IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


මිද්දෙණිය ත්‍රිත්ව ඝාතනයේ සැකකරුවෙක් ඉන්දියාවෙන් පිටුවහල් කරයි

(ටී.කේ.ජී.කපිල සහ ගයාන් සූරියආරචිචි )

මිද්දෙණිය පොලිස් වසමේ ඉකුත් පෙබරවාරි මස 18 දින සිදු කළ වෙඩි තැබීමකින් ත්‍රිත්ව මිනිස් ඝාතයක් සිදු කිරිමට , යතුරු පැදිකරු ලෙස කටයුතු කළ බවට සැකකෙරෙන  31 හැවිරිදි සැකකරු ඉන්දියාවෙන් පිටුවහල් කර කටුනායක ගුවන් තොටුපොළට අද(25) අලුයම එවා තිබියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

ඔහු උස්වැවගෙදර , දෙබොක්කාව ප්‍රදේශයේ පදිංච්කරුවෙකු වන අතර , ඔහු මෙම ත්‍රිත්ව ඝාතනයට අමතරව මනුෂ්‍ය ඝාතන , ජීව අත් බෝම්බ ලග තබා ගැනීම සහ හෙරොයින් ඇතුලු මත්ද්‍රව්‍ය යන චෝදනා රාශියක්  සදහා මිද්දෙණිය , ඌරුබොක්ක , වලස්මුල්ල සහ මිද්දෙණිය යන මාතර කොට්ඨාශයේ පොලීසි රාශියකට අවශ්‍යව සිටි සැකකරුවෙකි .

මෙම ත්‍රිත්ව ඝාතනයේ දී විදානගමගේ අරුණ ප්‍රියන්ත , ඔහුගේ දියණිය සහ පුත්‍රයා වෙඩි වැදීමෙන් ඝාතනය වී තිබුණි .

මෙසේ අත් අඩංගුවට ගත් සැකකරු බෝට්ටුවක් මගින් ඉන්දියාව වෙත පළා ගොස් ව්‍යාජ නමකින් පෙනී සිටියදී , අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එරටට ලබා දුන් තොරතුරු මත ඔහු එරට ආරක්ෂක අංශ මගින් අත් අඩංගුවට ගෙන අද (25 )දින කටුනායකට පිටුවහල් කර එවා තිබුණි .



අදහස් (5)

මිද්දෙණිය ත්‍රිත්ව ඝාතනයේ සැකකරුවෙක් ඉන්දියාවෙන් පිටුවහල් කරයි

බයි සිතිවිලි Friday, 25 April 2025 09:41 AM

ඔහුට සලකලා අහගන්න ඕඩර් එක ආවේ කොහෙන්ද කියලා. අපිට කෙඳිරි ගෑවෙන උත්තර නම් එපා.

:       73       24

prasanna Friday, 25 April 2025 10:01 AM

ඕඩර් එක ජෙප්පන්ගෙන් ඇවිල්ලා තියෙන්නේ. අවුරුදු 5ක් පුරා පවතින පළපුරුද්දක් තියෙනවා. හොරකම්, බැංකු මංකොල්ලය, ගිණි තැබීම, පහරදීම සහ මිනී මරුම් වගේ දේවල් වලට... දැන්වත් හොඳට කරගෙන යනවා.

:       21       97

බයි සිතිවිලිFriday, 25 April 2025 11:20 AM

76 ට වඩා 5 ලොකු හින්ද හොඳයි.

:       31       5

අරවින්ද මොණරවිල Friday, 25 April 2025 11:41 AM

රාජපක්ෂ කල්ලියට උණ ගැනෙන නිවුස් මේවා..!

:       30       5

සෙනෙවිරත්න Friday, 25 April 2025 12:36 PM

කරුණාකර කුහකයින්ගේ, වෛරය වපරන්නන්ගේ සහ මන්ද මානසිකයින්ගේ සහ වරදාන, ⁣වරප්‍රසාද නැතිව තැවෙන්නන්ගේ දේවල් අවශ්‍ය නොවේ.

:       21       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 325 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 205 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1001 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site