IMG-LOGO

2025 අගෝස්තු මස 05 වන අඟහරුවාදා


කටානේ වෙඩි තැබීමකින් අයෙක් මරුට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ගයාන් සූරියආරච්චි)

පොදු ජන පෙරමුණින් මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා තරග කරන හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු විසින් සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයකු මිය ගොස් ඇතැයි කටාන පොලිසිය කියයි.

සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචිව සිටි රොෂාන් පරණවිතාන නැමැති වයසඅවුරුදු 35 ක පමණ පුද්ගලයෙකි.

අදාල වෙඩි තැබීම සම්බන්ධ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාට මියගිය පුද්ගලයා විසින් එල්ල කළ පිහි ප්‍රහාරයකට ලක්ව බරපතල තත්ත්වයෙන් පොලිස් ආරක්ෂාව මධ්‍යයේ මීගමු රෝහලේ ප්‍රතිකාර ලබන බවත් උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

මියගිය පුද්ගලයා මත්ද්‍රව ළඟ තබා ගැනීම සහ අපරාධ චෝදනා සම්බන්ධයෙන්  නඩු ගණනාවක් තිබෙන පුද්ගලයකු බවත් ප්‍රාදේශීය සභා අපේක්ෂකයා සමඟ කටාන කටියන ප්‍රදේශයේදි ඇතිවූ බහින් බස්වීමකින් අනතුරුව ඔහු පසුපස එළවා ගොස් පිහි පහරවල් කීපයක් එල්ල කර ඇති බවත් අනතුරුව සැකකාර අපේක්ෂකයා විසින් පිස්තෝල ගිනි අවියකින් වෙඩි තබා ඇති බව පොලිසිය කියයි.

එම වෙඩි ප්‍රහාරය එම පුද්ගලයාගේ නළලට පපුවට සහ උදර ප්‍රදේශයට වැදී ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

තුවාල ලද අපේක්ෂකයාගේ ශරීරයටද පිහි පාරවල් රැසක් එල්ල වී ඇතැයි පොලිසිය සඳහන් කරයි.

 



අදහස් (6)

කටානේ වෙඩි තැබීමකින් අයෙක් මරුට

බේරේ ගඳ නෑරේ Tuesday, 22 April 2025 09:40 PM

පොදුජන පෙරමුණේ අයයි, කුඩුකරුවනුයි -- විටෙක බදාගන්නවා, තවත් විටෙක මරාගන්නවා. දෙගොල්ලොන්ට දෙගොල්ලො නැතුව බෑ.

:       4       13

බද්රානි Tuesday, 22 April 2025 10:08 PM

මියගිය පුද්ගලයාව කුඩු කාරයෙක් කරලා ඔහුගේ නමත් ප්‍රසිද්ධ කරලා, මිනීමරුවා වෙඩි තියලා තියෙන්නේ ආත්ම ආරක්ෂාවට කියල නේද මේ කියන්නේ..? කෝ මිනීමරුවාගේ නම..? මිනීමරුවාගේ නම ප්‍රසිද්ධ කරන්න බය ඒ පොහොට්ටුවේ ප්‍රාදේශීය ගණන් කාරයෙක් හින්දද..?

:       4       10

ප්‍රියසාද් Wednesday, 23 April 2025 04:07 AM

කටානේ රණ හඪ!

:       1       9

රසික Wednesday, 23 April 2025 05:00 AM

වෙඩි වැදිලා මැරිච්ච කෙනාගේ නම දාන්න

:       2       6

රනේ Wednesday, 23 April 2025 06:14 AM

ඒ් හැම දෙනා අවි ගත්තෝ වෙති.

:       2       4

kamal Koyrala Wednesday, 23 April 2025 12:09 PM

ගිනි අවි සියල්ල භාරගත්තා කිව්වා නේද, මේ අවි ආවෙ කොහෙන්ද එහෙනම්? දේශපාලකයන් අතට?

:       1       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 223 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 376 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 709 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site