
(අංජුල මහික වීරරත්න)
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පල්ලියට නව රැඩිකල් චින්තනයක් ගෙන ආ බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාපාත් වහන්සේගේ අභාවය වෙනුවෙන් ශෝක පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.
එම ශෝක පණිවිඩයේ මෙසේද සඳහන් වේ.
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ අභාවය පිළිබඳව මාගේ බලවත් ශෝකය ප්‍රකාශ කිරීමට මිලියන සංඛ්‍යාත ජනතාවක් සමඟ එක්වන්නේ මහත් ශෝකයකිනි.
රෝගී තත්ත්වයෙන් පසු සුවය ලබමින් සිටි පාප් තුමන්ලාගේ අභාවය දේශපාලනික හා ආර්ථික වශයෙන් ගෝලීය කැලඹීම් ඇති අවස්ථාවක සිදු වූ අනපේක්ෂිත පහරක් විය.
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පල්ලියට නව රැඩිකල් චින්තනයක් ගෙන ආවේය.
එය 21 වැනි සියවසට අදාලව සාම්ප්‍රදායිකවාදීන්ට ඔවුන්ගේ අර්ථකථන ගැන අලුතින් සිතීමට අවස්ථාවක් විය.කතෝලික සභාව තුළ ඇති වූ මෙම විවාදය එම චින්තනය ප්‍රබෝධමත් කළ අතර 21 සියවසට වඩාත් අදාළ විය.
2015 දී ශුද්ධෝත්තම ජෝසප් වාස් මුනිඳුන් ශාන්තුවරයට පත් කිරීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදී ශුද්ධෝත්තම මාහිමියන් සමඟ මගේ පළමු හමුවීම සිදු විය.
අති උත්කර්ෂවත් ලෙස උන්වහන්සේ මහා බෝධි විහාරස්ථානයේ ධාතූන් වහන්සේ වැඳපුදා ගත් අවස්ථාවේදී එය සර්වාගමික සංවාදයට එක් අවස්ථාවක්ද විය. සර්ව ආගමික සංවාදයේ මූලිකත්වය ගත්තේ ශුද්ධෝත්තම පාප් වහන්සේය.
ෆ්‍රැන්සිස් පාප්තුමාගේ අවශ්‍යතා ඇදහිල්ලෙන් ඔබ්බට ගියේය. විශේෂයෙන් යුක්රේනයේ සහ ගාසා තීරයේ ගැටුම්, දරිද්‍රතාවය, දේශගුණික විපර්යාස සහ වෙනත් අයුක්තිසහගත අවස්ථා සම්බන්ධයෙන් උන්වහන්සේ මැදිහත් විය.
ඔහුගේ ඇදහිල්ලේ උරුමය පරම්පරා ගණනාවකට ඉතිරි වනු ඇත.
COMMENTS
අපරාදේ ලොක්කට පින් ජනපති පට්ටම තිබ්බ නං ගොලොයෝ රොත්තකුත් එක්ක වතිකානුවේ සංචාරයක් දාලා එන්න තිබ්බා.
අපරාදෙ පිං ජනා උනා නං රටේ මිනිසුන්ගේ සල්ලි නාස්ති කරගෙන මලගෙදර ගිහිං එන්න තිබ්බා නේද..දැං ඉතිං ෂෝ(ක) ප්‍රකාශ දානවා..තාම ජීවත්වෙලා ඉන්නවා කියල පෙන්නන්න..ඡන්දෙත් ළඟයිනේ..
ශෝක ප්‍රකාශ නොකර මෙයාටත් බැරිවෙයි ද එහාටම යන්න. රටට පව් නොදී.
පල්ලියේ පූජාවක් තිබ්බාම අන්තිමේ වයින් උගුරකුත් දෙනවා. යන්නේ නැතිද සහභාගි වෙන්න? සමහරවිට පව් සමා කරගෙන එන්නත් පුලුවන් වෙයි.
මාලිමාවට කඩේ යන උන්ට රනිල්ව දැක්කම භූමිතෙල් ගෑවුන ගැරඩි වගේනෙ.
මෙයාට පරම්පරාවක් නැතිවුණත්, මෙයාගේ කෙළවිල්ලේ උරුමය පරම්පරා ගණනාවකට ඉතිරි වනු ඇත.
අපේ කාදිනල් තුමානම් ඔව්වා කරලා රවට්ටන්න බැහැ රජෝ? (පින් රජෝ?)
කොටා ඉතින් ට්‍රිප් යන්නේ පක්ෂේ අරමුදලෙන් නේ_