ඊශ්‍රායල ප්‍රහාරයෙන් 40 ක් මරුට ගාසා තීරයේ පලස්තීන සිවිල් වැසියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ස්ථාපිත කළ මානුෂීය කලාපයකට, ඊශ්‍රායල ගුවන් හමුදාව ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් පලස්තීනුවන් 40 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, තවත් 60 දෙනකු තුවාල ලැබූ බවත් පලස්තීන සෞඛ්‍ය බලධාරීහු පවසති. 10 September 2024
’’අපි අනිවාර්යයෙන්ම දිනනවා’’ මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ක්‍රියාත්මක කරන්න ගියහොත් වාර්ෂිකව රුපියල් බිලියන හාරදහසක් රටට අහිමිවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගම්පොළ ජන රැළියේදී පැවසීය. 10 September 2024
කඩු අරන් ස්පා ඇවිත් කතුන් දෙදෙනකුට අතවර කරලා කඩුවක් රැගෙන බැලුම්මහර ප්‍රදේශයේ සම්බාහන ආයතනයකට ඇතුළු වුණු පුද්ගලයන් හය දෙනෙකු කාන්තාවන් දෙදෙනෙකු සමූහ දූෂණයට ලක් කර ඇති බව යක්කල පොලිසිය පවසයි. 10 September 2024
මුහමලේ කොටසක බිම් බෝම්බ ඉවත්කර අවසන් කිලිනොච්චිය පචිලෙයිපල්ලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ඉට්ටාවිල හා මුහමාලේ යන ප්‍රදේශවල වර්ග මීටර් 1,142,563 ක භුමි ප්‍රදේශයක බිම් බෝම්බ ඉවත් කර ඇති බව එම කටයුවල නිරත සංවිධාන පවසයි. 10 September 2024
ගෙදර යන්න ගිය කොස්තාපල්ට පහර දීලා අඩන්පන් පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයකු නිවස බලා යාමට උයිලන්කුලම හන්දියේ සිටියදී නාඳුනන පිරිසක් පොලුවලින් පහරදී ඇතැයි අඩන්පන් පොලිසිය කියයි. 10 September 2024
සුපිරි මඟේ කැබ් රියක් ගිනිගනී ඉංජිනේරුවන් දෙදෙනෙකු ගමන් ගත් කැබ් රථයක් අද (10) පෙරවරුවේ අධිවේගී මාර්ගයේ කිලෝ මිටර් 0 දශම 5 කොට්ටාව ප්‍රදේශයේදී හදිසියේ ගිනි ගැනීමට ලක්වීමෙන් කැබ් රථයට බරපතල අලාභ සිදුවි ඇතැයි කොට්ටාව අන්තර් හුවමාරු පාලක මධ්‍යස්ථානය කියයි. 10 September 2024
වයඹට - සබරගමුවට තද වැසි බස්නාහිර, සබරගමුව, සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය,ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 10 September 2024
ජර්මන් සරසවියේ ලාංකික සිසුවා ඇල්ලක නාන්න ගිහින් අතුරුදන් ජර්මනියේ මියුනිච් නගරයේ විශ්ව විද්‍යාලයක සිවිල් ඉංජිනේරු උපාධිය හදාරන ශ්‍රී ලාංකික සිසුවකු විශ්ව විද්‍යාලය ආසන්නයේ දිය ඇල්ලක අතුරුදන්ව ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි. 10 September 2024
දැව සංස්ථාවේ පත්වීම් 3ක් මැකො අවලංගු කරයි බත්තරමුල්ලේ පිහිටි රාජ්‍ය දැව සංස්ථාවට කළමනාකාර පත්වීම් තුනක් ලබා දීමට ගිය අවස්ථාවේ එම පත්වීම් ලබාදීම ජනාධිපතිවරණය අවසන් වන තෙක් අවලංගු කළේ යැයි කොළඹ දිස්ත්‍රි දිස්ත්‍රික් මැතිවරණ ආරවුල් නිරාකරණය කිරීමේ මධ්‍යස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි. 10 September 2024
ප්‍රවීණ හඬ නළු ජේම්ස් අර්ල් ජෝන්ස් සමුගනී ප්‍රවීණ හඬ නළු ජේම්ස් අර්ල් ජෝන්ස් දිවියෙන් සමුගත්තේය. මියයනවිට ඔහුගේ වයස අවුරුදු 93 කි. 10 September 2024
මැතිවරණ නීති කැඩුවැයි අපේක්ෂකයෙක් ගැන විමර්ශන ජනාධිපති ධුර අපේක්ෂකයකු වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමසිරි මානගේ මහතා සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ රැස්වීම් කිහිපයක් ඇමතීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත. 10 September 2024
රුසියාවේ රෝහලක කිලෝ 17ක තඩි පූසෙක් රුසියාවේ රෝහලක බිම් මහලේ ජීවත්වූ කිලෝ ග්‍රෑම් 17 ක් බර යෝධ පූසෙක් එරට සතුන්ට ආදරය කරන පිරිසක් විසින් ඉකුත්දා සොයාගනු ලැබීය. 09 September 2024
පාසල් 20 වැනිදා වහයි දිවයිනේ සියලුම පාසල් ජනාධිපතිවරණයට පෙර දින එනම් මේ මස 20 වැනිදා වසා තබන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරයි. 09 September 2024
රිෂාඩ්ගේ පිරිසක් රනිල්ට ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීමට තම පුර්ණ සහාය ලබා දෙන බව රිෂාඩ් බදුර්දීන් මහතාගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නියෝජිත පිරිසක් මාධ්‍ය හමුවක් පවත්වමින් අද පැවැසුහ. 09 September 2024
විසදුමක් ලැබෙන තෙක් ඔන් අරයිවල් වීසා ක්‍රියාත්මකයි වීසා ගැටලුවට අධිකරණ විසදුමක් ලැබෙන තෙක් දිවයිනට පැමිණි පසු (ඔන් අරයිවල්) වීසා නිකුත් කිරීමේ ක්‍රමය ක්‍රියාත්මක කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවැසීය. 09 September 2024
ගීතා සජිත්ගේ වේදිකාවට ගොඩ වේ රජයේ ළමා හා කාන්තා කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමතිණී ගීතා කුමාරසිංහ මහත්මිය මහනුවර මධ්‍යම වෙළඳ පොල ඉදිරිපිට පැවති සජබේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ වේදිකාවට ගොඩවී සජබේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණයට එක් වන බව පැවැසුවාය. 09 September 2024
දරුවන් 16000කට උග්‍ර මන්ද පෝෂණය දරුවන් 16000කට ආසන්න ප්‍රමාණයක් උග්‍ර මන්ද පෝෂණයෙන් පීඩා විඳින බව ළමා මන්ද පෝෂණ තත්වය පිළිබඳ සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ වාර්තාවේ සඳහන්වේ. 09 September 2024
ඉඩම් ආරවුලෙන් අයිය මලෝ රෝහලේ ඉඩම් ආරවුලක් සම්බන්ධයෙන් ඥාතීන් දෙපිරිසක් අතර ඊයේ (8) ඇතිවූ බහින්බස්වීමකදී සැකකාර පාර්ශවයේ පුද්ගලයන් දෙදෙනකු විසින් කඩුවකින් සහ පොල්ලකින් කළ පහරදීමකින් එකම පවුලේ සහෝදරයන් දෙදෙනකු තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති බව හික්කඩුව පොලිසිය පවසයි. 09 September 2024
නිරිතදිගට කාලගුණයෙන් අනතුරු ඇඟවීමක් දිවයිනේ නිරිතදිග ප්‍රදේශවලට දැනට පවතින වැසි තත්ත්වනේ තරමක වැඩි වීමක් අද (09)වැනි දින සිට ඉදිරි දින කිහිපයේ දී බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. 09 September 2024
මහනුවර සබජ රැස්වීමේ රතිඤ්ඤා පත්තු වී පොලිසියේ හයක් රෝහලට ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය වෙනුවෙන් මහනුවර මධ්‍යම වෙළඳපොල ඉදිරිපිට පැවැත්වෙන රැස්වීම ආරම්භයට මොහොතකට පෙර ආධාරකරුවන් රතිඤ්ඤා විශාල ප්‍රමාණයක් දැල්වීමෙන් පොලිසියේ හය දෙනකු ඇතුළු අට දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. 09 September 2024
දැව ජාවාරම්කරුවෝ පැන ගිය ලොරිය ඇලකට පෙරැළෙයි නීති විරෝධීව බලපත්‍ර නොමැතිව දැව ප්‍රවාහනය කළ දැව ජාවාරම්කරුවන් පිරිසක් වනජීවි නිළධාරීන් හඹා යද්දී දැව ජාවාරම් කරුවන් සමග ලොරි රථය රදවිබැදි ඇලට ඇද වැටි දෙදෙනෙකු බරපතල ලෙස තුවාලව පුත්තලම මූලික රෝහලට ඇතුලත් කල බව වනජීවි නිළධාරීන් පවසයි. 09 September 2024
ඡන්ද දැන්වීම් පත්‍රිකා 51%ක් බෙදා අවසන් ජනාධිපතිවරණය වෙනුවෙන් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා 51%ක ප්‍රතිශතයක් මේ වනවිට බෙදා අවසන් කර ඇතැයි තැපැල්පති පී. සරත්කුමාර මහතා පැවසීය. 09 September 2024
’’පෞද්ගලික අංශය සහන සලසනවා’’ පෞද්ගලික අංශයේ සේවාවන් වලට තිබෙන බාධාවන් ඉවත් කිරීමට කටයුතු කරන බවජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ඊයේ (08) කොළඹදී පැවසීය 09 September 2024
රජයේ ඉඩමක් ලක්ෂ 40 ට විකුණූ බව කියන විත්තිකරු නිදොස් කර නිදහස් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් බව කියන ඉඩමක් බණ්ඩාරගම ප්‍රදේශයේ වෛද්‍යවරයකුට රුපියල් ලක්ෂ හතලියකට විකිණීමෙන් ’’වංචාවක්’’ සිදුකල බවට අධිචෝදනා ලද සිටි විත්තිකරුවෙකු පැමිනිල්ලේ නඩුව අවසානයේදී විත්තියේ සාක්ෂි නොකැදවාම නිදොස්කර නිදහස් කිරීමට ගරු පානදුර මහාධිකරණ විනිසුරු කේ.ඩි.එල්.එස්.කුමාර මහතා නියෝග කලේය. 09 September 2024
පිටසක්වළ සිරුරු වසං කරලා පිටසක්වළ ජීවීන්ගේ සිරුරු පෘතුවියෙන් සොයාගෙන තිබෙන බවත් ඇමෙරිකානු රජය පිටසක්වළ ජීවින් පිළිබඳ තොරතුරු සියල්ල දන්නා බවත් ඇමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුවේ පර්යේෂකයකු වන ලුවිස් එලිසොන්ඩෝ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේය. 09 September 2024
ඉම්රාන් නිදහස් කරන්නැයි බල කෙරේ ඉම්රාන් ඛාන් නිදහස් කිරීමට බලකරමින් පාකිස්තාන තාරික් ඊ ඉන්සාෆ් සංවිධානය කර තිබූ රැළිය අවසානයේදී ආධාරකරුවන් ගල්මුල් වලින් පොලිසියට පහරදී ඇති බවත් ආධාරකරුවන් සහ පොලිසිය අතර ඇතිවූ ගැටුමින් පොලිස් නිලධාරීන් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවත් පාකිස්තාන මාධ්‍ය වාර්තා කළේය. 09 September 2024
අලුත් ගමනකට මාන්නප්පෙරුමගෙන් යෝජනාවක් සියලු දෙනා එකතු කරගෙන යන ගමනක් රටට අවශ්‍ය යැයි සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්ජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතා පැවසීය. 09 September 2024
නීති විරෝධී ලෙස මැතිවරණ ප්‍රචාරණය කළ 6ක් අත්අඩංගුවට ස්වාධීන ජනපති අපේක්ෂකයකුගේ ජන්ද සළකුණ යතුරු පැදියක බැඳ ප්‍රචාරය කරමින් නීති විරෝධි අයුරින් මැතිවරණ ප්‍රචාරණය සිදුකළ පුද්ගලයන් හය දෙනෙකු අත්අඩංගුවට ගත් බව පුදුකුඩිඉරිප්පු පොලිසිය පවසයි. 09 September 2024
වී මිල ඉහල යයි වී අලෙවි මණ්ඩලය වී මිල දී ගැනීම ආරම්භ කිරීමත් සමග වෙළෙඳපොළේ වී මිල ඉහළ ගොස් ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. 09 September 2024
රනිල්ගෙන් අනුරට ප්‍රශ්න දෙකක් අනුර කුමාර දිසානායකට තමා මූලික ප්‍රශ්න දෙකක් යොමු කරන අතර එම ප්‍රශ්න දෙකට පිළිතුරු දෙනතුරු තමා හැම වේදිකාවකම එම ප්‍රශ්න දෙක විමසන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැලිමඩ දී පැවසීය. 09 September 2024
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025