IMG-LOGO

2025 දෙසැම්බර් මස 13 වන සෙනසුරාදා


කුඩ්ඩා මාර්ටින් වික්‍රමසිංහ නිවෙසින් ඉස්සූ රනින් කළ රුවල 7000 විකුණලා

(රෝෂන් තුෂාර)

මහ ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ පුතා ජීවත් වූ කොළඹ 07 නිවසේ තිබූ රන් ආලේපිත මිල කළ නොහැකි කෞතුක භාණ්ඩයක් වූ රුවල් නැවක් සොරකම් කළේ යැයි කියන සැකකරු ජුනි මස 16 දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය බන්ධනාගාර අධිකාරීවරයාට නියෝග කළාය.

මාර්ටින් වික්‍රමසිංහ පදනම කළ පැමිණිල්ලක් අනුව කෞතුක භාණ්ඩය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරමින් කුරුඳුවත්ත පොලීසිය කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව මෙම නියෝගය නිකුත් කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය අදාළ කෞතුක භාණ්ඩය මාර්ටින් වික්‍රමසිංහ පදනමට මුදා හරින ලෙසට නියෝග කළාය .

වීදුරු කුටියක බහාලු අදාල කෞතුක භාණ්ඩය අධිකරණයට ඉදිරිපත් කළ කුරුදු වත්ත පොලිසිය සඳහන් කර සිටියේ කෞතුක භාණ්ඩය නුගේගොඩ ප්‍රදේශයේ පරණ බඩු මිලදී ගන්නාත් ස්ථානයක තිබී අත්අඩංගුවට ගත් බවය.

කොළඹ 07 කලාසන් පෙදෙසේ අංක 08 දරණ ස්ථානයේ පිහිටි මෙම නිවස මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ පුතා සහ බිරිඳ ජීවත් ව සිටි නිවස බවත්,මාර්ටින් වික්‍රමසිංහ පදනම මගින් කළ පැමිණිල්ලක් අනුව මෙම විමර්ශන ආරම්භ කළ බවත් සඳහන් කළේය.

පසුගිය දෙසැම්බර් මස එම නිවසේ ආරක්ෂකයා නොමැති අවස්ථාවකදී නාරාහෙන්පිට පදිංචි ජය කුමාර් දුශාන්තන් නැමැති සැකකරු විසින් මෙම භාණ්ඩ සොරාගෙන ඇති බවත්,සැකකරු දැඩි ලෙස මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූ පුද්ගලයකු වන අතර රුපියල් හත්දහසකට නුගේගොඩ ප්‍රදේශයේ පුද්ගලයකුට අලෙවිකර තිබියදී සොයාගත් බවත් වැඩිදුරටත් කරුණු ඉදිරිපත් කළේය.

සැකකරු මත්ද්‍රව්‍ය සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති පුද්ගලයකු හෙයින් ඔහු අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කරන ලෙසද ඉල්ලා සිටියේය.

 



අදහස් (1)

කුඩ්ඩා මාර්ටින් වික්‍රමසිංහ නිවෙසින් ඉස්සූ රනින් කළ රුවල 7000 විකුණලා

ජයරත්න Wednesday, 23 April 2025 10:14 AM

මත්ද්‍රව්‍ය ,පාතාලය ඇති වීමට බලපාන පවුල් පසුුබිම් සමාජ වෙනස්කම් ,දේශපාලන ක්‍රියාකාරකම් ද තිබිය හැක.එසේ නම් ඒ පිළිබඳවත් වගකිවයුත්තන්ගේ අවධානය යොමු විය යුතුයි .කවුරු කළත් කාට කළත් මිනිස් ජීවිත අපරාදෙ .....

:       2       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 628 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 527 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 431 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site