IMG-LOGO

2025 ජුනි මස 09 වන සඳුදා


රත්නපුර රෝහලේ 147ක ඩෙංගු වැළඳේ

(ලසන්ත නිරෝෂණ පෙරේරා)

රත්නපුර ශීක්ෂණ රෝහලේ වෛද්‍යවරුන් තිදෙනකු ඇතුලු කාර්ය මණ්ඩලයේ 147 කට ඩෙංගු වැළදි ඇතැයි සෞඛ්‍ය අංශ වාර්තා කරයි.

රතනපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිපයක ඩෙංගු වසංගත තත්වයක අවදානමක් ඇතැයි රත්නපුරයේ පැවති සාකච්ඡාවකදි හෙළි විය.

රත්නපුර දිස්ත්‍රික්කය තුළ මෙම වර්ෂයේ ජනවාරි සිට මේ දක්වා ඩෙංගු රෝගීන් 1311ක් වාර්තා වී ඇතැයි සබරගමු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා සඳහන් කළේය.

රත්නපුර ශීක්ෂණ රෝහලේ පමණක් වෛද්‍යවරුන් තිදෙනකු,  වෛද්‍ය ශිෂ්‍යයන් දෙදෙනකු , හෙදියන් විසිතුන් දෙනකු , ඖෂධවේදීයකු, සෞඛ්‍ය කාර්ය සහයකයන් හැට හතර දෙනකු, ආරක්ෂකයන් හතර දෙනකු, පවිත්‍ර සේවකයන් පහලොස් දෙනකු  වශයෙන් 143  දෙනෙකු මේ වන විට ඩෙංගු රෝගයට ගොදුරු වී ඇතැයි පැවැසේ.

රත්නපුර ශික්ෂණ රෝහලට යාබදව පිහිටි ලය රෝහලේ සෞඛ්‍ය සේවකයන් 14 දෙනකු ඔසු ගබඩාවේ තිදෙනකු ද ඩෙංගු රෝගයට ලක් වී ඇත.

 



අදහස් (2)

රත්නපුර රෝහලේ 147ක ඩෙංගු වැළඳේ

pj Friday, 25 April 2025 05:03 AM

සෞඛ්‍ය ඇමති කොට සරමකින් පමණක් සැරසී ඔළුවෙන් සිටගෙන සුපුරැදු සමච්චල් සිනාවෙන්ම තම නොහැකියාව පිලිගැනීම වටී.........

:       0       1

Suranga Dias Friday, 25 April 2025 06:26 AM

පලාගිය ජනාධිපති දේශපාලන හිතවතුන්ට සෞඛ්‍ය සේවයේ තනතුරු දුන්නා. උන්දැල පිරිසිදු කිරීම් කලයුතුම වුනත් ක්ලීන් සූට් කාරයො කාරියො ලෙසට ආයතන ප්‍රධානීන් බියකරගෙන සිටිනවා මිස ලබන වැටුපට කරන සේවයක් දකින්නම නැහැ .එහි විපාක හැටියට රත්නපුර රෝහල හා වටපිටාවේ ඔහොම වෙන්න ඇති

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 593 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 344 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 489 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site