IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


සාපෙළ සිසුවියත් උසස් පෙළින් ජය ලබයි

(කේ බුද්ධික කුමාරසිරි)

අධ්‍යනය පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට මාස හයක් ගතවීමට පෙර අපොස උසස් පෙළ (2024) විභාගයට ගණිත අංශයෙන් පෙනී සිට ඒ සාමාර්ථ තුනක් ලබා ගැනීමට පාදුක්ක අරුක්වත්ත පදිංචි රනුලි කවිත්‍යා විජේසිරිවර්ධන ශිෂ්‍යාව සමත් වූවාය.

ඒ අනුව සංයුක්ත ගණිතය, භෞතික විද්‍යාව, රසායනික විද්‍යාව යන විෂයන් තුනටම ඒ සමාර්ථ ලබා ගනිමින් විශිෂ්ට ලෙස සමත් වූ ඇය කොළඹ දිස්ත්‍රික්කයේ 217 වැනියා ලෙස සහ දිවයිනෙන් ම 963 වැනියා ලෙසද සමත්ව ඇත.

දරුවන් තිදෙනකුගෙන් යුත් පවුලක වැඩිමහල් දියණිය වන රනුලි කවිත්‍යා දියණිය පාදුක්ක සිරි පියරතන කනිෂ්ඨ විද්‍යාලයේ ඉගෙනුම ලැබ ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 190 ක් ලබා කොළඹ විශාඛා විද්‍යාලයෙන් සාමාන්‍ය පෙළ දක්වා හදාරා පෞද්ගලික අයදුම්කාරියක ලෙස ඇය උසස් පෙළ විභාගයට පෙනීසිට ඇත.



අදහස් (6)

සාපෙළ සිසුවියත් උසස් පෙළින් ජය ලබයි

ගුණරත්න Sunday, 27 April 2025 05:45 PM

අපේ වැඩිහිටියෝ කියනවා ඒ කාලේ විශේෂ දක්ෂතා ඇති ශිෂ්‍යයන්ට ඩබල් පාස් දෙනවා කියලා, ඒ කියන්නේ වයසට වඩා ඉහළ පන්ති වලට යොමු කරන එක, ඒ ක්‍රමය ආපහු ගෙනාවොත් හොඳයි, මේ තරම් දක්‍ෂ ළමයෙක් ආපහු උසස්පෙළ කළයුතු නැහැ...

:       0       0

බකල ජයා Sunday, 27 April 2025 05:46 PM

සුභග (gifted) දරුවෙක්. බුද්ධිය දියුණුකරන්, ලෝකෙ ගැනත් ඉගෙනගෙන ඉදිරියටම යන්න සුබ පැතුම්!

:       0       0

tissa Sunday, 27 April 2025 06:23 PM

දැන් ඉතින් උසස් පෙළ ටියුෂන් පටන් ගනී 8 වසරේ ඉඳන්...

:       0       0

ගමේ එකාලා Sunday, 27 April 2025 08:02 PM

ඔබ ඉතාම දක්ෂ දියණියක්... අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා.., තෙරුවන් සරණයි...!

:       0       0

L B Gunapala Monday, 28 April 2025 07:15 AM

මෙහෙම අතිදක්ෂයින් බොහොමයක් රටේ සිටිනවා ඇති. ඒත් ඔවුන් කැලේ පිපී කැලේම පරවෙන මල්වගේ නැතුව යනවා.

:       0       8

himal Monday, 28 April 2025 08:31 AM

ඒ දරුවාට ඒ සඳහා මඟ පෙන්වූ ගුරුවරු ගැනත් දාන්න තිබ්බා. මොකද ඉස්කෝලෙන් වෙන්න බෑනේ මාස 6න් උසස් පෙළ කළේ.

:       0       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 312 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 202 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1000 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site