(සුමිත් පොතුපිටිය)
අවුරුද්දට පුතා ගෙනා චීන පටස් එකක් දත්වලින් හැපීමට ගිය මවක බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇති බව පානදුර පොලිසිය
මෙසේ තුවාල ලබා රෝහල් ගත කර ඇත්තේ, පානදුර පදිංචි රජයේ රෝහලක රාජකාරී කරන දන්ත වෛද්‍යවරියක බවද පොලිසිය සදහන් කරයි.
තුවාල ලැබූ වෛද්‍යවරියගේ පුත්‍රයා අසල වෙළදසැලකින් චීන පටස් පහක් මිළදී ගෙන නිවසේ සාලයේ මේසය මත තබා තිබී ඇති අතර, ඒ ගැන නිසි අවබෝධයක් නොමැතිව කුමක්ද යන්න සොයාබැලීම සදහා දන්ත වෛද්‍යවරිය දත් වලින් හපා පරීක්ෂා කිරීමට ගොස් මෙසේ බරපතල තුවාල ලබා ඇති බවද පොලිසිය සඳහන් කරයි.
චීන පටස් එක මුඛය තුලම පුපුරා යාමෙන් පසු මුහුන, දත් සහ මුඛයට බරපතල තුවාල සිදුව ඇති බවත් දත් කිහිපයකට හානි සිදුව ඇති බවත් රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.
බරපතල තුවාල ලබා සිටී වෛද්‍යවරිය කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රථිකාර ලබමින් සිටින බවද වාර්ථාවේ.
පානදුර කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන්ද පිපිරීම සිදුවූ ස්ථානයේ පරීක්ෂා කිරීම් සිදුකර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් පානදුර දකුණ මූලස්ථාන පොලිසිය පරීක්ෂණ පවත්වති.
COMMENTS
ඕනෑ නැති දේවල් හපන්ට යන අයට හොඳ පාඩම...
වෘත්තීය අනුව අලුත් දෙයක් පරීක්ෂා කරන්න ගිය උගත් වෛද්‍යවරියට පානදුර බෝ සමිඳු පිහිටෙන් ඉක්මන් සුවය ලැබේවා!
දැන් GOMA සෙට් එක ස්ට්‍රයික් කරයි නේද.
මගේ කුහරයක් සහිත දතක් ගලවා ගැනීමට පානදුර මූලික රෝහලට ගිය විට එහි වෛද්‍යවරිය කුහරය සහිත දත එසේම තිබෙන්නට හැර හොඳ දතක් ගලවා ඉවත් කරගත්තා. ඇයටද දන්නේ නැහැ මේ අකරතැබ්බය වෙලා ඇත්තේ
සම සෞඛ්‍ය සේවා සඳහා බුද්ධි පරීක්ෂණ පේපර් එකකට පිළිතුරු ලියන්න කිව්වම බොහෝදෙනෙක් විරුද්ධත්වය පෙන්වූ බව පුවතකින් දැක්කා මේ සිද්ධියෙනුත් එම අවශ්‍යතාවය පැහැදිලිව පෙන්වා තියෙනවා මෙහෙම වෛද්‍ය වරුන්ගෙන් වරියන්ගෙන් ප්‍රතිකාර ගන්නා අයට දෙයියන්ගේම පිහිටත්, වාසනාවත් හැර අන් පිහිටක් නැහැ
අන්නෝන්‍ය බැඳීමක් නැති පවුලක සිදුවීමක් ගැඹුරින් හිතලා පිළිතුරු ලබාදෙන්න.
නෝනා උදේ හවස චීන පටස් හපනවා ඇති... නැතිනම් මෙහෙම කරාවිද? දොස්තර කෙනෙක්ද? කොන්දොස්තර කෙනෙක්ද?
නියම දත් දොස්තර කෙනෙක් වගේ...!
මෝඩකම ඇහුණු හැම දෙයක්ම කටේ දාගන්න ගියාම වෙනදේවල්...