IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ඇමැති බංගලා කිහිපයක කොටස් අතුරුදන්


(සුජිත් හේවාජුලිගේ)

සමහර ඇමැති බංගලාවල වටිනා කොටස් ගලවාගෙන ගොස් ඇති බව පෙනී යන්නේ යැයි රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළේය.

ඇමැති බංගලා  රැසක් කැලෑ වැදී ජරාවාස වී ඇතැයිද   අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළේය.

කාලයක් තිස්සේ පාවිච්චි නොකිරීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇත.මේ අතර ඇමති බංගලා අතුරින් කිහිපයක් පාවිච්චියට ගත නොහැකි අන්දමට අබ ලන්ව ඇතැයි අමාත්‍යාංශය පවසයි.

පාවිච්චියට ගැනීමට පෙර ඒවා පිළිසකර කිරීමට සිදුවන බවත්  ප්‍රතිසංස්කරණය සඳහා මුදල් සොයා ගැනීම ගැටළුවක් බවත් අමාත්‍යාංශ ප්‍රකාශකයෙක් පැවසීය. කොළඹ නගරයේ ඇමැතිවරුන්ට වෙන් කෙරුණු බංගලා පනහක් පමණ පවතී. මෙම බංගලා පාවිච්චි නොකිරීමට නව රජයේ අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත.

මෙම ඇමති බංගලා ආර්ථික අතින් ඵලදායි ව්‍යාපෘතිවලට යෙදවීමට රජය බලාපොරොත්තු වෙයි.

 

 

 



අදහස් (4)

ඇමැති බංගලා කිහිපයක කොටස් අතුරුදන්

රම්බොඩ Monday, 21 April 2025 11:22 AM

අන්තිමට වෙන්නේ මේවා නැති නාස්ති වෙලා යන එක වගේ. අර වාහන වලටත් වුණෙු ඒකනෙ.

:       6       6

අරවින්ද මොණරවිල Monday, 21 April 2025 11:29 AM

බංගලා ටික හරි ඉතුරු කරලා ගිය එකම ඇති අපේ හාමුදුරුවනේ !

:       3       9

ගමේ එකාලා Monday, 21 April 2025 02:24 PM

රටම හොරාකාලා විනාශ කරපු දූෂිත දේශපාලුවන්ට ඕවාත් වැඩද? පුදුමයි ඔහොමවත් තිබුණු එක ගැන...

:       2       4

pj Monday, 21 April 2025 03:22 PM

සුපුරුදු කයිය විතරයි. රජයේ වටිනා දේපොළ රැක ගන්න කිසිම සැලැස්මක් නැහැ. ඊර්ෂ්‍යාව ක්‍රෝධය වෙෙරය වපුර වපුරා ඉන්න... පෙරහැර යයි...

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 352 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1008 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site