IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


පාස්කු විමර්ශන වලින් මූලික ගැටලු දෙකක් විසඳා ගත්තා

(අංජුල මහික වීරරත්න)

පාස්කු ප්‍රහාරය සම්බන්ධව විමර්ශනවලදී නිරාකරණය කරගත යුතු ප්‍රධාන ගැටලු හයෙන් දෙකක් මේ වන විට නිරාකරණය කරගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගම්පහ ජන රැළියේ දී අද (22) පැවසීය.

වවුනතිව්හි පොලිස් නිලධාරීන් ඝාතනය කළ ස්ථානයට ජැකට් එකක් ගෙන ගොස් දැමුවේ කවුද? සහ එෆ්.බී.අයි එකෙන් දුන් එමි අංකයට අදාළ දුරකථනය කාගේද?යන ප්‍රශ්න දෙකට පිළිතුරු සොයාගෙන තිබෙන බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

සියලු ප්‍රශ්න ක්‍රම ක්‍රමයෙන් ලෙස ලිහමින් සිටින බව කී ජනාධිපතිවරයා කොච්චර පරණ වුනත්  විමර්ශන හරියට කරන බවට  ප්‍රතිඥා දෙන බව අවධාරණය කළේය.

"පාස්කු ප්‍රහාරයට අවුරුදු හයක් ගත වී තිබෙනවා. එම කාලයෙන් පහ මාරක්ම ගත වුනේ විමර්ශන වසන් කරන්න. සාක්ෂි යටපත් කරන්න සහ පරීක්ෂණයේ දිශාව වෙනස් කරන්න උත්සාහ කළා.

සැබැවින්ම පරීක්ෂණයට යා යුතු තැන් අත්හරින්න උත්සාහ කළා.පරීක්ෂණ දියත් වුනේ මෙහෙම තමයි. දැන් නැවත ඒ විමර්ශන සක්‍රීය කොට තිබෙනවා. ප්‍රතිඵල ලැබෙමින් තිබෙනවා යනුවෙන් ද ජනාධිපතිවරයා කීය.

පළාත් පාලන මැතිවරණයේ ජාතික ජන බලවේගයේ ජය තහවුරු කිරීම සඳහා මෙම ජනරැළිය පැවැත්විණි.



අදහස් (13)

පාස්කු විමර්ශන වලින් මූලික ගැටලු දෙකක් විසඳා ගත්තා

රම්බොඩ Tuesday, 22 April 2025 11:22 PM

අද daily mirror කියවපු ඕනෑම කෙනෙකුට මෙයා කෙළින පච ගැන අදහසක් ගත හැකිය

:       10       15

Rodni Wednesday, 23 April 2025 12:02 AM

ඇත්තටම හොඳ පිං ලිඳ ගාව ඕපාදුප කියන්න විතරයි

:       11       13

Neel Wednesday, 23 April 2025 03:03 AM

නියම නායකයෙක්. ශ්‍රී ලංකාවට ජය වේවා...

:       15       10

Kumara Wednesday, 23 April 2025 05:44 AM

එහෙනම් ඒ හොඳටම ඇතිනේ .අපිට වෙන මොනවත් ඕන නැහැ

:       4       14

යෝගා Wednesday, 23 April 2025 06:47 AM

ඉතුරු ගැටලු හතර ඊලඟ ඡන්දය එනකම් කියව කියව ඉන්න තියාගන්නම් හොඳේ

:       9       18

Perera Wednesday, 23 April 2025 06:50 AM

ගැරඬින්ට භූමිතෙල් වැදිලා කලබලෙන් දඟලන්නේ මොකද්ද කියලා පැහැදිලියි

:       14       11

prasanna Wednesday, 23 April 2025 10:54 AM

මුවන් පැලැස්සේ පිනා

:       6       11

Janath Wednesday, 23 April 2025 10:58 AM

මහා චේතිය

:       6       9

අරවින්ද මොණරවිල Wednesday, 23 April 2025 11:29 AM

පාස්කු හැලිය දැන් හොඳටම රත්වීගෙන එන්නේ, මෙපමණ කාලයක් සැපයක් යයි හිතමින් දිය කෙළි, මිනීමරු, කක්කුටු රැලට ඒකේ සාපය ළඟා වෙමින් තිබෙනා බව දැනෙනවා ඇති. ජාතික ජනබල වේගය හැර වෙන කවුරුන්ද ඒ වින්දිතයින්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට යුක්තිය ඉටු කරන්නේ?

:       7       2

Nuwan Wednesday, 23 April 2025 12:44 PM

බලාගෙන පොලව පලාගෙන යයි

:       2       7

Hiran Wednesday, 23 April 2025 12:46 PM

අන්තිමට චේගුවේරා පච උනා

:       2       7

Sinha Wednesday, 23 April 2025 12:47 PM

පචාධිපති

:       2       9

ගුණරත්න Wednesday, 23 April 2025 06:30 PM

ෂුවර්ද සැර්, පොලිස්සියේ මහත්තුරු කියන්නේ පාස්කු විමර්ශන වාර්තාව තව කමිටුවකට දැම්මා කියලා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 259 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site