
(විමුක්ති එස් රුද්‍රිගු)
පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම බාරගත් ලෂ්කර්-ඊ-තලීබා සංවිධානයේ අණදෙන නිලධාරී අල්තාෆ් ලල්ලී ඉන්දීය ආරක්ෂක අංශ සිදුකළ මෙහෙයුමකදී වෙඩි වැදී මියගොස් ඇතැයි ඉන්දීම මාධ්‍ය වාර්තා කරයි.
ජම්මු සහ කාශ්මීර්හි බන්ඩිපොරා දිස්ත්‍රික්කයේ සිදුකෙරෙන මෙහෙයුමක් අතරතුරදී අල්තාෆ් ලල්ලී මෙලෙස ඉන්දීය ආරක්ෂක අංශ අතින් ඝාතනය වී තිබිණ.
වෙඩි හුවමාරුවේදී පොලිස් නිලධාරීන් දෙදෙනකුද තුවාල ලබා ඇත. ප්‍රදේශයේ ත්‍රස්තවාදීන් සිටින බවට ලද බුද්ධි තොරතුරක් මත ඉන්දීය හමුදාව සහ පොලිසිය එක්ව මෙම මෙහෙයුම සිදු කර තිබිණ.
ඉන්දියාවේ පාලනය යටතේ කාශ්මීර් ප්‍රදේශයේදී 26 දෙනකුට මරු කැඳවූ පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරය වගකිව යුතු ත්‍රස්තවාදීන් සොයා ඉන්දීය හමුදා පොලිසිය මේ වනවිට හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳයි, මිනීමරු ත්‍රස්තයෙක් තුරන් වෙන එක අහන්න සන්තෝස හිතෙන ප්‍රවෘත්තියක්...