත්බෝම්බයක් ළඟ තබා ගැනීම සහ ලොරි රථයක් පැහැර ගැනීම යන චෝදනා මත ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඉදිරිපත් කල සැකකරුවකු පැය 72 ක කාලයක් රඳවා ගෙන ප්‍රශ්න කිරීම කඩුවෙල පොලිසිය කල ඉල්ලීමකට අනුව ඊට අවසර ලබා දීමට කඩුවෙල වැඩ බලන මහේස්ත්‍රාත් හේමන්ත වෙත්තසිංහ මහතා අද (01) දින අවසර ලබා දුන්නේය. 01 March 2025
බස් ලොරි අනතුරින් 32 ක් රෝහලේ ත්‍රිකුණාමලය මඩකලපුව ප්‍රධාන මාර්ගයේ ඉරැදියපුරම් ප්‍රදේශයේදී අද (01) වන්දනා නඩයක් රැගත් බස් රථයක් හා ලොරි රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් බස් රථයේ ගමන් කළ 32 ක් හා ලොරියේ රියදුරු තුවාල ලබා රෝහල් ගත කළ බව මූතූර් පොලිසිය කියයි . 01 March 2025
කන්තලේ වැවේ වාන් විවෘත කරයි පවතින අධික වැසි සහිත කාලගුණය සමග කන්තලේ වැවේ ජල ධාරිතාවය අක්කර අඩි 114000 සම්පූර්ණ වීම නිසා ආරක්ෂිත පියවරක් ලෙස සියලුම වාන් දොරටු අද (01) අඟල් හය බැගින් විවෘත කළ බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව කියයි . 01 March 2025
පැණී බිම බෝතල් මුඩියෙන් මත්කුඩු මතුවෙයි පැණී බීම බෝතල් මූඩි තුළ සඟවා මරදන්කඩවල හා ඒ අවට ඔන්ලයින් ක්‍රමයට මත්කුඩු අලෙවි කිරීමේ ජාවාරමක නිරතවූ පුද්ගලයකු මත් කුඩු තොගයක් ද සමඟ අද (01) සවස අත්අඩංගුවට ගැනීමට මරදන්කඩවල පොලිසිය සමත්ව තිබේ. 01 March 2025
ජනාධිපති කාර්යාලයේ සැප වාහන වෙන්දේසිය ඇරැඹේ ජනාධිපති කාර්යාලය සතු සුඛෝපභෝගී වාහන 14ක්, භාවිතයෙන් ඉවත් කරන ලද වාහන 6ක් සහ වාහන අමතර කොටස් අළෙවි කිරීමට අදාළ වෙන්දේසිය අරඹා තිබේ. 01 March 2025
දේශබන්දුට රට ගමන් තහනමක් හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව විදේශ ගමන් තහනමක් ලබාගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි. 01 March 2025
ජනපති කොමිෂන් දොළහක ලොක්කන්ට වැඩ වරදී පසුගිය කාලයේදී විශාල වශයෙන් මුදල් නාස්ති කෙරුණු බව පැවසෙන ජනාධිපති කොමිෂන් සභා සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කිරීමට රජය තීරණය කර ඇත. 01 March 2025
හිටපු පොලිස්පති හැංගිලා හිටපු පොලිස්පතිතුමා සැඟවී ඇතැයි මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතා පාර්ලිමේන්තුවේ අද පැවසීය. 01 March 2025
ඇඟේ ටැටූ නැති අයට ජපන් රැකියා වරමක් විශේෂ නිපුණතා සහිත ශ්‍රමික වැඩසටහන යටතේ (SSW) ජපානයේ හෙද සත්කාර ක්ෂේත්රයේ රැකියා අවස්ථා රැසක් ශ්‍රී ලාංකිකයින්ට ලැබී ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. 01 March 2025
නායයෑම හේතුවෙන් බදුල්ල - මහනුවර බඩු දුම්රිය අවලංගුයි උඩරට මාර්ගයේ බදුල්ල හා හාලිඇල අතර අද අළුයම සිදු වූ නායයෑම හේතුවෙන් බදුල්ල සිට මහනුවර සහ මහනුවර සිට බදුල්ල දක්වා ධාවනයවීමට තිබූ බඩු දුම්රිය දෙක අවලංගු කළ බව දුම්රිය පාලක මැදිරි කාර්යාලය පවසයි. 01 March 2025
සංජීව ඝාතනයට තවත් දෙකක් සැකපිට සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු බව කියන ගනේමුල්ල සංජීව නැමැත්තා ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් දෙදෙනෙක් කොළඹ අපරාධ කොට්ඨාශයෙන් නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. 01 March 2025
වැරදි ආහාර පුරුදුවලින් ලෙඩ වෙන ගාන කියයි දේශීය ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්රයට රජය වාර්ෂික ව වියදම් කරන මුදල මෙන් හතළිස් ගුණයකටත් වඩා වැඩි මුදලක් වැරදි ආහාර භාවිතය හේතුවෙන් ඇති වන ලෙඩ රෝගවලට ප්‍රතිකාර කිරීමට වියදම් කිරීමට සිදුව ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පවසයි. 01 March 2025
තෙල් හිඟයක් නෑ: කලබල වෙන්න එපා රටේ කිසිදු තෙල් හිඟයක් නැතැයි සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 01 March 2025
සුසන්තා චන්ද්‍රමාලි දිවි රඟමඩලට සමුදෙයි ප්‍රවීණ ටෙලිනාට්‍ය සහ චිත්‍රපට රංගන ශිල්පිනී සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය අභාවප්‍රාප්ත වූවාය. 01 March 2025
යළි පාර්ලිමේන්තුවට එනවාද? රනිල්ගෙන් පිළිතුරක් ’’ ෆෙරායි ලයිෂන් තියෙන කෙනෙක් එල්බෝඩ් කාරයන් සමඟ කාලය ගත කරන්නේ නැතැයි’’ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 01 March 2025
සිව්වැනි ණය වාරිගය අනුමතයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ණය අරමුදල් වැඩසටන ක්‍රියාත්මක කිරීමෙහිලා ශ්‍රී ලංකාවේ ලබා තිබෙන ප්‍රගතිය මැන බැලීම සඳහා සිදුකළ තෙවැනි සමාලෝචනයට එම අරමුදලේ විධායක කමිටු අනුමැතිය ඊයේ(28) හිමිවිය. 01 March 2025
පැහැරගත් එළවළු ලොරියට වෙඩි තබා අල්ලයි ලොරියක් කොල්ල කා පලායමින් සිටි පුද්ගලයකු කඩුවෙල නගරයේදී පසුපස හඹා ගොස් ලොරියට වෙඩි තබා දැඩි පරිශ්‍රමයක් දරා අත්අඩංගුවට ගැනීමට කඩුවෙල පොලිසිය කියයි. 01 March 2025
යුක්රේන ජනපතිට එන්න කියලා: දෙහි කපයි යුක්රේනයේ ඛනිජ ද්‍රව්‍ය සම්බන්ධයෙන්, ඇමෙරිකාව සමඟ ගිනිසුමකට අත්සන් තැබීමට යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී ධවල මන්දිරයට පැමිණියේය. 01 March 2025
වෛද්‍යවරුන්ගේ දීමනා අඩු කිරීම සාධාරණ නෑ වර්තමාන ආණ්ඩුව ඉදිරිපත් කළ අයවැයෙන් වෛද්‍යවරුන්ගේ මූලික වැටුප ඉහළ දැමීම සාධාරණ වුවද සෙසු දීමනා අනුපාතය අඩු කිරීම සර්වසාධාරණ නොවන බවත් ඒ පිළිබඳව ආණ්ඩුව සමඟ සාකච්ඡා කරමින් සිටින බවත් සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ලේකම් වෛද්‍ය ගයාන් අබේගුණවර්ධන මහතා අද (28) පැවසීය. 28 February 2025
ඉන්ධන මිලේ වෙනසක් නෑ ඉන්ධන මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල මාර්තු මස වෙනස් නොවන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පැවසීය. 28 February 2025
අපරාධ කල්ලි එකවර ක්‍රියාත්මක වීම කුමන්ත්‍රණයක්ද හොයනවා අපරාධ කල්ලි එකවර ක්‍රියාත්මක වීම තුළ යම් කුමන්ත්‍රණයක් තිබේයැයි හඳුනාගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අද (28) පැවසීය. 28 February 2025
ආරක්ෂක අමාත්‍යාංශයේ වැය ශීර්ෂය සම්මතයි ආරක්ෂක අමාත්‍යාංශයේ වැය ශීර්ෂය සම්බන්ධයෙන් පැවති ඡන්ද විමසීමේදී එම වැය ශීර්ෂය වැඩි ඡන්ද 78කින් පාර්ලිමේන්තුවේදී අද (28) පස්වරුවේ සම්මත විය. 28 February 2025
දේශබන්දු අත්අඩංගුවට ගන්නැයි නියෝග හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් හයදෙනෙකු වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මාතර මහෙස්ත්‍රාත් අරුණ බුද්ධදාස මහතා නියෝග කළේය. 28 February 2025
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026