IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


පානදුරාවාදයේ ලේඛන හතරක් ලෝක උරුම ලේඛන අතරට

(සන්ඩේ ටයිම්ස්)

මෙම වසරේ ලෝක ලේඛනයට මතක සටහන් ලෙස එක්කළ ලෝක උරුම ලේඛන අතර මෙරට 1873 දී සිදුවූ පානදුරාවාදය සම්බන්ධ ලේඛන හතරක් තිබෙන බව යුනෙස්කෝ සංවිධානය පසුගියදා ප්‍රකාශ කළේය.

ලෝක ලේඛනයට මෙම වසරේදී ලෝක උරුම ලේඛන 74 ක් එක් කිරීමට යුනෙස්කෝ සංවිධානය කටයුතු කළේය.

පානදුර රන්කොත් විහාරයේ තැන්පත් කර ඇති මෙම ලේඛන හතරෙහි විශාල ඓතිහාසික, සංස්කෘතික, අධ්‍යාත්මික සහ බුද්ධිමය වටිනාකමක් ඇති බව යුනෙස්කෝ සංවිධානය පැවැසුවේය.

ක්‍රිස්තියානි සහ බෞද්ධ ආගමික භක්තියකයන් අතර සමහිය ඇති කිරීමේ අරමුණින් මෙම ලේඛන නිර්මාණය වී තිබුණු බවද යුනෙස්කෝ සංවිධානය ප්‍රකාශ කළේය.

මූලධර්මීය කරුණු සම්බන්ධයෙන් විවෘත සංවාදයක් ගොඩානගා ගත යුතු බවට ආගමික නායකයන් අතර හුවමාරු වූ ලිපි මෙන්ම සමස්ත සංවාදයම ඊට ඇතුළත් වේ. පිටු 27 හමාරක් දිග මෙම ලේඛනය තීන්ත භාවිත කරමින් අත් අකුරෙන් පිටපත් කර ඇත.

පානදුර වාද අනුස්මරණ කමිටුව වෙනුවෙන් රන්කොත් විහාරයේ විහාරාධිපති මහාචාර්ය කහපොළ සුවතරතන හිමියන් විසින් යුනෙස්කෝ සංවිධානයෙන් කරන ලද ඉල්ලීමකට අනුව ලෝක ලේඛනයට මෙම ලේඛන ඇතුළත් කිරීම යුනෙස්කෝව මෙලෙස තීරණය කර තිබේ. ජාතික පුස්තකාල සේවා මණ්ඩලය හරහා මෙම ඉල්ලීම මහාචාර්ය කහපොළ සුවතරතන හිමියන් විසින් යුනෙස්කෝවට ඉදිරිපත් කරනු ලැබ ඇත.

 



අදහස් (1)

පානදුරාවාදයේ ලේඛන හතරක් ලෝක උරුම ලේඛන අතරට

ලේඛන දිරාපත් Monday, 21 April 2025 05:02 AM

ඉතාමත් වටිනකමක් තියෙන මේ ලේඛන ආරක්ෂා කිරිමට හාමුදුරුවො ගත් පියවර අගයමු. ඒවා සංරක්ෂණය සදහා යම් පියවරක් ගන්නවානම් අගෙයි. මේ සමග පැරණි කච්චේරිවල තියෙන වැදගත් ලේඛන සංරක්ෂණය නොකිරීම වගේම රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාරමේන්තුව යම් ලේඛනයක පිටපතක් ඉල්ලුවාම ලේඛන දිරාපත් කියල දෙන්නෙ නැහැ. ලේඛනාරක්ෂක පනත අනුව ලේඛන සංරක්ෂණය කරන්නෙත් නැහැ .එනිසා වටිනා ලේඛන දැඩිසේ විනාශයට පත්වෙනවා .ඒගැන ජනාධිපතිතුමා හා රාජ්‍ය පරිපාලන ඇමතිගේ අවධානයට යොමුවී සිදුවන විනාශ වීම නැවැත්වීමට කටයුතු කරනවානම් හොදයි

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 717 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2389 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1750 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site