IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


පාතාලයට උදව් කරන පොලිස් ලොක්කෝ පිරිසක්

(සුජිත් හේවාජුලිගේ)

පාතාලය සහ මත්කුඩු ජාවාරම්කරුවන් සමග සබඳතා පවත්වන පොලිසියේ ඇතැම් උසස් නිලධාරීන්ද සිටින බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පැවසීය.

පාතාලයට මත්කුඩු ජාවාරම්කරුවන්ට උදව් කරන පොලිස් නිලධාරීන් සීමිත පිරිසක් සිටින බවත්  එය සැමදා තිබූ තත්ත්වයක් බවත් ඔහු කීවේය.

සංවිධානාත්මක අපරාධ කල්ලි පාලනයට රජය විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා ඇතැයිද ඔහු සඳහන් කළේය.

පාතාල මර්දනයට ආණ්ඩුව විශේෂ අවධානය යොමු කර ඇතැයි පැවසූ මහින්ද ජයසිංහ මහතා මේ සඳහා ජනතාවගේ ද සහාය අවශ්‍ය බව ප්‍රකාශ කළේය.



අදහස් (7)

පාතාලයට උදව් කරන පොලිස් ලොක්කෝ පිරිසක්

dds Thursday, 24 April 2025 11:20 AM

ලැබෙන පඩියට වඩා ඉහලින් ජීවත්වෙන අයව හොයන්න. පරම්පරාවෙන් නැත්තං, කලත්‍රයගෙන් නැත්තං අනිවාර්යයෙන්ම අයථා මාර්ග තමයි.

:       1       42

prasanna Thursday, 24 April 2025 11:21 AM

සහතික ඇත්ත . ලොක්කෝ පිරිසක් ආණ්ඩුවේ

:       23       47

අරවින්ද මොණරවිල Thursday, 24 April 2025 11:57 AM

ලංකාවේ දේපළ හා වත්කම් විගණනයක් කළ යුතුයි.

:       2       16

යෝගා Thursday, 24 April 2025 12:20 PM

අතේ සතේ නැතිව ඉඳලා බලයට පත් උනාට පස්සේ ෂැන්ග්‍රිලා හෝටලේ බර්ත්ඩේ පාටි ගන්න අයත් සමහරවිට සම්බන්ධ ඇති. ටිකක් හොයලා බලන්න

:       8       36

Perera Friday, 25 April 2025 04:08 AM

පාරා රාජ්‍යය (deep state) තවත් එක නිදසුනක් මේක. මාලිමාවට ආණ්ඩු බලය තිබුණත්, රාජ්‍ය බලය තවම සම්පූර්ණයෙන් ලැබාගෙන නෑ.

:       0       0

pj Friday, 25 April 2025 04:54 AM

පෝය දෙකෙන් විසදනව කිව්වට දැන් මහජන සහයෝගයක් ගැන විකාර කියවනව. කයිය විතරමයි...මේව වහගන්න දළදා ප්‍රදර්ශනය වගේ තවත් යමක් පෙන්නල රැකෙන්න බලන්න...

:       0       0

Bunny Preena Friday, 25 April 2025 10:24 AM

පාතාලයට සහ අපරාධ වලට සම්බන්ධ චෝදනා ලබා වැරැදි කරුවන් වුණු හැම නිලධාරියෙකුටම විස්තර වතගොත ඡායාරූපත් සමගම ප්‍රසිද්ධ මාධ්‍යෙය් පලකළ යුතුයි. මෙවැනි දේවල් යම් තරමකට වැළැක්වීමට උපකාරී විය හැකියි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 259 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site