ඔන්ලයින් දුම්රිය ආසන ‘මාෆියාවක්’ දුම්රිය ආසන වෙන්කිරීම සම්පූර්ණයෙන්ම මාර්ගගත ක්‍රමයට කිරීමෙන් සාමාන්‍ය ජනතාව තව දුරටත් දැඩි අපහසුතාවට පත්ව සිටින බවත් සැළසුම්සහගත පිරිසක් මාර්ගගත ක්‍රමය ඔස්සේ ආසන වෙන්කරගෙන ඒවා වැඩි මිලට අළෙවි කරන බවත් ජනතාව චෝදනා කරති. 12 September 2024
මහව දුම්රිය මාර්ගය විවෘතය අත්හිටුවයි මහව සිට අනුරාධපුරය දක්වා නවීකරණය කරන ලද නව දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු ජනාධිපතිවරණය ඉලක්ක කරගනිමින් ඊයේ (12) කඩිමුඩියේ ආරම්භ කිරීමට සූදානම් කර තිබුනත් එය අවලංගු කිරීමට දුම්රිය බලධාරීහු පියවර ගත්හ. 12 September 2024
ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම කටුනායකට ආසියානු කුසලාන පාපන්දු ශූරතා තරගාවලියේ තුන් වන වටයට පිවිසීම සදහා සුදුසුකම් ලබා ගත් ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ . 12 September 2024
වසරේ ජනප්‍රියතම පුවත්පත ‘‘ලංකාදීපය‘‘ 2024 වර්ෂයේ ජනප්‍රියතම පුවත්පතට හිමි සම්මානය ලංකාදීප පුවත්පතට හිමි විය. 12 September 2024
අදත් තැනින් තැනට වැසි බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර,නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 12 September 2024
තඹුත්තේගම ඕඅයිසී නොකියාම යන්න ගිහින් තඹුත්තේගම මූලස්ථාන පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස රාජකාරි කළ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා දින තුනක පමණ සිට ආගිය අතක් නොමැති බව මූලස්ථාන පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. 12 September 2024
විස ආලේපන සොයා මිනුවන්ගොඩ පීරයි මිනුවන්ගොඩ නගරයේ රූපලාවණ්‍යගාරයක දී කාන්තාවකට විස සහිත ආලේපන ගැල්වීමේ සිද්ධියත් සමග පාරිභෝගික සේවා අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් විමර්ශන ඒකකය මගින් අද (11) මිනුවන්ගොඩ නගරයේ සිදු කළ වැටලීම්වලදී කල් ඉකුත් වු ආලේපන , ආනයනික විස්තර අඩංගු නොවන අලෙවිය සහ භාවිතය තහනම් කළ ආලේපන සොයා ගත් බව එම ඒකකය සදහන් කරයි. 11 September 2024
නාමල්ගේ රැස්වීමට ගල් ප්‍රහාරයක්:දරුවෙක් තුවාල ලබයි ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කිරීම සඳහා හම්බන්තොට සිරිබෝපුර ප්‍රදේශයේ පැවති ජන හමුවකට ගල් ප්‍රහාරයක් එල්ල වීමෙන් රැස්වීමට පැමිණ සිටි ළමයකු තුවාල ලබා හම්බන්තොට දිස්ත්‍රික් මහා රෝහලට ඇතුළත් කළ බව හම්බන්තොට පොලිසිය පවසයි. 11 September 2024
කෙහෙලිය ඇතුළු තිදෙනකුට ඇප බාල බෙහෙත් නඩුව සම්බන්ධයෙන් මාස 08ක කාලයක් රිමාන්ඩ් බාරයේ රඳවනු ලැබ සිටි හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ඇතුලු සැකකරුවන් තිදෙනකු කොන්දේසි සහිත ඇප මත මුදා හැරීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මියට අද (11) නියම කළාය. 11 September 2024
හරිනි කෝටි 100 ඉල්ලා තිස්සට නඩු දමයි ජාතික ජනබලවේගය පක්ෂය රජයක් පිහිට වූ පසු මහනුවර ඵෙතිහාසික ශ්‍රී දළදා පෙරහර නවත්වන බවට තමන් ප්‍රකාශයක් කළැයි සමඟි ජනබලවේග පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා ජනාධිපතිවරණ රැලියකදී කළ අසත්‍ය ප්‍රකාශයකින් සිදුවු හානියට රුපියල් කෝටි 100ක වන්දියක් අයකර දෙන්නැයි ඉල්ලමින් ජාතික ජනබලවේග පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රීනී ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය කොළඹ දිසා අධිකරණයේ නඩුවක් අද (11) ගොනු කළාය. 11 September 2024
ව්‍යාපාරික වීසා අත්හිටුවීමෙන් ජාතික ආර්ථිකය අවදානමක කෙටි කාලීන ව්‍යාපාරික වීසා නිකුත් කිරීම අත්හිටුවීමෙන් ව්‍යාපාරිකයන් දැඩි ගැටලුවකට මුහුණ පා සිටින බවත් එම ගැටලුව කඩිනමින් නිරාකරණය කරන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවත් ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 11 September 2024
අවම වේතන පනතට කතානායක සහතිකය සේවකයන්ගේ ජාතික අවම වේතනය (සංශෝධන) පනත් කෙටුම්පතට කතානායක මහින්දයාපා අබේවර්ධන මහතා අද සිය සහතිකය සටහන් කළේය. 11 September 2024
දිඹුලාගල සෙල් ලිපියේ වංහුං එළියට ඓතිහාසික දිඹුලාගල කඳු මුදුනින් හමු වූ ශ්‍රී ලංකාවේ විශාලතම සෙල්ලිපිය වසර 2,200ක් පමණ පැරණි බවට අනුමාන කෙරෙන සාක්කි ලැබී ඇතැයි ඒ පිළිබඳ පර්යේෂණ කණ්ඩායමේ නායක මහාචාර්ය කරුණාසේන හෙට්ටිආරචිචි මහතා සඳහන් කරයි. 11 September 2024
දරුවන් ඡන්ද වැඩට එපා දරුවන් මැතිවරණ ප්රචාරක කටයුතු සඳහා පාවිච්චි නොකරන ලෙස මැතිවරණ නිරීක්ෂණ සංවිධාන දේශපාලන පක්ෂවලට දැනුම් දෙයි. 11 September 2024
ලක්ෂ 25ක ඖෂධ කටුනායකින් අල්ලයි රුපියල් ලක්ෂ විසි පහක් පමණ වටිනා ඖෂධ තොගයක් නීතිවිරෝධී ලෙස සහ නිසි අවසරයකින් තොරව මෙරටට රැගෙන ආ ගුවන් මගියෙකු කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අද (11) දින අලුයම අත් අඩංගුවට ගෙන තිබේ . 11 September 2024
කොළඹ වරාය තෙල් විකුණා කප්ගහලා කොළඹ වරාය ජායා ටර්මිනල් ලිමිඩට් ආයතනය ගත වූ වසර පහේදී රුපියල් හැත්තෑ හතර කෝටි හැට ලක්ෂයක පමණ ශුද්ධ ලාභයක් උපයා ගෙන ඇතැයි එහි සභාපති නීතිඥ ලක්මාල් රත්නායක මහතා පැවසීය. 11 September 2024
කෝටි 7 ක කොකේන් කටුනායකින් අල්ලයි කටුනායක ගුවන් බඩු ගම්මානයේ කූරියර් සේවය හරහා නිදහස් කළ පාර්සලයක තිබී රුපියල් කෝටි 7 කට අධික වටිනාකමින් යුත් කොකේන් වර්ගයේ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2.139 ක් අත්අඩංගුවට ගැනීමට රේගු නිවාරන අංශයේ කටුනායක කාර්යාලයේ නිලධාරීන් සමත් වු බව අතිරේක රේගු අධ්යක්ශ ජනරාල්, රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා පැවසීය. 11 September 2024
‘‘මාලිමාවට නොදුන් අයටත් ටික දවසකින් දුක හිතෙයි‘‘ තමුන්නාන්සේලා අපි කෙරෙහි තබන විශ්වාසය ආරක්ෂා කිරීම අපේ වගකීමක්. සැප්තැම්බර් මාසේ 21 වැනිදා අපිට ඡන්දය නොදුන් වෙන කාට හරි ඡන්දය දුන්න කෙනෙක් ඉන්නව නම් එයාටත් හිතෙනවා ටික දවසක් යනකොට අපරාදේ ජාතික ජන බලවේගයට තමයි ඡන්දෙ දෙන්න තිබ්බෙ කියලා. අපිට ඡන්දය නොදුන්න කෙනාගෙත් විශ්වාසය දිනා ගන්න අපි කටයුතු කරනවා. 11 September 2024
අනුන් එක්ක විවාද කරන්න පෙර පක්ෂය ඇතුලේ එකඟතාවයකට එන්න තමාට විවාදයකට කතා කරන්නට පෙර මාලිමාව අනුගමනය කරන්නේ අපනයන ආර්ථිකයද? ආනයන ආර්ථිකයද? කියා පක්ෂය ඇතුලේ විවාද කොට එකඟතාවය කියන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කුරුණෑගල දී පැවසීය. 11 September 2024
සීතා අරඹේපොලට තවත් රාජ්‍ය අමාත්‍යංශයක් විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍යවරිය ලෙස පත් කර තිබේ. 11 September 2024
පවුල් 34ක ඡන්ද පත්‍රිකා පැහැරගෙන කිලිනොච්චිය තැපැල් කාර්යාලයේ ලියුම් බෙදන්නෙකුට තර්ජනය කර පවුල් තිස් හතරකට අයත් ඡන්ද පත්‍රිකා තොගයක් පැහැර ගත් පුද්ගලයෙකු ඊයේ (10) අත්අඩංගුවට ගත් බව කිලිනොච්චිය පොලිසිය පවසයි. 11 September 2024
’’අනුර දවල් හීන දකිනවා’’ අනුර කුමාර ජනාධිපතිධුරය සම්බන්ධයෙන් දවල් හීන දකිමින් සිටින බවත් උතුරට ගොස් දකුණේ අය ඔහුට ඡන්දය දෙන නිසා උතුරත් දිය යුතුයැයි පවසන බවත් සමගි ජනසන්ධානයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මාවතගමදී පැවසීය. 11 September 2024
ඉන්දියාවෙන් පැන්නු කහ සේරක්කුලිය වෙරලේ ඉන්දියාවෙන් නීති විරෝධි ලෙස රැගෙන ආ ලක්ෂ 23 කට ආසන්න කහ තොගයක් වනාතවිල්ලුව සේරක්කුලිය වෙරළ තිරය ආසන්නයෙ කෑලැවක සගවා තිබියදී ගගේවාඩිය විශේෂ යාත්‍රා බළඝණයෙ නිළධාරීන් සොයා ගත් බව කියයි. 11 September 2024
තැපැල් ජන්ද සලකුණු කරන්න අද - හෙට පුළුවන් ජනාධිපතිවරණයේ තැපැල් ජන්ද සලකුණු කිරීමට නොහැකි වූ රාජ්‍ය නිලධාරීන්ට අද (11) සහ හෙට (12) තම සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික්කයේ පිහිටි දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයේදී තැපැල් ජන්දය සලකුණු කිරීමට අවස්ථාව සලසා ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි. 11 September 2024
ඔලිම්පික් නව ලෝක වාර්තාවක් තැබු සමිත ලංකාවට ප්‍රංශයේ පැරිස් නුවර පැවති 2024 පැරා ඔලිම්පික් ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වී , නව ලෝක වාර්තාවක් තබමින් , රිදී පදක්කම දිනා ගත් සමිත දුලාන් ක්‍රීඩකයා පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය . 11 September 2024
ටිපරයක ගැටී සිසුවිය මරුට යාපනයේදී ටිපර් රථයක ගැටී පාසල් සිසුවියක මියගොස් ඇතැයි පොලිසිය සදහන් කරයි. 11 September 2024
අදත් තැනින් තැන වැසි බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 11 September 2024
ට්‍රම්ප් හැරිස් විවාදය ඇමෙරිකා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා, ඩොනල්ඩ් ට්‍රම්ප් සහ කමලා හැරිස් අතරේ පළමු සජීවී රූපවාහිනී විවාදය අද (11) ආරම්භ වෙයි. 11 September 2024
කේට් කුමරිය පිළිකාව පරද්දයි පිළිකා රෝගය සඳහා වෛද්‍යවරුන් නිර්දේශ කළ කිමෝතෙරපි ප්‍රතිකාරය සාර්ථකව අවසන් කළ බවත් ඉදිරි මාසවලදී නැවතත් රාජකීය වැඩකටයුතු සඳහා සීමා සහිතව සහභාගීවීමට බලාපොරොත්තුවන බවත් බ්‍රිතාන්‍යයේ කේට් මිඩ්ල්ටන් කුමරිය ඊයේ(09) වීඩියෝ පණිවුඩයක් තබමින් ප්‍රකාශ කළාය. 10 September 2024
ජනාධිපති අපේක්ෂකයෝ 19 දෙනෙක් තවමත් හැංගිලා ජනාධිපති අපේක්ෂකයන් 19 දෙනකු ජනාධිපතිවරණයට අදාළව අද (10) වන විටත් කිසිම ප්රචාරක කටයුත්තක් කර නොතිබූ බව තොරතුරු අනාවරණය වී ඇති බව පැෆරල් සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසීය. 10 September 2024
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025