
(අංජුල මහික වීරරත්න)
නැවත කිසි දිනක ගොවීන්ගේ කෘෂි නිෂ්පාදන තුට්ටු දෙකට විකුණන්න ඉඩ තබන්නේ නැතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පොළොන්නරුව ජන හමුවකදී පැවසීය.
ආරම්භක පියවරක් ලෙස රජය වී මිලදී ගැනීමට වී අලෙවි මණ්ඩලයට කෝටි 500ක් දුන් බව කී ජනාධිපතිවරයා සතොස වී මිලදී ගන්නට තවත් සැලැස්මක් හැදූ බව පැවසීය.
ඕනෑ කෙනෙක් ගොවීන්ට වැඩිපුර මුදල් දී වී මිලදී ගත්තාට කමක් නැති බව කී ජනාධිපතිවරයා හැබැයි සහල් පාලන මිලට විකිණිය යුතු බව සඳහන් කළේය.
අඩුවට යන හැම වී ඇටයක්ම ආණ්ඩුව මිලදී ගන්නවා. තවදුරටත් ගොවි ජනතාවට තමන්ගේ අස්වැන්න විකුණගන්න බැහැ කියලා අස්වැන්න කුණු කොල්ලයට ගියා කියලා හඬා වැටෙන්න අවශ්‍ය නෑ. මිල ස්ථාවර කර ගැනීම සඳහා මැදිහත් වෙන්න ආණ්ඩුව ලෑස්තියි.
වී මිල බැස්සොත් අපි ගන්නවා. ඉහළ ගියොත් ඒ ගොල්ලො ගනියි. ආණ්ඩුව අරන් ගොඩ ගහගන්න ඕන කමක් නෑ. අපිට ඕනේ ගොවියාට සාධාරණ මිලකට වී මිල ස්ථාවරව තියන්න. ඒ සැලැස්ම සාර්ථක වෙලා තියෙන්නේ යනුවෙන්ද ජනාධිපතිවරයා කීය.
2025 දෙසැම්බර් මස 18
358
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
213
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වී මිල බැස්සොත් අපි ගන්නවා- ඉහළ ගියොත් ඒ ගොල්ලො ගනියි
Kapila Sunday, 20 April 2025 03:40 PM
කට තමයි කට.
swene Sunday, 20 April 2025 03:57 PM
පෙරලුනු පැත්ත හොඳයි කියමු.
prasanna Sunday, 20 April 2025 04:08 PM
කයිය නායක හොඳටම ඇති! නවත්වන්න දැන්වත් ඔය බොරු පොරොන්දු. ඔබතුමා ගජබින්නාලංකාරයේ දෙවැනි කොටස ලියා ඉවර කරන්නේ කවද්ද?"
MD Sunday, 20 April 2025 11:46 PM
ඕක කරන්න මෙවැනි රටකට පාර්ලිමේන්තු මන්ත්‍රී වරු 225 යි ජනපතියි අවශ්‍යයිද?
Gamini Monday, 21 April 2025 10:00 AM
පච කියන දේවල් මූණෙන් බේරෙනවා
Vimal Monday, 21 April 2025 02:38 PM
මේ වගේ දේවල් කරන්න නායකයෝ ඕනෙද? ඕක දෙන්න පිටකොටුවේ තොග වෙළෙන්දෙකුට... කවුරු විසින් කාහට කියන ලද්දක්ද?