සජිත්ගේ බලාපොරොත්තුව කියයි ජනාධිපතිවරණය ජයග්‍රහණයත් සමඟ තමා නුවරඑළියට එන්නේ ලැයිම් කාමරවලට සීමා වූ වතු කම්කරු ජනතාවට සහ විරැකියාවෙන් පෙළෙන තරුණයන් කුඩා තේ වතු හිමියන් ලෙස සවිබල ගැන්වීමට බව සමගි ජනසන්ධානයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නුවරඑළියේදී පැවසීය. 09 September 2024
අලියාගේ පහරින් තිදරු පියා මරුට අම්බලන්තොට කොග්ගල්ල මදයමලලන්ද ප්‍ර දේශයේ දි අද (09) අලියෙක් පහරදීමෙන් තිදරු පියෙක් මිය ගොස් ඇති බව අම්බලන්තොට පොලිසිය කියයි. 09 September 2024
මොළයට හානිකරන අලුත් වයිරසයක් චීනයෙන් මොළයට හානි කරන නව වයිරසයක් ගැන චීන විද්‍යාඥයෝ අනතුරු අඟවති. චීන විද්‍යාඥයන් මෙම වයිරසය නම් කර ඇත්තේ ‘තෙත් බිම් වයිරසය’ යනුවෙනි. 09 September 2024
ඉලොන් මස්ක් ට්‍රිලියනපතියෙක් වෙන්නයි යන්නේ ලොව ධනවත්ම පුද්ගලයා වන ඉලෝන් මස්ක් 2027 වසරේදී ලොව ප්‍රථම ට්‍රිලියනපතියා වනු ඇතැයි ඉන්ෆෝර්මා කනෙක්ට් ඇකඩමියේ නවතම විශේලෂණ වාර්තාවක් පෙන්වා දෙයි. 09 September 2024
රත්කිද ජලාශයේ වාන් දොරටු 6ක් අරී උල්හිටිය රත්කිද ජලාශයේ පිටවානේ ගේට්ටු හයක් අද (9) අලුයම විවෘත කල බව උල්හිටිය රත්කිද ජලාශය භාර නිළධාරි දීප්ත ජයසේකර මහතා පවසයි . 09 September 2024
දුම්රිය ස්ථානාධිපති - ගෝලයා කුඩු ඇදල දුම්රිය ස්ථානාධිපතිවරයකු සහ දුම්රිය සහායකවරයකු අයිස් මත්ද්‍රව්‍ය තොගයක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගත් බව මට්ටක්කුලිය පොලිසිය කියයි. 09 September 2024
පොලිසියටත් පාට් දමා නව යුවලක දළදා මැදුරේ මංගල ඡායා ගනී අලුත විවාපත් යුවළක් ශ්‍රී දළදා මාළිගාවට පැමිණ ශ්‍රී දළදා සමිඳුන්ට අපහාස වන ආකාරයට මංගල ඡායාරූප ගෙන ඇතැයි මහනුවර දළදා මාලිගාවේ ආරක්ෂාවට සිටින පොලිසියෙන් වාර්තාවේ. 09 September 2024
පාස්පෝට් අවුල ලිහන්න පිරිසක් පෝලන්තයට දිනෙන් දින විදේශ ගමන් බලපත්‍ර අයැදුම්පත් ගොඩගැසෙමින් විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර ටෙන්ඩරය හේතුවෙන් නිර්මාණය වී ඇති ’’හදිසි’’ තත්වයට තාවකාලික පිළියමක් ලෙස කඩිමුඩියේ ඇණවුම් කළ යන්ත්‍රයෙන් කියවිය හැකි විදේශ ගමන් බලපත්‍ර පොත් තොගයේ නිෂ්පාදන ක්‍රියාවලිය පරික්ෂා කිරීම සඳහා ආගමන විගමන පාලක ජනරාල්වරයා සහ නියෝජ්‍ය පාලක ජනරාල්වරයා පෝලන්තයේ අදාළ කර්මාන්තශාලාවේ සංචාරයකට ගොස් ඇත. 09 September 2024
ඉන්දියාවෙන් වඳුරු උණ ආසාදිතයෙක් ‘වඳුරු උණ’ එසේත් නැතිනම් ‘එම්පොක්ස්’ ආසාදිතකු යැයි සැක කෙරෙන රෝගියකු හඳුනාගත් බවත්, එම රෝගියා නිරෝධායනය කර අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙන බවත් ඉන්දීය සෞඛ්‍ය බලධාරීහු පවසති. 09 September 2024
පාප්තුමා පැපුවා නිව්ගිනියාවේ ආසියානු කලාපයේ සංචාරයක යෙදෙන ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමා සිය ඉන්දුනීසියා සංචාරය අවසන් කිරීමෙන් පසු පැපුවා නිව්ගිනියාවට ගියේය. පැපුවා නිව්ගිනියා රජයෙන් සහ එරට ජනතාවගෙන් පාප්තුමන්ට හිමිවූයේ උණුසුම් පිළිගැනීමකි. 09 September 2024
දෙවරක් හැප්පුන කොට්ටාවේ අනතුර රිය අනතුරකට ලක්ව මාර්ගය මැද වැටී සිටි යතුරු පැදිකරුවෙක් ආයාසයෙන් නැගිටීමට උත්සාහ දරද්දී පිටුපසින් පැමිණි ජීප් රථයක් එම යතුරු පැදිකරු තවත් අනතුරකට ලක්කොට පලා ගොස් ඇතැයි කොට්ටාව පොලිසිය කියයි. 08 September 2024
සැඩ පහරට හසුව තරුණයෙකු අතුරුදහන් පානදුර මුහුදු වෙරළේ විනෝදයට දියනාමින් සිටි තරුණයන් දෙදෙනකු අද(08)වැනි දා පස්වරුවේ රළ පහරට හසුව ගසාගෙන ගොස් එක් තරුණයෙකු අතුරුදන්ව අනෙක් තරුණයා බේරාගෙන ඇති බව පානදුර ජීවිත ආරක්ෂක ඒකකය පවසයි. 08 September 2024
‘‘ඒකාධිපති විධායකය අහෝසි කරනවා‘‘ ගෝඨාභය රාජපක්ෂත් රනිල් වික්රමසිංහත් ඒකාධිපති ආඥාදායකත්වයක් ගෙන ගිය විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බව සමගි ජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී පැවසීය. 08 September 2024
රුසියා යුද ශක්තියට යුක්රේන හමුදා බිය වෙලා රුසියාවේ යුද ශක්තිය හමුවේ යුක්රේන සොල්දාදුවන් අධෛර්යමත්ව හෙම්බත්වී ඇති බවත් යුක්රේන හමුදාවට බඳවා ගන්නා නව සොල්දාදුවන් බොහෝදෙනා යුද්ධයට යාමට ප්‍රතික්ෂේප කරන බවත් සී.එන්.එන් පුවත් සේවය වාර්තා කළේය. 08 September 2024
බයිඩන් වැඩිපුර ‘‘අයිස්‘‘ ගහල ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ඔහුගේ වසර 4 ක ධුර කාලයෙන් දින 532 ක් සාමාන්‍ය නිවාඩු දින ලෙස ලබා ගෙන ඇති බවත් එය ඇමෙරිකානු සාමාන්‍ය කාර්යාල සේවකයකු වසර 48 කදී ලබා ගන්නා සාමාන්‍ය නිවාඩු දින ගණනට සමාන බවත් රිපබිලිකන් ජාතික කමිටුව කළ විශ්ලේෂණයකදී හෙළිවී ඇතැයි නිව් යෝර්ක් පොස්ට් පුවත්පත වාර්තා කළේය. 08 September 2024
තලතා රනිල්ගේ වැලිමඩ වේදිකාවට නගී සමගි ජන බලවේගයේ හිටපු මන්ත්රීනී තලතා අතුකෝරල මහත්මිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීම සඳහා වැලිමඩ ජනපතිවරණ රැළියට සහභාගී විය. 08 September 2024
ගංජා සමඟ යුද හමුදාවේ දෙන්නෙක් මාට්ටු අමුණු කොළේ ප්‍රදේශයේදී ගංජා සමග යුද හමුදා සෙබළුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව නාන්නේරිය පොලිසිය පවසයි. 08 September 2024
ගෙයින් ගෙට යා හැකි සීමාව මැකෝ කියයි ගෙයින් ගෙට මැතිවරණ අත්පත්‍රිකා බෙදා හැරීමට යෑමට හැක්කේ උපරිම වශයෙන් පස් දෙනෙකුට පමණක් බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා සියලුම දේශපාලන පක්ෂවලට දැනුම් දෙයි. 08 September 2024
’’ මං තරුණයන්ට අත් තටු දෙන විට ජවිපෙ කකුල් වලට විලංගු දැම්මා’’ සෑම පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවකටම ඉංග්‍රීසි අධ්‍යාපනය ලබා දීම සඳහා තමා ධවල පත්‍රිකාව ගෙන ආ අවස්ථාවේ ජනතා විමුක්ති පෙරමුණ ඊට විරුද්ධ විම නිසා මෙරට තරුණ තරුණියන් විශාල පිරිසකට ඉංග්‍රීසි අධ්‍යාපනය අහිමි වු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. තමන් තරුණ තරුණියන්ට අත්තටු ලබා දෙන විට ජනතා විමුක්ති පෙරමුණ එදා ද සිදු කළේ ඔවුන්ගේ කකුල්වලට දම්වැල් දැමීම බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය. 08 September 2024
ධීවර යාත්‍රාවේ ගැටුණු නෞකාව ත්‍රි.මලේ වරායට ගාල්ල මුහුදු තීරයේදී බහු දින ධීවර යාත්‍රාවක හැපී සිදුවූ අනතුරෙන් ධීවර කාර්මිකයන් තිදෙනෙකු අතුරුදන් වීමේ සිද්ධියට සම්බන්ධ නෞකාව නාවික නීතිය යටතේ සිය භාරයට ගෙන ත්‍රිකුණාමල වරායේ රඳවා ගත් බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය කියයි . 08 September 2024
ගුවන් සෙබළිය පැහැරගත් ගුවන් සෙබලා-පියා අත්අඩංගුවට පාලවිය ගුවන් හමුදා කදවුරේ සේවයට පැමිණෙමින් සිටි ගුවන් හමුදා සෙබළියකු පැහැර යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් වරකාපොල ප්‍රදේශයේ පදිංචි පිය පුතු දෙපළක් අත් අඩංගුවට ගත් බව පුත්තලම පොලීසිය කියයි. 08 September 2024
මෝටර් රියක් දුම්රියක ගැටිලා පුත්තලම සිට ගල්කිස්ස බලායමින් තිබු දුම්රියක ජාඇල ඒකල කණුවන අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේදී මෝටර් රථයක් ගැටි ඇති බව ජාඇල පොලිසිය පවසයි. 08 September 2024
ඡන්ද පත්‍රිකාවේ ෆොටෝ ගැසූ ලංගම රියදුරා අත්අඩංගුවට මූතූර් ලංගම ඩිපෝව තැපැල් ඡන්ද මධ්‍යස්ථානයේ තැපැල් ඡන්දය සලකුණු කළ එම ඩිපෝවේ සේවය කරන රියදුරෙකු සිය ජංගම දුරකථනයෙන් සලකුණු කළ සිය ඡන්ද පත්‍රිකාව ඡායාරූපගත කිරීමේ සිද්ධියකට අත්අඩංගුවට ගත් බව මූතූර් පොලිසිය කියයි . 08 September 2024
අඹු සැමි යුවළකගේ සිරුරු නිවසකින් හමුවෙයි මිහින්තලය , කුරුන්දන්කුලම, කුංචිකුලම ප්‍රදේශයේ නිවසක බරපතළ කැපුම් තුවාල සහිතව මියගොස් සිටි කාන්තාවකගේ සිරුරක් සොයාගත්බව මිහින්තලේ පොලීසිය කියයි. 08 September 2024
ළමා නිවාසයෙන් පැන්න දරුවා පියා සොයා ගිහින් මතට ඇබ්බැහි වූ මාපියන්ගෙන් නිසි රැකවරණයක් නොලැබීම නිසා ළමා හා කාන්තා කාර්යාංශයේ මූලස්ථානය මගින් අධිකරණයට ඉදිරිපත් කොට හෝමාගම හිරිපිටිය ප්‍රදේශයේ ළමා නිවාසයකට භාරදී තිබූ නව හැවිරිදී පාසැල් දරුවෙකු ඉන් පලාවිත් සිය පියා සොයා යමින් සිටියදී පොලිසිය මගින් සොයා ගත් බව මත්තේගොඩ පොලිසිය පවසයි. 08 September 2024
ඡන්ද පත්‍රිකා බෙදූ තැපල්කරුට ගහලා ඡන්ද පත්‍රිකා බෙදමින් සිටී කළුතර දකුණ තැපැල් කාර්යාලයේ තැපැල්කරුට පහරදුන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත්බව කළුතර උතුර පොලිසිය පවසයි . 08 September 2024
වැරදීමකින් අක්මාව ඉවත් කරලා ඇමෙරිකන් වෛද්‍යවරයකුට සිදුවුණු අකරතැබ්බක් ගැන එරට මාධ්‍ය වාර්තා කරයි. වෛද්‍යවරවයා, අත්වැරදීමකින් ප්ලීහාව ඉවත් කිරීමට නියමිතව තිබූ රෝගියකුගේ අක්මාව ඉවත් කර ඇතැයි ඇමෙරිකන් මාධ්‍ය පෙන්වා දෙයි. 08 September 2024
ජනපති නැවත ජය ගෙන උතුරේ ගැටලු විසඳාවි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කර දෙමළ ජනතාවගේ ගැටලු විසඳා උතුරු පළාතේ සංවර්ධනය තහවුරු කරනු ඇතැයි තමා විශ්වාස කරන බව ඉලංගෙයි තමිල් අරසු කච්චි නායක මාවෙයි සේනාධිරාජා මහතා පැවසීය. 08 September 2024
බෝට්ටු දෙකකින් ඇවිත් තවත් බෝට්ටුවක් කොල්ල කාලා ගැඹුරු මුහුදේ ධීවර කටයුතු සිදු කරමින් සිටියදී තවත් බෝට්ටු දෙකකින් පැමිණි අට දෙනෙකු එම බෝට්ටුවේ එන්ජිම ඇතුළු ලක්ෂ දහඅටක දේපළ කොල්ලකා පලා ගොස් ඇතැයි කළුවාන්චි කුඩි පොලිසිය කියයි. 08 September 2024
රන් ගුවන්තොටින් පන්නන්න බැරිවෙයි රුපියල් කෝටි තුනක් පමණ වටිනා රන් බිස්කට් තොගයක් තම කළිසම් සාක්කුවේ සගවා ගෙන කටුනායක ගුවන් තොටුපොළ සංක්‍රමණික මගී පර්යන්තයේ රැදී සිටි ගුවන් මගියෙකු ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ . 08 September 2024
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025