
(මොහොමඩ් ආසික් සහ ජේ.ඒ.එල් ජයසිංහ)
දින දහයක් පුරා පැවැති ඓතිහාසික සිරි දළඳා දැක්මේ කාලයේ මහනුවර නගරයට පැමිණී ලක්ෂ දහයකට අධික ජනතාවගේ යටිතල පහසුකම් සලසා දීම වෙනුවෙන් කැපවීමෙන් ක්‍රියා කළ මහනුවර මහ නගර සභාවේ සේවක පිරිස් සඳහා ශ්‍රී දන්ත ධාතුන් වැද පුදා ගැනිමේ අවස්ථාව අද සවස උදා කර දීමට දළදා ප්‍රදර්ශන කමිටුව කටයුතු කළේය.
මහනුවර නගරයට පැමිණි ජනතාවට අවශ්‍ය ජල පහසුකම් සනිපාරක්ෂක පහසුකම් ලබා දීම මෙන්ම දිනපතා එකතු වන ටොන් ගණනක් වන කැලි කසළ ඉවත් කිරිමේ කටයුතු නිසි පරිදි සිදු කිරීම ආදියට ගෞරවයක් වශයෙන් මෙම සේවකයන් සඳහා මෙම අවස්ථාව ලබා දීමට නාගරික කොමසාරිස් තුමියගේ ඉල්ලීම මත තීරණය කර තිබිණි.
මෙම අවස්ථාවට එක් වූ නගර සභා සේවකයන් සඳහන් කළේ දළඳා වහන්සේ වෙනුවෙන් තමන් කළ සේවාව වෙනුවෙන් තමන්ට මෙම අවස්ථාව හිමිව ඇති බව තමන් විශ්වාස කරන බවත් එය ලබා දීමට කටයුතු කළ සියළු දෙනාට ස්තුති කරන බවත්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොයිතරන් උතුම් ලැබීමක්ද? වැටුපක් වැඩිකරනවාට වැඩිය මිනිසුන්ව සල්ලි වලට කොන්ද නමා ගන්නේ නැතිව. මෙවැනි දේවල් කිරිමේන් අපේ කියන හැඟීම නිකම්ම එනවා. අර කිරිඇල්ල කියනවා මහනුවර කුණු කසලවලින් පිරිලාලු. ඔවුන් ඉන්නකොට මේ රට අපායක්. ඔවුන් වැඩ ගත්තේ දේවාලේ කපු මහත්තයාගේ මිනී ඔලුවෙන්. ඒකනේ තිරිසන්නු වගෙ ඉන්නේ. කිරි ඇල්ලට කියන්න මේ සේවකයින්ගේ කකුල් දෙක වැඳලා සමාව ගන්න කියලා. ගොබ්බයන් සේරම ගෙදර නතර වුණු පළමුවැනි අති උත්කර්ශ්වත් උත්සවය... ගොබ්බ රැලට වුණු දෙයක්. දැන් මන්‍තිරි වෙසින් එන්න දඟලනවා...!
ඉතාම වටිනා කාර්‍යයක් ඉටුකළ සියලුම දෙනාට කෘතවේදය පළ කිරීම පිළිබඳව ස්තූතිවන්ත වෙනවා. දිවා රෑ නොතකා, අව්ව වැස්ස නොබලා, ඉතා වෙහෙස මහන්සියෙන් කැපවීම් කරමින්, සිය යුතුකම් නොපිරිහෙලා ඉටු කරමින් කටයුතු කළ, දායකත්වය සැපයූ සියලුම දෙනාට බොහෝම පින්. නිදුක් නිරෝගීසුවය නිරතුරුවම ලැබේවා...!
සාදූ! සාදූ!!
නන්දා මාලනීගෙ, “ගමේ චංඩි ඉස්ටැංලි” සිංදුව වෙනස්කරන කාල ඇවිත්……!