IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


දළදා වන්දනාවට අද දිනයේ බැතිමතුන් ලක්ෂ තුන පනී

(මොහොමඩ් ආසික්,ජේ.ඒ.එල්.ජයසිංහ සහ ෂේන් සේනෙවිරත්න)

සිරි දළඳා වන්දනාවේ පස් වැනි දිනය වූ අද දින ද මහනුවර නගරයට අති විශාල ජන ගඟක් ගලා මුළු නගරය පමණක් නොව අවට මාර්ගය නගරයෙන් පිට ප්‍රදේශ සැදැහැවතුන්ගෙන් පිරී ගොස් තිබිණි.

ශ්‍රී දන්ත ධාතූන් වැඳ පුදා ගැනීම සැදුණු පෝලිම් තුනේ දිග අද වන විට කිලෝ මීටර් ගණනකාවක් දුරට විහිදී ගොසි තිබුණි.

මහනුවර කටුගස්තොට මාර්ගයේ ඇති පෝලිම කටුගස්තොට නගරයද පසු කර ශ්‍රී දළඳා මාලිගාවේ සිට කිලෝ මීටර් පහකට වඩා වැඩි දුරක් විහිදී ගොස් තිබේ.

මෙම පෝලිම්වල විශේෂත්වය වනුයේ පෝලිමේ දිග පමණක් නොව පළලද විශාලව පැවතීමයි.

පෝලිමේ හය හත් දෙනකු හෝ ඊටත් වැඩි ප්‍රමාණයක් සිටීම නිසා පෝලිම්වල පළලද වැඩි වී ඇත.

ශ්‍රී ලංකා පොලීසිවේ වෙබ් අඩවිය මගින් හඳුන්වා දී ඇති නව මෘදුකාංගයක් මගින් දැක්වෙන්නේ අද  පස්වරු 3.30 වන විට මහනුවර කටුගස්තොට මාර්ගයේ පෝලිමේ සැදැහැවතුන් 1,13,100 ක් රැඳී සිටි බවත් එය මුළු සැදැහැවතුන් ප්‍රමාණයෙන් සියයට 29 ක් බවත්ය.

සංඝරාජ මාවතේ පෝලිමේ ද 1,37,490 ක් රැඳී සිටි බවත් එය එම වේලාවේ රැඳී සිටි මුළු සැදැහැවතුන්ගෙන් සියයට 36 ක් බවත් සදහන් වෙයි.

මාලිගාව ආසන්නයේ පෝලිමේ තවත් සැදැහැවතුන් 1,37,010 ක් රැඳී සිටින බවත් එය මුළු ප්‍රමාණයෙන් සියයට 35 ක් බවත් සඳහන් කර තිබේ. අද සවස් වන විට පෝලිම්වල රැඳී සිටි මුළු ප්‍රමාණය 3,87,600 ක් වන බවත් එම වෙබ් අඩවිය සඳහන් කළේය.

කෙසේ නමුත් දිනයේ ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ වැඳ පුදා ගැනීමට හැකියාව ඇත්තේ මෙම පිරිසෙන් සියයට 35 කට පමණක් බවත් ඉතිරි සියයට 65 හෙට දිනයට ඉතිරි වන බවත් එහි සඳහන් වී තිබිණ.

කෙසේවුවද පොලිම්වලට රැඳී සිටින බැතිමතුන්ට අවශ්‍ය පහසුකම් සැලසීමට රාජ්‍ය ආයතන මෙන්ම රාජ්‍ය නොවන සංවිධානය යුහුසුළුව කටයුතු කරන අයුරු දක්නට ලැබිණි. 

නගර සභාව මෙන්ම ස්වේච්ඡා සංවිධාන අවශ්‍ය පිරිසිදු කිරීම් කටයුතු සිදු කරන අතර ආහාර පාන ලබාදීමට ශ්‍රි දළදා මාලිගාව මූලික කරගනිමින් විවිධ සංවිධාන ඉදිරිපත්ව සිටිති. මෙහි විශේෂත්වය වුයේ නගරයේ මුස්ලිම් දේවස්ථාන මූලික කරගනිමින් මුස්ලිම් තරුණ තරුණියන් රැය  පහන් කරමින් පොලිම්වල සිටින පිරිසට අවශ්‍ය ආහාර මෙන්ම පහසුකම් සැලසීමට ඉදිරිපත්වීම සතුටට කරුණකි. 

 



අදහස් (2)

දළදා වන්දනාවට අද දිනයේ බැතිමතුන් ලක්ෂ තුන පනී

බද්රානි Tuesday, 22 April 2025 08:07 PM

සැදැහැවත්, පින්වන්ත බෞද්ධයෝ ඓතිහාසික මහනුවර නගරය ඉතාම අලංකාර ලෙස කුණු කසල වලින් තිබෙනවා... නගර සභාව විසින් කසල කළමනාකරණය නියමෙටම කරලා තියනවා.. මුස්ලිම් ජනතාවගේ උදව් උපකාරය නොතිබෙන්න, මිහිපිට අපාය මහනුවරින් බලා ගත හැකිව තිබුනා... දළදා වහන්සේව වැඳපුදා ගෙන පින් ලබා ගැනීම කෙසේ වෙතත්, පහුගිය සමයේ මුස්ලිම් ජනතාව කෙරෙහි තිබු වෛරය සමනය කරගෙන පින් අනුමෝදම් රැස් කරගැනීමට මේක කදිම අවස්තාවක්...හලාල් කෑම, වඳ කොත්තු, හා අපේ කාන්තාවන් වඳ කිරීමේ ක්‍රියාවලිය තප්පුලපු සම හරක් දැන් වඳ වෙලා වගෙයි නේද..? පොකට් එකට වැටෙන මුදල ගැන නොසිතා, අඩුතරමේ මේ වගේ අවස්තාවක, කුණු බක්කි ටිකක් වත් තියලා මේ රටට සේවයක් කරන්න උත්සහ කරපල්ලා අන්තවාදී අධර්මිෂ්ඨයිනේ...

:       0       0

Jayasekara Wednesday, 23 April 2025 09:04 AM

අපේම සිංහල කතෝලික ජනතාවට (කතෝලික සභාවට) අමතක උනා, සත්කාර කරන මුස්ලිම් ප්‍රජාවට සහ මුස්ලිම් පල්ලීවල ආගමික නායකයන්ට අපේ හද බැති පිංසාර ස්තූතිය...!! ඔබ සැමටම උතුම් දළදා හිමියන්ගේ සරණයි...!!!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 715 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2386 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1749 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site