IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


මහනුවර නගර සභා සේවකයන්ට දළදා සමිඳුන් වඳින්න අවස්ථාවක්

(මොහොමඩ් ආසික් සහ ජේ.ඒ.එල් ජයසිංහ)

දින දහයක් පුරා පැවැති ඓතිහාසික සිරි දළඳා දැක්මේ කාලයේ මහනුවර නගරයට පැමිණී ලක්ෂ දහයකට අධික ජනතාවගේ යටිතල පහසුකම් සලසා දීම වෙනුවෙන් කැපවීමෙන් ක්‍රියා කළ මහනුවර මහ නගර සභාවේ සේවක පිරිස් සඳහා ශ්‍රී දන්ත ධාතුන් වැද පුදා ගැනිමේ අවස්ථාව අද සවස උදා කර දීමට දළදා ප්‍රදර්ශන කමිටුව කටයුතු කළේය.

මහනුවර නගරයට පැමිණි ජනතාවට අවශ්‍ය ජල පහසුකම් සනිපාරක්ෂක පහසුකම් ලබා දීම මෙන්ම දිනපතා එකතු වන ටොන් ගණනක් වන කැලි කසළ ඉවත් කිරිමේ කටයුතු නිසි පරිදි සිදු කිරීම ආදියට ගෞරවයක් වශයෙන් මෙම සේවකයන් සඳහා මෙම අවස්ථාව ලබා දීමට නාගරික කොමසාරිස් තුමියගේ ඉල්ලීම මත තීරණය කර තිබිණි.

මෙම අවස්ථාවට එක් වූ නගර සභා සේවකයන් සඳහන් කළේ දළඳා වහන්සේ වෙනුවෙන්  තමන් කළ සේවාව වෙනුවෙන් තමන්ට මෙම අවස්ථාව හිමිව ඇති බව තමන් විශ්වාස කරන බවත් එය ලබා දීමට කටයුතු කළ සියළු දෙනාට ස්තුති කරන බවත්ය.

 



අදහස් (4)

මහනුවර නගර සභා සේවකයන්ට දළදා සමිඳුන් වඳින්න අවස්ථාවක්

Chathuri Sunday, 27 April 2025 06:17 PM

කොයිතරන් උතුම් ලැබීමක්ද? වැටුපක් වැඩිකරනවාට වැඩිය මිනිසුන්ව සල්ලි වලට කොන්ද නමා ගන්නේ නැතිව. මෙවැනි දේවල් කිරිමේන් අපේ කියන හැඟීම නිකම්ම එනවා. අර කිරිඇල්ල කියනවා මහනුවර කුණු කසලවලින් පිරිලාලු. ඔවුන් ඉන්නකොට මේ රට අපායක්. ඔවුන් වැඩ ගත්තේ දේවාලේ කපු මහත්තයාගේ මිනී ඔලුවෙන්. ඒකනේ තිරිසන්නු වගෙ ඉන්නේ. කිරි ඇල්ලට කියන්න මේ සේවකයින්ගේ කකුල් දෙක වැඳලා සමාව ගන්න කියලා. ගොබ්බයන් සේරම ගෙදර නතර වුණු පළමුවැනි අති උත්කර්ශ්වත් උත්සවය... ගොබ්බ රැලට වුණු දෙයක්. දැන් මන්‍තිරි වෙසින් එන්න දඟලනවා...!

:       0       0

පිටරැටියා Sunday, 27 April 2025 07:59 PM

ඉතාම වටිනා කාර්‍යයක් ඉටුකළ සියලුම දෙනාට කෘතවේදය පළ කිරීම පිළිබඳව ස්තූතිවන්ත වෙනවා. දිවා රෑ නොතකා, අව්ව වැස්ස නොබලා, ඉතා වෙහෙස මහන්සියෙන් කැපවීම් කරමින්, සිය යුතුකම් නොපිරිහෙලා ඉටු කරමින් කටයුතු කළ, දායකත්වය සැපයූ සියලුම දෙනාට බොහෝම පින්. නිදුක් නිරෝගීසුවය නිරතුරුවම ලැබේවා...!

:       0       0

රනේ Monday, 28 April 2025 06:09 AM

සාදූ! සාදූ!!

:       0       2

පොඩිඑකා Monday, 28 April 2025 10:27 AM

නන්දා මාලනීගෙ, “ගමේ චංඩි ඉස්ටැංලි” සිංදුව වෙනස්කරන කාල ඇවිත්……!

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 701 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site