IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


නියාමක නිවසේ සාදයේදී මත් ජාවාරම්කරු මිය යයි

( බිමල් ශ්‍යාමන් ජයසිංහ )

මහර බන්ධනාගාර නියාමකවරයකුගේ නිවසේදී පැවති මත් සාදයෙන් අනතුරුව   රෝගී වූ පුද්ගලයෙක් මියගොස් ඇතැයි මුල්ලේරියාව පොලිසිය කියයි.

සාදය සංවිධානය කළ බව කියන බන්ධනාගාර නියාමකවරයාද බරපතල තත්ත්වයෙන් ප්‍රතිකාර ලබන බවත් අනෙක් පුද්ගලයාද ප්‍රතිකාර ලබන බවත් පොලිසිය සඳහන් කරයි.

සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ වැල්ලම්පිටිය වෙන්නවත්ත ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් සුබේයිර්  නොහොත් සුමේද (46) නමැති පුද්ගලයෙකි.මත්පැන් සාදය පැවැත් වූ ස්ථානයේ තිබී අඩක් අවසන් කළ ඉස්තරම් වර්ගයේ  විස්කි බෝතල් දෙකක් හා බයිට් වර්ගද පොලිස් භාරයට ගෙන ඇත.

මියගිය පුද්ගලයා  ඉන්දියාවේදී අභිරහස් ලෙස මියගිය බව කියන ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සහ සංවිධානාත්මක අපරාධ කරුවෙකු වන අංගොඩ ලොක්කාගේ සමීපතමෙකු බවත්  ඔහු මීට පස් වසරකටඉහතදී  හොරයින් මත්කුඩු  කිලෝ 54 ක් හා ටී 56 ගිනි අවි 3 ක් සමග කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිට මෑතකදී අධිකරණය මගින්     ඇප මත මුදා හැරිය පුද්ගලයකු බවත් පොලිසිය සඳහන් කරයි.

 



අදහස් (7)

නියාමක නිවසේ සාදයේදී මත් ජාවාරම්කරු මිය යයි

sam Sunday, 27 April 2025 12:41 PM

ඔය එළියේ ඉන්නේ ඔය නියාමකයත්... කුඩු වෙළෙන්දෙක් වෙන්න ඇති... ඒකයි හිරෙන් නිදහසු වුණු කුඩ්ඩෙක් එක්ක සාද දාලා තියෙන්නේ... වහාම නියාමකගේ වැඩ තහනම් කරලා පරීක්ෂණ පවත්වන්න...

:       0       33

නිමල් Sunday, 27 April 2025 12:48 PM

බන්ධනාගාර ඇතුළේ අඩු නැතිවම ජංගම දුරකථන, මත්ද්‍රව්‍ය තියෙන්නේ කොහොමද කියලා මෙවැනි සිදුවීම් වලින් මිනිස්සුන්ට අවබෝධ වෙනවා...

:       0       36

බකල ජයා Sunday, 27 April 2025 12:54 PM

වැටත් නියරත්....

:       0       29

ජිල්බු Sunday, 27 April 2025 12:57 PM

ඉස්තරම් කිව්වේ ඩබල් බ්ලැක් ද ජොන්ස්ටා ස්පෙෂල්ද?

:       0       21

සචිත් Sunday, 27 April 2025 02:22 PM

හරක් කටා ගාව දුරකථනයක් තිබ්බා කියලා පැති කීපයක් ඔස්සේ පරීක්ෂණ කරනවා කියලා තව පුවතක් තිබ්බා. මේ පුවතෙන් පේනවා වැඩිය මහන්සි නොවී මොන පැත්තෙන්ද පරීක්ෂණ කරන්න ඕනෑ කියලා.

:       0       43

Perera Sunday, 27 April 2025 03:37 PM

පාතාලය සහ මත්ද්‍රව්‍ය ජාවාරම් සමග බන්ධනාගාරය අතර සමීප සම්බන්ධතා ඇති බවට මෙයත් නිදසුනක්...

:       1       37

එස් ඒ.තිලකරත්න Sunday, 27 April 2025 08:06 PM

රටේ සුද්ද කරන්න තැන් ගොඩක් තියනවා නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site