
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
කටුනායක ආඩී අම්බලම දැවුමොට්ටාව ව්‍යාපාරිකයකුගේ නිවසට කඩා වැදී වෙඩිතබා ඝාතනය කිරීමට කළ උත්සාහයක් අසාර්තක වූ තැන පලා ගිය සැකකරු අනුරාධපුර රාජාංගනය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
සැකකරු පරිහරණය කරන ලද ජංගම දුරකථන අංකයේ කුළුණු වාර්තා ලබාගෙන මීගමුව විශේෂ පොලිස් කණ්ඩායමක් පරීක්ෂණ පවත්වමින් සිටියදී පොලිස් විශේෂ කාර්ය බළකා සාමාජික විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
ඉකුත් 22 වෙනි දින ලෙස ඝාතනය කිරීමට උත්සාහ කර තිබුණේ අංජන නමැති ව්‍යාපාරිකයෙකි.
එහිදී ඝාතනය කිරීමට පැමිණි එක් සැකකරුවෙකු. එම ව්‍යාපාරිකයා ඇතුළු ගම්වාසීන් විසින් පහරදී අල්ලා පොලිසියට බාර දුන් අතර මෙම සැකකරු පළා ගොස් තිබිණ.
COMMENTS
ඇයි මේ වගේ ප්‍රවෘත්ති වලදී සැකකරු අල්ලගත්තු විදිහ සඳහන් කරන්නේ? අපරාධයක් සැලසුම් කරන කෙනෙක් දන්නවා එතකොට දුරකථනය අපරාධයෙන් පස්සේ හැකි ඉක්මනට ඉවත් කරන්න ඕනෑ කියලා. සැකකරුවන් අල්ලාගන්න විදිහ ගැන මාධ්‍යට තොරතුරු දීමේදී පොලිසිය සැලකිලිමත් වෙන්ඩ ඕන, ඒ වගේම වාර්තා කරණයේදී මාධ්‍ය සැලකිලිමත් වෙන්ඩත් ඕනෑ...