
(අංජුල මහික වීරරත්න)
යුද්ධය නිසා උතුරේ ජනතාවට අහිමි වූ නැවත ලබා දිය හැකි සෑම දෙයක්ම ජනතාවට ලබා දීමට පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
පුදුකුඩිඉරිප්පුහිදී අද (26) පැවති "ජය නියතයි ගම අපටයි" ජයග්‍රාහී ජන රැලිය අමතමින් ජනාධිපතිවරයා මේ බව කීය.
"පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ ජන රැලියක් ආමන්ත්‍රණය කරන්නේ මා පළමු වතාවටයි. මීට පෙර මේ පළාතේ ඔබ වෙනත් දේශපාලන කණ්ඩායම් සමඟ කටයුතු කරන්න ඇති. එහෙත් අප වෙනුවෙන් මෙවර වැඩිම ජනතාවක් සමග පවත්වන රැලිය මෙයයි. ගියවර මේ මුලතිව් ආසනය ජාතික ජනබලවේගයට විශාල ජයග්‍රහණයක් ගෙනත් දුන්නා. උතුරේ දෙමළ මුස්ලිම් ජනතාව ජාතික ජනබලවේගය කෙරෙහි විශාල විශ්වාසයක් තබා තිබෙනවා. සිංහල, දෙමළ, මුස්ලිම් අපි එකිනෙකා ඈත් වෙලා හිටියේ. පරණ දේශපාලනය විසින් අපව බෙදුවා. උතුරේ ජනතාව තෝරා ගත්තේ උතුරේ දෙමළ පක්ෂවල නායකයින්. දකුණේ ජනතාව තෝරා ගන්නේ දකුණේ සිංහල පක්ෂවල නායකයින්. නැගෙනහිර ජනතාව තෝරා ගන්නේ නැගෙනහිර මුස්ලිම් පක්ෂවල නායකයින්. එහෙත් පළමු වතාවට පසුගිය මහ මැතිවරණයේදී උතුරේ දෙමළ ජනතාවත් දකුණේ සිංහල ජනතාවත් නැගෙනහිර මුස්ලිම් ජනතාවත් සියලු දෙනා තෝරා ගත්තේ ජාතික ජන බලවේගයයි. බෙදිලා හිටපු අපි එකතු වුණා යනුවෙන්ද ජනාධිපතිවරයා කීය.
COMMENTS
අනේ මගේ අනුර පුතේ, මල්ලියේ, ජනපතිතුමනි, සහෝදරයා, අන්කල්, රනිල්ගේ නඩේ කෙරුවා වගේ මොනවා දුන්නත් ප්‍රභාකරන් කෙනෙක්ව නම් දෙන්න එපා.
මහින්ද මහතාට වැඳලයි යන්න ඕනෑ. කොටි ත්‍රස්තවාදය ඉවර නොකළා නම් මොවුන් මොනවාද කරන්නේ? නිවට නියාලුන් නැවත ප්‍රශ්න මවලා යයි. අනාගත පරපුරකට විසඳන්න...
මහින්ද මහතාට බැනලා කොටි ඩයස්පෝරාවට ආරාධනා කරලා ඇවිත් තියෙන්නේ. මේ ගැන වැඩිය කතා කරන්න අවශ්‍ය නෑ.
හැමදෙයක්ම දෙන්න හොඳේ... එතකොට ඡන්දෙ දීපු අයට ගොඩක් සන්තෝෂ හිතෙයි... නල්ලමා...
එතකොට උතුරේ හිටපු සිංහල ජනයා නැවත උතුරේම පදිංචි කළ යුතුයි.
දැනටමත් ගොඩක් ඒවා දීලා ඉවරයි... අපරාදේ අපේ රණවිරුවෝ ජිවිත පූජා කලේ
මොහුට නූගත් පාඩම් ඉගෙන ගැනීමට තව කල් තිබේ....රටට කෙළවුණු පසු පාඩම්වල ඇති අරැත කුමක් ද? කොටි ඩයස්පොරාවේ දීර්ගකාලීන බුද්ධි මෙහෙයුම සමග මේ පච රාළලාට හැරීමටවත් බැරිය...
ඊළමත් දෙනවැයි පුතා.
පචපති...!
ජයවේවා...!