( බිමල් ශ්‍යාමන් ජයසිංහ )
වෙලගෙදර හැටන්පොළ අං හන්දිය තැපැල් කාර්යාලය අසලදී සිසුවෙකුට අතින් පයින් සහ ආරක්ෂක හිස් වැසුම් වලින් පහරදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් තරුණයන් 11 ක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ හැටන්පොළො සැකරළියාවත්ත පදිංචිව සිටි ජේ තිළිණ විරාජ් මෙම නැමති 16 හැවිරිදි සිසුවායි.
ඉකුත් 16 වෙනි දින මියගිය සිසුවා අවුරුදු උත්සවයක් නැරඹීමට පැමිණිමින් සිටි අවස්ථාවේදී මෙම ප්‍රහාරයට ලක්ව ඇති අතර මාවතගම සහ වෙල ගෙදර පොලිසි මගින් විමර්ශන සිදුකර මෙම සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 15/18 අතර පසු ඇරෑපොල කන්ද හා අඹ කෝට්ටේ ප්‍රදේශවල පදිංචිකරුවන්ය.
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සංචාරක ප්‍රවේශපත්‍ර විභාගකරුවකු රුපියල් 1500/= ක අල්ලස් මුදලක් ලබා ගනිද්දී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා වි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ නිල සංචාරයක් සඳහා හෙට(3) රාත්‍රියේ දිවයිනෙන් බැහැර යයි.
සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණය පිිඨයේ දෙවැනි වසරේ සිසුවකු නවක වදය හේතුවෙන් දිවි හානිකර ගෙන ඇති බවට තිබෙන චෝදනාව සම්බන්දයෙන් එයට සමිබන්ද පුද්ගලයන්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ තෙවන වසරේ සිසුවෙකුට එම වසරේම සහ සිව්වන වසරේ සිසු පිරිසකගේ පහරදීමකින් රෝගාතුර ප්‍රතිකාර සඳහා වැලිගම ප
එල්.ටී.ටී.ඊ සංවිධානයට එරෙහිව යුද හමුදාව දියත් කළ ක්‍රියාන්විත අතරතුරදී සොයාගන්නා ලද රන් ආභරණ ඇතුළු රත්‍රන් තොගයක් ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරි
මිටියාගොඩ උඩුමුල්ල ප්‍රදේශයේදි පිහියෙන් ඇන අද සවස පුද්ගලයෙකු ඝාතනය කර ඇතැයි ගාලු දිසා බාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
සිසුවා පහරදී ඝාතනය කළාට 11 ක් අත්අඩංගුවට
ගුණරත්න Wednesday, 23 April 2025 08:29 AM
දැන් ප්‍රවෘත්ති බලන්න හිතෙන්නේ නැහැ, අපරාධ ප්‍රවෘත්ති තමයි වැඩි හරියක්ම තියෙන්නෙත්.
sakraya Wednesday, 23 April 2025 09:00 AM
කාලයක් තිස්සෙම විවිධ පාර්ශ්වයන් විසින් වපුරමින් ආපු බිජ වල ප්‍රතිඵල තමයි අපි මේ දවසගානේ අහනේ දකින්නේ. ඇත්ත තත්වය නම් අපේ සමාජය දැන් ලෝකයේ තියෙන පළමු ගනයේ තිරිසන් සමාජයක තත්වයකට වැටිලයි තියෙන්නේ. නමුත් වගකිවයුතු කිසිවෙකු මේවා ගැන අවධානයක් ගන්න බවක් පෙනෙන්නේ නැහැ . මෙහෙම ගියොත් පුනරුද හෝ ධර්මිෂ්ඨ හෝ සමාජයක් නෙවෙයි උරුම වෙන්නේ ම්ලේච්ච සමාජයක්. හරිම කනගාටුයි මේ ගැන. ගුරුවරු, පොලිසිය ,පුජ්‍ය හා පුජක පක්ෂ මෙන්ම දේශපාලකයින් තම තමන්ගේ වගකීම් හරිහැටි ඉටු නොකිරීම මේ සමාජ ව්‍යසනයට ප්‍රභලම හේතුවක් උනා . ඒ වාසිය අපචාර වල යෙදෙන්නන්න්ට වාසියක් උනා .
prasanna Wednesday, 23 April 2025 10:47 AM
මේ අය අනිවාර්යයෙන්ම අරගලයට සහ ගිනි තැබීම් සහ පහර දීම් වලට සම්බන්ධ JVP සහ මාලිමාවේ අය
SirisenaWednesday, 23 April 2025 02:41 PM
ගොන්කම ප්‍රදර්ශනය කරන්න එපා... හැම එකටම අරගලය ගාවන්නේ ඔහෙලා වගේ වහල්ලු තමයි.
Sk Wednesday, 23 April 2025 11:37 AM
මරණ දඬුවම් දෙන්න ඕනේ...!
Kamal Koyrala Wednesday, 23 April 2025 12:00 PM
මේවා උසාවි ගිහින් මේ ළමුන්ට වයස 80 වෙද්දී තීන්දුව ලබා දීම වැඩක් නෑ. කරුණා පැහැදිලියි — එක පෑන් පාරයි, මරණීය දඬුවම
Always break down Wednesday, 23 April 2025 12:23 PM
විශේෂයෙන්ම දෙරණ හිරු නාලිකාවල විකාශය වන නාට්‍ය ආභාෂය...මේ පසුබෑමකට වගකිව යුතුයි....හැබැයි බයියෝ මේකට කුලප්පු වේවි.
Hafiz Wednesday, 23 April 2025 01:08 PM
අවරගනයේ දෙමළ චිත්‍රපට ප්‍රචාරය කරන මාජ්ජත් මේවට වගකිවයුතුයි
P.SIRIWANSA SILVA Wednesday, 23 April 2025 01:41 PM
ඔක්කෝටම මරණ දඬුවම් දෙන්න ඕනෑ. එතකොට තමයි රටේ අනික් අයත් හැදෙන්නේ..
Neel Wednesday, 23 April 2025 03:14 PM
රටේ ආර්ථිකය විතරක්ම නෙමෙයි, සමාජ තත්ත්වය පවා පිරිහීමට පත්වේලා. මුදලට ඕනෑම කෙනෙකුට ඕනෑම දෙයක් කරන්න පුළුවන්කම තිබෙනවා. ඒ තත්ත්වය තමයි NPP ආණ්ඩුව වෙනස් කරමින් යන්නේ... ටිකක් කල් යයි මොකද ඒ තරමටම පිරිහීමට පත්වෙලා ඉවරයි.