
(ලසන්ත නිරෝෂණ පෙරේරා )
රාජ්‍ය අනුමැතියකට යටත්ව අධ්‍යාපන කටයුතු, සහ විශේෂ භාර හාර ආදිය ඔප්පු කිරීම වැනි සීමිත අවස්ථාවන් සඳහා පමණක් අවාරයේ සිරිපා වන්දනාවට අවසර දීම යෝග්‍ය බව ශ්‍රිපාදස්ථාණාධිපති ඌව වෙල්ලස්ස ව්ශ්ව ව්ද්‍යාලයේ කුලපති රතනපුර මහා දිසාවේ ප්‍රධාන සංඝනායක බෙංගමුවේ ධම්මදින්න නාහිමියෝ පැවසුහ.
එසේ නොමතිව අවාරයේ සිරිපා වන්දනා කිරිම සුදුසු නොවෙන බව ද ධම්මදින්න නාහිමියෝ පැවසුහ.
2024/2025 ශ්‍රී පාද වන්දනා වාරය අවසන් කිරිමේ චාරිත්‍රනුකුල ආගමික උත්සවය සංවිධානය කිරිම ගැන රතනපුර දිස්ත්‍රික් ලේකම් කාර්‍ය්ලයේ පසුගියදා පැවති සාකච්ඡාවකදි උන් වහන්සේ මේ බව සදහන් කළහ.
මෙවර 2024, සහ 2025 ශ්‍රිපාද වන්දනාවාරය අවසන් කරමින් සධාතුක කරඬුව හා සමන් දේව ප්‍රතිමාව රැගත් රිය පෙරහර වෙසක් පුර පසළොස්වක පොහෝ දිනයෙන් පසුදින අති උතුම් ගෞතම ශ්‍රී පාදස්ථානයේ සිට පැල්මඩුල්ල ගල්පොත්තාවල ශ්‍රී පාද රජමහා විහාරය වෙත වැඩම කරවීම සම්බන්ධයෙන් මෙම සාකච්ඡාව පැවත්විණ.
ශ්‍රිපාද වන්දනාවාරය සිදු නොවෙන මාස හයක කාලය එළඹෙණ වෙසක් පුර පොහොදා සිට ආරම්භ වේ.
එම අවාරයේ ඇතැම් පුද්ගලයන් ශ්‍රී පාදය වෙත පැමිණීම පිළිබඳ විශේෂ අවධානයක් මෙම සාකච්ඡවේදි යොමුවිය.
ඒ පිළිබඳ අදහස් දැක්වූ ශ්‍රී පාදස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න නා හිමියන් පැවසූවේ ශ්‍රී පාද වන්දනා වාරය සෑම වර්ෂයකම දෙසැම්බර් මස යෙදෙන උඳුවප් පුර පසළොස්වක පොහෝ දින ආරම්භ වී ඊළග වර්ෂයේ වෙසක් පුර පසළොස්වක පොහොය දින දක්වා පැවැත්වෙන බවයි.
සෑම වසරකම වෙසක් පොහොය දිනෙන් පසු එම වර්ෂයේ එළඹෙන දෙසැම්බර් මස පොහොය දිනය දක්වා ශ්‍රී පාද වන්දනාවේ අවාරය ලෙස දුරාතිතයේ පටන් පැවතගෙන එන බවයි.

COMMENTS
ලංකාවේ ඉන්න කාලෙ තුන්වරක් අවාරයේ සමනළ කන්ද තරනය කල කෙනෙක් විදිහට, වර්ථමානයේ යන්න කැමැති අයට තහනම් කරන්න මේ ගණයින්ට තියෙන අයිතිය මොකක්ද? සමනළ කන්ද කියන්නේ ශ්‍රී ලාංකීය ජනතාවට අයිති දෙයක්. එහෙම නැතුව කිසිම ආගමකට, ජාතියකට ආණ්ඩුවකට අයත් දෙයක් නෙමේ. මේ විදිහට බලනකොට කොහේ හරි තැනක පන්සලක්/ දේවස්ථානයක් අටවා ගත්තොත් එතැනට යන්න අවසර ගන්න වුවමනා කියන එකද? අවාරයේ සමනළ කන්ද තරණය කළ අය දන්නවා ඒ කාලයේ දකින පරිසරයේ සුන්දරත්වය සිරිපා වාරයේදී දකින්න බෑ. එහෙම තහංචි දානවා නම් ඉස්සෙල්ලම දාන්න ඕන ඔය ගණින්නාන්සෙලාගේ අවසරය පිට අවාරයේ උඩ ඉන්න අයට. ගිය වෙලාවෙ ඉඳලා 'අරක්කු තියෙනවාද? සිගරට් තියෙනවාද?' කිය කියා පස්සෙන් එන්නේ. අනෙක, වාරයේ යන බැතිමතුන් වගේ නෙමේ, අවාරයේ යන්නේ පරිසරය, ස්ථානය ගැන හොඳ අවබෝධයක් තියෙන අය. කිසිම දවසක ප්ලාස්ටික් කෑල්ලක් දාලා එන්නේ නැති අය. මේ වගේ ආගම පාලනය කරන රටක ඉපදීමම ලාංකිකයින් විදිහට පුදුම අවාසනාවන්ත තත්ත්වයක්. ආගම නැතුව නීතිය විසින් පාලනය වෙන සුන්දර ලංකාවක් කවදා දකින්නද?
මමත් අවාරේ සිරිපාදේ ගිහින් තියෙනවා. දැනට අවුරුදු විසි පහකට විතර කලින්. මට තේරෙන්නේ නෑ ඇයි එහෙම සීමාවක් පනවන්නේ කියලා? අවාර්ව්ව් සෙනග අඩු වුණාම හරි පහසුයි. රෑ හතට නැග්ගොත් ඉර සේවයත් බලලා උදේ 7ට නල්ලතන්නියට එන්නත් පුළුවන්.. අනික තෝරාගත්තු අයට යන්න දෙනවාලු. මේක අසාධාරණයි...!
සිරිපාදේ තියෙන්නේ සමනල අඩවියේ බවත්, සමනල අඩවිය පාලනය කරන්නේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් බවත් දන්නේ නැතුව ඇති. එයා දන්නේ ඉතිං වාරෙට ඇවිල්ලා කෝටි ගණන් සල්ලි පොදි ගහගෙන යන්න විතරයි. සත පහක් දෙන්නේ නෑ පරිසර විනාශය වළක්වන්න හෝ සංරක්ෂණය කරන්න. සැබෑ පරිසරය විඳින්න ඕනෑ නම් අවාරේ තමයි යන්න ඕනෑ.
ලංකාවේ එහෙම තමයි. දළදාව පෙන්නන්නේ සෑහෙන කාලෙකට වරක්...
මෙය පූජනීය ස්ථානයක්. අවාරයේ ඕනෑම අයකුට එහි යෑමට ඉඩ දීම එහි ඇති විශේෂත්වයට පූජනීයත්වයට සහ ගෞරවයට හානියක්. අවාරයේ එහි යෑමට උත්සාහ කරන්නේ බොහෝ විට විනෝදයට යි. එවැනි අයට යන්නට ඕනෑ තරම් ස්ථාන ඇති නිසා සිරිපා කරුණාව අදාළ කාල සීමාවට පමණක් සීමා කිරීම යෝග්‍යයි. නමුත් අවාරයේ සිරිපා කරුණා කරන අය ගෙන් පාරිසරික හානියක් නොසිදුවන බවයි මගේ වැටහීම. වාරයේ එහි යන පොලිතීන් වන්දනා නඩවලින් සිරිපා අඩවියත්, ශ්‍රීපාදස්ථානයත් රැක ගැනීම පිළිබඳ මීට වඩා උනන්දු වුණොත් වඩා ප්‍රතිඵලදායකයි.
Sam: දළදාව පෙන්වන්නේ මිනිස්සු ගැන හිතලද? ආණ්ඩුව ඡන්දෙ ගැන හිතලා, මාළිගාව සල්ලි ගැන හිතලා. ඒකෙ හෝදන්න දෙයක් නෑ.... ආගමෙන් අන්ධ උන මිනිස්සු, තමන්ගේ ප්‍රශ්ණ කාට හරි පවරන්න බලාගෙන ඉන්න මිනිස්සු දවස් ගණන් පෝලිමේ.... අවුරුදු ගණනකට කළින් මොළය පාවිච්චි කළානම් අද මාළිගාවේ ගණින්නාන්සේලා දලදාව ගෙදරට ඇවිත් පෙන්නන්නෙ....
මුළු සිරිපාදේම ප්ලාස්ටික් බෝතල් කැලි කසල වලින් පිරිලා මෙඝා හීටර් ආයතනය වෙතින් ලබා දෙන ලද හීටරය වැඩ නෑ ඒවාත් බලන්න
අවාරේ ගියොත්,මලුවේ ගේට්ටු වහලද? ගියොත් කියන්න පීල්ස්. පිට රට ඉන්න කෙනෙක් ජූන් වාලස් එනවා ශ්‍රී පාද වඳින්නත් බලාගෙන.