IMG-LOGO

2025 සැප්තැම්බර් මස 04 වන බ්‍රහස්පතින්දා


ජනපති හදිසියේ මහනුවර වන්දනා බැතිමතුන් හමුවට යයි

(අංජුල මහික වීරරත්න)

ජනාධිපති අනුර දිසානායක මහතා ඊයේ රාත්‍රියේ මහනුවර සිරි දළදා වන්දනාවේ නිරත බැතිමතුන් හමුවට හදිසියේ ගොස් ඔවුන්ගේ සුව දුක් විමසා බැලුවේය.

ජනාධිපතිවරයා කලින් නොදන්නවා හදිසියේ මෙලෙස පැමිණීම පිළිබඳව වන්දනා මැතිමතුන් පුදුමයට පත් වූ ආකාරයේ දැකගත හැකි විය.එහිදී වන්දනා මැතිතුමතුන් පැවසූයේ දින ගණනාවක් පෝලිම් වල සිටින තමන්ගේ දුක් සැප බලන්නට ජනාධිපතිවරයා පැමිණීමෙන් ඉතා සතුටට පත් වූ බවයි.

මේ අතර ජනාධිපතිවරයා මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් ඊයේ රාත්‍රියේදී හමුවී විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇති බවද දැනගන්නට ඇත.



අදහස් (20)

ජනපති හදිසියේ මහනුවර වන්දනා බැතිමතුන් හමුවට යයි

අරවින්ද මොණරවිල Friday, 25 April 2025 09:33 AM

දැන් වහලුන්, බයියන් වැලලෙන්න හදයි චන්ද ගුන්ඩු කියලා, නමුත් අනුර ඔය මුකුත් නොකර තමයි ජනාධිපතිකමයි පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලයකුයි ගත්තේ, ඒ නිසා රාජපක්ෂලා වික්‍රමසිංහලා සහ ප්‍රේමදාසලා බලය සදහා ගහන ගේම් මාලිමාවේ නැත.

:       62       69

Pravhaan Friday, 25 April 2025 11:38 AM

අනුර රාජ්‍ය බලය ගත්තේ බොරු කියලා. වෙන මුකුත් ගුණ්ඩු ගහන්න ඕන නෑ. මතකනේ උගන්ඩා කුමාරි කෑ ගගහා කිව්වා ඒවා. ඡන්දෙ දිනලා ඉවර වුණාට පස්සේ කිව්වේ අපි බොරු කිව්වා කියලා. දැන් කරන්නේ චන්දනීති කැඩීමක්. එපා කියලා කියද්දී මැතිවරණ කොමිසමට කොකා පෙන්නලා යනවා. කලින් අය කරපු වැරැදි නිසා ඒ අයව එපා කියලා දැන් තමුන්ම ඒ වැරැද්ද කරනවා. මාලිමා ජේවීපී රෑන තමයි අපේ රට දැන් නැති කරන්නේ...

:       6       24

Mr.HowsadFriday, 25 April 2025 12:21 PM

කෙරුවෙ මොකක්ද කියලා ඔය හරියටම කියලා තියෙන්නෙ ඩෝර්බි මහත්තයා කවුරුවත් කලින්ම අවිල්ල කියලා. පචේට ආයෙ චන්දෙ හම්බෙන්නෙ නැහැ කියලා දන්න නිසා තමයි දැන් සුපුරුදු රාජපෑමට බැහැලා තියෙන්නෙ.

:       6       17

යෝගා Friday, 25 April 2025 09:36 AM

වැඩේ අනාගෙන, නුවර එකම කුණු කන්දක් කරලා, දළදා වහන්සේට අපහාස කරලා දැන් යනවා ඡන්ද හිඟමනේ. ලැජ්ජයි හලෝ. තමුන්ට සංවිධාන කරන්න පුලුවන් බස් වලින් රැස්වීම් වලට සෙනග අදින එක විතරද?

:       72       66

ලුම්බිණි Friday, 25 April 2025 10:38 AM

දළදා වහන්සේට අපහාස කලේ මේ විදියට අපිළිවෙලට මේක සංවිධානය කළ අය....

:       3       11

JayasekaraFriday, 25 April 2025 11:07 AM

කිසිම අපහාසයක් නැහැ... බුදුරජාණන් වහන්සේ සෝපාක ගාවටත් හොයාගෙන ගියා... ඔයිට වඩා කුණු ගඳ ගහන... ජනාධිපතිතුමා පෝලිම්වලින් නොගොස් කෙළින්ම දළදා වහන්සේ වැන්ද එකටත් දොස් කියපු රටක්නේ මේක...

:       18       4

shyamFriday, 25 April 2025 12:09 PM

අඬන්න එපා අනේ

:       4       2

randil dunuwilleFriday, 25 April 2025 12:21 PM

යෝගට දුක අනුර ජනාධිපති උන කාලේ දළදාව පෙන්වන එක වගේ. රනිල් හරි රාජපක්ෂලා හරි හිටියා නම් "සාදු සාදු" කියයි.

:       14       6

prasanna Friday, 25 April 2025 10:03 AM

චන්දෙ හිඟා කනවා .ලැජ්ජයි

:       54       50

මහසෙන් Friday, 25 April 2025 10:51 AM

හහ්.. මැතිවරණ රාජකාරි වෙන්න ඇති. ගුරා එක තැන ඉඳලා කරන දේ ගෝලයෝ දුව දුව කරනකොට ඔහොම එළියට ඇවිත් රඟපාන්න වෙනවා. පම්පෝරි සහ කයිවාරු ඇති... වැඩ කරන්න. ඡන්දේ දුන්නේ ඒකට...!

:       4       22

Indika Friday, 25 April 2025 10:57 AM

ඡන්දේ ළඟයිනේ.. අනාගත්ත වැඩේ කොහොම හරි ගොඩදාගන්න එපැයි.. බැරිකම වහගන්න එපැයි.

:       6       22

sahan fernando Friday, 25 April 2025 11:15 AM

පැලවත්තේ සල්ලි වලින් වෙන්න ඇති ඔය චන්දෙ හිඟාකන්න යන්නෙ. ඔයිට වඩා නරකද, අර බොනිකර තරුව අරන් ගිහින් උන් එක්ක එකතුවෙලා නුවර වනසලා තියෙන කුණු ටික සුද්ද කළා නම්? නිකන් මීඩියා ෂෝ වල රඟපාන්නේ නැතුව

:       3       15

සෙනෙවිරත්න Friday, 25 April 2025 12:29 PM

අනුර ආවෙත් දළදා පෙරහැර ඉවරයි කියපු අය දැන් මේව දැකලා ඉවසගන්න බැරිව, මොනවා හරි කියවනවා. අනුරට ඡන්ද හිඟන්න අවශ්‍ය නැහැ... ඡන්ද කොහොමත් ලැබෙනවා...

:       23       6

සෙනෙවිරත්න Friday, 25 April 2025 12:33 PM

යෝග ඔයාගෙ අවලාද තියාගන්න, වෙච්ච දේ රටම දන්නවා, තමුන්නැහැලා හිතුවේ ඕක නෙවෙයි, ඔය වන්දනාවට දහයක්වත් එන එකක් නැහැ කියලා, උනේ කව්රුවත් නොසිතපු ජනගඟක් එකතුවීම, සෙනඟ එකතුවෙන තැන අපවිත්‍ර වෙන එක කව්රුත් දන්නවා, අනෙක ඔය එන්නේ සැපගන්න නොවෙයි.

:       16       3

prasanna Friday, 25 April 2025 02:21 PM

ශ්‍රී දළදා වහන්සේට අගෞරව වෙන ආකාරයෙන් කිසිම සැලසුමක් නැතිව රාජ්‍ය නායකයාගේ ක්‍රියා කලාපය අපි දැඩිව හෙලා දකිනවා. දේශපාලන අපරාධ කරුවන්ටදළදා මාලිගාවේ වැඩවලට සම්බන්ධ කරගන්න එපා. නීතියෙන් එය සම්මත කරගන්න.

:       0       10

prasanna Friday, 25 April 2025 02:23 PM

මෙයා දළදා මාලිගාවම අපවිත්‍ර කළා. මෙයාට විරුද්ධව සියලු දෙනාටම ඡන්දය පාවිච්චි කරන්න ළඟ එන මැතිවරණයේදී...

:       2       14

prasanna Friday, 25 April 2025 02:30 PM

කරන්න බැරි දේවල් බාර අරගෙන දැන් කෙඳිරිගාන්න එපා. මහින්දගෙන් මේවා සංවිධානය කරන පිළිවෙළ ඉගෙන ගන්න.

:       2       17

Gagan Friday, 25 April 2025 04:49 PM

ලප කොටා ඡන්ද හිඟමනේ ඇවිත්...

:       2       10

Lalana Friday, 25 April 2025 04:51 PM

සෙනවිරත්න සහ අරවින්ද ඇරැව්වල වගේ අයත් තවම ඉන්නවා.

:       1       6

Ravi Friday, 25 April 2025 04:56 PM

මීට කලින් ශ්‍රී දළදා ප්‍රදර්ශනය සංවිධානය කළේ රජවරු. ඒ වුණත් මේ සැරේ කළේ තඹුත්තේගම මරිසි අන්දරේ...

:       1       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 337 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16525 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 623 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site