IMG-LOGO

ලංකාව ඩොලර් ලක්ෂ 13 ක එජා සාමාජික ගාස්තුව ගෙවයි

තාලිෆ් ඩීන්- ද සන්ඩේ ටයිම්ස්

ශ්‍රී ලංකාව, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකයකු ලෙස 2025 වසර සඳහා සාමාන්‍ය අයවැයට ගෙවිය යුතු ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 13 ක පමණ මුදල සම්පූර්ණයෙන් ගෙවා අවසන් කළ බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක ස්ටෙෆනි ට්‍රෙම්බ්ලේ පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළාය.

ඒ අනුව සාමාජිකයන් 193 දෙනකුගෙන් යුත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 2025 වසරේ සඳහා ගෙවිය යුතු සියලුම මුදල් ගෙවා අවසන් කළ 93 වැනි රට බවට ශ්‍රී ලංකාව පත්වූ බව ද ඇය පැවැසුවාය.

සංවර්ධනය වෙමින් පවතින රටක් වන ශ්‍රී ලංකාව සිය හිඟ සාමාජික ගාස්තු ගෙවා අවසන් කිරීම පිළිබඳව ස්තුතිවන්ත වන බව ද ඇය ප්‍රකාශ කළාය.

එක්සත් ජාතීන්ගේ සංවිධානයට වැඩිම හිඟ මුදලක් ගෙවීමට ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදය වේ. ඩොලර් බිලියන 2.8 ක හිඟ මුදලක් ඇමෙරිකාව එක්සත් ජාතීන්ගේ සංවිධානයට ගෙවිය යුතුව ඇතත් ඇමෙරිකාව එය තවමත් ගෙවා නොමැත. ඉන් ඩොලර් බිලියන 1.5 ක් ඇමෙරිකාව එක්සත් ජාතීන්ගේ සාමාන්‍ය අයවැයට ගෙවිය යුතුව ඇත.

 



අදහස් (0)

ලංකාව ඩොලර් ලක්ෂ 13 ක එජා සාමාජික ගාස්තුව ගෙවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 30 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 623 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 341 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site