IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


සූර්වී උඩුගුවනේදී අනඟරැඟුම් පෑ විදේශිකයාට දඩ

(රොෂන් තුෂාර)

උඩු ගුවනේදී සුර් වී   ශ්‍රී ලංකන් ගුවන් සේවිකාවක් ඉදිරියේ අනග රැඟුන්පැ 65 හැවිරිදී ස්විඩන් ජතිකයෙකුට රුපියල් 26500. 00 දඩයක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණ වෙල මහතා අද නියම කළේය.

ගුවන් සේවිකාවට රහස් ප්‍රදේශය පෙන්වීමට තැත් කිරමින්  හා හිංසන සිදුකිරීම යන චෝදනාවන්ට මුල් අවස්ථාවේම වරද පිළිගැනීම හේතුවෙන් මෙම දඩය නියම කළ අතිරේක මහේස්ත්‍රාත්වරයා එය නොගෙවන්නේ නම් මාස හතරක  සිර දඬුවම් හිමි විය යුතුබවටද නියෝග කළේය.

සැකකරු අද අධිකරණයේ පෙනී සිටීමෙන් පසුව සිද්ධිය සම්බන්ධයෙන් වරද පිළිගන්නා බවත්, බීමත්ව අව සිහියෙන් සිදු වූ වරදවල් වලට තමන් පශ්චාත්තාප  වන බවටත් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව මහේස්ත්‍රාත්වරයා  මෙම දඩ හා දඬුවම් නියම කළේය.

ස්වීඩන් ජාතිකයා ශ්‍රී ලංකාවේ උපන් අයෙකු බවද ඔහුගේ නීතිඥවරයා අධිකරණයට කරුණු දක්වමින්න් පැවසීය. සිද්ධියෙන් අගතියට පත් ගුවන් සේවිකාව විත්තිකරුගෙන් වන්දියක් අපේක්‍ෂා නොකරනබව ගුවන් තොටුපළ පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය. 

 



අදහස් (3)

සූර්වී උඩුගුවනේදී අනඟරැඟුම් පෑ විදේශිකයාට දඩ

බද්රානි Thursday, 24 April 2025 03:34 PM

මම නම් හිතුවා කවදාවත් ඔර්ජිනල් සුවිඩ්න් ජාතිකයෙක් නම් කවදාවත් ඔය වගේ නොහොබිනා නොසන්ඩාල වැඩක් නොකරන බව.. පස්සෙනේ දැක්කේ, මේක කරලා තියෙන්නේ ලංකාවේ ජාන තියන ලෝකල් සුවිඩ්න් කාරයෙක්නේ කියලා... ලෝකේ කොයි රටේ පුරවැසිභාවය ගත්තත්, ජන්ම ගතිය ඇරිලා නැහැ...

:       1       33

Nihal Thursday, 24 April 2025 08:24 PM

ළමා අපචාර වලට කප් ගහපු රටක්...

:       0       5

kamal Friday, 25 April 2025 01:17 AM

ඔරිජිනල් ස්වීඩන් ජාතිකයෙක් වෙන්න බෑ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 259 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site