පුංචි ඡන්දෙට අලුතින් නාම යෝජනා කැඳවන්න යයි පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය සහ ඡන්ද අපේක්ෂකත්වය ලැබීමේ අයිතිය අහිමි වී ඇති ඡන්ද දායකයින්ගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා නාම යෝජනා නැවත කැඳවීමට අවශ්‍ය විධිවිධාන සලසා දීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 03 September 2024
බඹරු ඇන 6ක් රෝහලේ නල්ලතන්නිය , ලක්ෂපාන තේ වතුයායේ, හැමිල්ටන් කොටසේ තේ දළු නෙලමින් සිටි වතු කම්කරු කාන්තාවන් පිරිසකට අද (03) එල්ල වු බඹර ප්‍රහාරයකින් කාන්තාවන් 06 දෙනෙක් තුවාල ලබා මස්කෙළිය ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇතැයි පොලීසිය කියයි. 03 September 2024
කුකුළේ ගඟ වාන් දොරටු දෙකක් අරී පවත්නා වර්ෂාවත් සමඟ කුකුළේ ගඟ ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පවසයි. 03 September 2024
ඉරාකයේ අයි.එස්. තර්ජන අවසන් අයි.එස්.අයි.එස්. හෙවත් අයි.එස්. ත්‍රස්ත සංවිධානය තව දුරටත් ඉරාකයට තර්ජනයක් නොවන බව, ඉරාක අග්‍රාමාත්‍ය මොහොමද් ෂියා අල් සුඩානී පවසයි. 03 September 2024
අරගලකරුවෝ හසීනා ආපසු ඉල්ලන්න සූදානම් හිටපු අගමැතිනී ෂෙයික් හසීනා බංග්ලාදේශයට පිටුවහල් කරනවාද නැද්ද යන්න තීරණය කිරීමේ අයිතිය ඉන්දීය රජය සතු බවත් හසීනා බංග්ලාදේශයට පිටුවහල් කරන ලෙස අන්තර්වාර රජය ඉන්දියාවෙන් ඉල්ලීමක් කිරීමට ඉඩ තිබෙන බවත් එරට විදේශ කටයුතු උපදේශක එම්.ඩී තවුහිද් හොසේන් මහතා ප්‍රකාශ කළේය. 03 September 2024
කාටුකුලියන්කුලම ඝාතනයට දෙකක් සැකපිට පරසන්ගස්වැව,කාටුකුලියන්කුලම ප්‍රදේශයේ නිවසකදි දෙපිරිසක් අතර ඇතිවු ආරාවුලකදි තියුණු ආයුධයකින් පහරදි 37 හැවිරිදි පුද්ගලයෙකු ඝාතනය කිරිමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් දෙදෙනෙකු අද (03) අත්අඩංගුවට ගත්බව පරසන්ගස්වැව පොලිසිය කියයි. 03 September 2024
‘සම්බුද්ධ ශාසනයේ චිරස්ථතියට කටයුතු කරනවා‘ ’’මිහින්තලා ප්රකාශනයේ’’ සඳහන් වන ආකාරයට විහාර ගම් දේවාල පනත යළි සකස් කිරීම සඳහා මහා සංඝරත්නය, විශේෂඥයින්, ප්‍රවීණයන් සියලු කොටස්කරුවන් ඇතුළු සියළු පාර්ශව කරුවන් සමග සාකච්ඡා කොට සම්බුද්ධ ශාසනයේ චිරස්ථතිය උදෙසා අති මහත් බහුතරයකගේ එකඟතාවයෙන් යුතුව කටයුතු කරන බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 03 September 2024
සජබෙ දෙමළ ඡන්ද හොරකමේ ගිහින් එවේලේම අසු වුණා සමගි ජන බලවේගය දෙමළ පක්ෂ වලින් ඡන්දය හොරකම් කරන්නට ගොස් ඒ මොහොතේම හොරකම අසු වූ බැවින් ඔවුන්ට දැන් යාපනයටවත් යන්න බැරි තත්ත්වයක් ඇතිවී තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 03 September 2024
ප්‍රාණඇපකරුවන් මියයෑම: නෙදන්යාහු සමාව ඉල්ලයි හමාස් ග්‍රහණයේ සිටි ප්‍රාණඇපකරුවන් මියයෑම සම්බන්ධයෙන් කනගාටුව පළ කළ ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු ඒ සම්බන්ධයෙන් තමන්ට සමාව දෙන්නැයි ඊශ්‍රායල වැසියන්ගෙන් ඉල්ලීමක් කළේය. 03 September 2024
වන අලි ගැටලුවට විසඳුම් ඉල්ලා මිනියක් රැගෙන ගැමියෝ පාරට වව්නියාව මහකච්චිකොඩිය ප්‍රදේශයේදී ගෙවී ගිය සතියක කාලය තුලදී වනඅලි පහරදීම හේතුවෙන් මරණ දෙකක් සිදුවීම හේතුවෙන් ආරක්ෂාව ඉල්ලා මහකච්චකොඩිය ගම්වාසීන් විරෝධතාවක නිරත වූහ. 03 September 2024
‘‘පාලකයාගේ වුවමනාවයි ජනතාවගෙ වුවමනාවයි දෙකක්‘‘ ජනතාවට තිබුණා වංචනිකයන්ට, දුෂිතයන්ට දඩුවම් දීමේ වුවමනාව. හැබැයි පාලකයන්ට ඒ වුවමනාව තිබුණෙ නැහැ. අපේ රටේ ජනතාවගේ වුවමනාවයි මෙතෙක් ගොඩනැගුණු පාලකයාගේ වුමනාවයි දෙකක්. 03 September 2024
පාප්තුමා ඉන්දුනීසියාවට ආසියානු සංචාරයක් ආරම්භ කළ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් මුස්ලිම් බහුතරයක් වෙසෙන ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවරට පැමිණියේය. 03 September 2024
අනතුරින් එකම පවුලේ තුනක් රෝහලේ බදුල්ල මහ රෝහලේ සායනයකට ගොස් ආපසු එමින් සිටි පිරිසක් ගමන් ගත් ත්‍රීරෝද රථයක් බදුල්ල මහියංගණ මාර්ගයේ දොළොස්වන සැතපුම් කණුව ආසන්නයේදී ඉදිරියෙන් පැමිණි බස් රථයක ගැටී ත්‍රීරෝද රථයේ ගමන් ගත් එකම පවුලක සැමියා බිරිය සහ ලේලිය බරපතල තුවාල ලබා රෝහල්ගතකර ඇතැයි පොලීසිය කියයි. 03 September 2024
රට පුරා සන්නද්ධ හමුදා කැඳවීමට ආඥාවක් මහජන ආරක්ෂාව සඳහා රට පුරා සන්නද්ධ හමුදා කැඳවීමට ජනාධිපතිවරයා ආඥාවක් නිකුත් කර ඇතැයි කතා නායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නේය. 03 September 2024
කරුණාරත්න පරණවිතාන දිවුරුම් දෙයි සමග ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රීනි නීතිඥ තලතා අතු කොරල මහත්මිය ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධූරය සඳහා පත් කෙරුණු හිටපු මන්ත්‍රී කරුණාරත්න පරණවිතාන මහතා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ පාර්ලිමේන්තුවේදී අද පෙරවරුවේ දිවුරුම් දුන්නේය. 03 September 2024
ලොරියක් ඩෙවොන් ඇලට පෙරැලෙයි තලවකැලේ සිට හැටන් කොටගල දක්වා ධාවනය කරමින් තිබු ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන ඩොවොන් දිය ඇල්ලට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා ඩොවොන් ඇළ මාර්ගයට පෙරලිමෙන් ලොරි රථයේ රියදුරා රෝහල්ගත කර ඇතැයි පොලීසිය කියයි. 03 September 2024
ව්‍යාපාරික පන්තියෙන් ප්‍රංශයට යන්න හැදූ තරුණයා මාට්ටු කටුනායක ගුවන් තොටුපොළ ඉතිහාසයේ පළමු වරට , ගුවන් තොටුපොළ ව්‍යාපාරික පංතියේ පහසුකම් භාවිතා කර ප්‍රංශය වෙත පළා යාමට තැත් කළ තරුණයෙකු ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ . 03 September 2024
රැඳවියා හිටි හැටියේ මරුට රථවාහන නඩුවක් සම්බන්දයෙන් දඬමුදල් ගෙවිමට නොහැකිවිම නිසා ගාල්ල බන්ධනාගාරයේ සිරදඩුවම් විදිමින් සිටි රැදවියකු දිය නාමින් සිටියදි සිහිසුන් වි ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරිමෙන් පසු මියගොස් ඇති බැව් ගාල්ල බන්ධනාගාරය පවසයි. 03 September 2024
පොරවකින් ගසා බිරිය මරලා සැමියා විසින් බිරිඳට අත් පොරවකින් පහරදී ඝාතනය කර ඇතැයි අවිස්සාවේල්ල පොලිසිය කියයි. 03 September 2024
අදත් මි.මි. 100 ඉක්ම වූ වැසි බස්නාහිර, සබරගමුවසහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළියදිස්ත්රික්ක වලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 03 September 2024
මදුරෝගේ ගුවන් යානය උස්සලා වෙනිසියුලා ජනාධිපති නිකලස් මදුරෝ විසින් මිලදී ගනු ලැබූ බව කියන ගුවන් යානයක්, තම භාරයට ගැනීමට ඇමෙරිකන් බලධාරීන් පියවර ගෙන ඇත. 03 September 2024
දිගටම පහර දෙනවා නම් ප්‍රාණඇපකරුවන් මියයාවි ඊශ්‍රායලය ගාසා තීරයට එල්ල කරන ප්‍රහාර නවත්වන්නේ නැතිනම්, තම ග්‍රහණයේ පසුවන සෙසු ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් ද මියයනු ඇතැයි හමාස් සංවිධානය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහුට අනතුරු අඟවයි. 03 September 2024
මෝදි අද බෲනෙයි රාජ්‍යයට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ද්වී පාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීමේ අරමුණ ඇතිව, දෙදින නිල සංචාරයක් සඳහා අද (3) බෲනෙයි රාජ්‍යය බලා යෑමට නියමිතය. 03 September 2024
කෙස් යන්න ක්‍රීම් ගෑ සැලුන් කත අල්ලනු හිස කෙස් සකස් කිරීමේ දී ගල්වන ලද ආලේපනයන් හේතුවෙන් කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අදාළ රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය සහ ඇයගේ සහායක සේවිකාවන් දෙදෙනා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් ටී තේනබඳු මහත්මිය අද සෝදිසි වරෙන්තුවක් නිකුත් කරමින් පොලිසියට නියෝග කළේය. 03 September 2024
ක්න්ටේනරය ඇතුලේ මළ සිරුරක් කොළඹ වරායේ යු ටි සි අංගනය වෙත පැමිණි කන්ටේනරයක එන්ජින් කොටසේ එහි සහායකයා හිටිහැටියේ මියගොස් ඇතැයි වෙරළ බඩ පොලිසිය කියයි. 02 September 2024
දැවැන්ත ව්‍යාපෘති 50 ක තොරතුරු තවමත් ජනතාවට වහං කරගෙන ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක රුපියල් කෝටි ලක්ෂයකට වටිනාකමින් යුත් මහා පරිමාණ යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති 50 ක් පිළිබඳ ජනතාවට තොරතුරු හෙළි කර ඇති ප්‍රතිශතය සමස්තයක් ලෙස සියයට 36 ක් බව වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය. 02 September 2024
කාටුකුලියන්කුලම දෙපිරිසක් ගැටී අයෙක් මරුට කාටුකුලියන්කුලම ප්‍රදේශයේ නිවසකදි දෙපිරිසක් අතර ඇති වු ගැටුමක් දුරදිග ගොස් පුද්ගලයෙකු මිය ගොස් තවත් පුද්ගලයන් තිදෙනෙකු බරපතල තුවාල ලබා අද (02) දින රොහල් ගත කළ බව පරසන්ගස්වැව පොලිසිය කියයි. 02 September 2024
ජාන සොයා ගිය රුසියානුවන් දෙදෙනා රිමාන්ඩ් නකල්ස් සංරක්ෂිත වනාන්තරය, සිංහරාජ ලෝක උරුම වනාන්තරය සහ හෝර්ටන් තැන්න ජාතික උද්‍යානයට ඇතුළු වී මෙරටට ආවේනික ජෛව සම්පත් කොල්ලකෑමට උත්සහ කළැයි කියන රුසියානු ජාතික තරුණයන් දෙදෙනා අද (3) දින දක්වා යළි රිමාන්ඩ් කරන්නැයි ඇඹිලිපිටිය වැඩ බලන මහේස්ත්‍රාත් ඩිලාන් ගමගේ මහතා නියෝග කළේය. 02 September 2024
මත්පැන් සාදය තරුණයකු බිලි ගනියි මත්පැන් සාදයක් පවත්වමින් සිටි තරුණයින් පිරිසක් අතර ඇතිවු බහින් බස් විමක් දුරදිග යාමෙන් තියුණු ආයුධයකින් පහරදි එක් අයෙකු අද සවස ඝාතනය කර ඇතැයි රත්ගම පොලිසිය පවසයි. 02 September 2024
අපේක්ෂකයෝ රැසක් ගුවන් කාලයට පස්ස ගහලා ජනපති අපේක්ෂකයන් වැඩි පිරිසක් ජාතික රූපවාහිනියෙන් සහ ගුවන් විදුලි සංස්ථාවෙන් සිය ප්‍රතිපත්ති ඉදිරිපත් කිරීම සඳහා ගුවන් කාලය ගැනීමට මෙතෙක් ලොකු උනන්දුවක් දක්වා නැතැයි වාර්තා වේ. 02 September 2024
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025