(විමුක්ති සංජය පෙරේරා)
තිරිංග අක්‍රයවීමත් සමඟ රියැදුරුගේ පාලනයෙන් ගිලිහුණු ලංගම බසයක් වියානා ඇළ දෙසට ධාවනය වෙද්දී එහි රියැදුරා අසල වේල්ලක ගැටීමට සලස්සවා බසය නවතා ගැනීමෙන් සිදුවන්නට ගිය විශාල අනතුරක් වළක්වා ගැනීමට හැකි වී ඇතැයි පොලිසිය කියයි.
අනතුර සිදුවන අවස්ථාවේ එහි මගීන් විශාල පිරිසක් ගමන් කර ඇති අතර ඉන් 28 දෙනකු තුවාල ලබා ඇතැයි ද පොලිසිය කියයි.
තුවාල ලැබුවන්ගෙන් 10 දෙනකු පාසල් සිසුන් බව ද පොලිසිය සඳහන් කරයි.
මහියංගන ගැමුණුපුර හන්දියේ සිට මහියංගන නගරය දක්වා ධාවනය වෙමින් තිබූ මහියංගන ලංගම ඩිපෝවට අයත් එම බස් රථය තිරංග අක්‍රිය වී රියැදුරුගේ පාලනයෙන් ගිලිහී ඇත.
බස් රථය මාර්ගය අයිනේ කඳුවැටියට ගැටීමට සැලැස්සුවේ නැතිනම් විශාල අනතුරක් වීමට ඉඩ තිබූ බව පොලිසිය කියයි.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
මහියංගන බස් අනතුරින් 28කට තුවාල
ගුණරත්න Friday, 25 April 2025 09:16 PM
ඔන්න ඔහොම අබලන් බස් තියෙද්දී ප්‍රවාහන නියෝජ්‍ය ඇමැති අභියෝග කරනවා ලාබ ලබා පෙන්වන්න කියලා...