IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


විෂයන් තුනටම ‘ඒ’ ගත් සිසු සිසුවියන් 9,457 ක්

(යොහාන් භාසුර)

මෙවර අපොස උසස් පෙළ විභාගයේදී (2024) සිසු සිසුවියෝ 9,457 ක් විෂයන් තුනටම ‘ඒ’ සාමාර්ථ ලබාගෙන ඇති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා ද (27) පැවසීය.

විෂයන් තුනටම ‘ඒ’ සාමාර්ථ ලබාගත් සිසු සිසුවියෝ ප්‍රතිශතය සියයට 3.45 ක් බව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා කීය.කොළඹදී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් අමිත් ජයසුන්දර මහතා එසේ පැවසීය.

එම ප්‍රතිඵල අනුව එම විභාගයට පෙනී සිටි අපේක්‍ෂකයන්ගෙන් සියයට 64.73 ක් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා මූලික සුදුසුකම් සම්පූර්ණ කර ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසීය.

විශ්ව විද්‍යාලවල ප්‍රවේශය සඳහා මූලික සුදුසුකම් ලබන සිසුන්ගේ වර්ධනයක් ප්‍රදර්ශනය කරන බවත් 2023 එය සියයට 64.33 ක් බවට පත්ව තිබූ බවත් ඒ මහතා සඳහන් කළේය.

මෙවර උසස් පෙළ විභාගය සඳහා අයදුම්කරුවන් 274,361ක් පෙනී සිටි බවත් ඉන් සිසුන් 177,588 ක් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා මූලික සුදුසුකම් සපුරා ඇති බවත් ඒ මහතා කීය.

එම විභාගයට පාසල් අයදුම්කරුවන් 222,774 ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 51,587ක් ඇතුළත් වූ බව ද ඒ මහතා වැඩි දුරටත් කීය. 



අදහස් (0)

විෂයන් තුනටම ‘ඒ’ ගත් සිසු සිසුවියන් 9,457 ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site