
(යොහාන් භාසුර)
අලුත් අවුරුදු උත්සව සමයේ කළ වැටලීම්වලදී නීති විරෝධීව මත්පැන් අළෙවි කළ සුරාබදු බලපත්‍ර හිමි මත්පැන් අළෙවිසැල් තුනකට මුද්‍රා තැබූ බවත් එම මත්පැන් අළෙවිසැල්වලට එරෙහිව උපරිමයෙන් නීතිය ක්‍රියාත්මක කරන බවත් සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.
සුරාබදු දෙපාර්තමේන්තුව මෙම මස 3 වැනිදා සිට 17 වැනිදා දක්වා කාලය තුළ සුරාබදු වැරදි සම්බන්ධයෙන් වැටලීම් 1,235 ක් කළ බවත් එම වැටලීම්වලදී පුද්ගලයන් 1,320 ක් අත්අඩංගුවට ගෙන නඩු පැවරීමට කටයුතු කරමින් සිටින බවත් එම දෙපාර්තමේන්තුව කීය.
නීති විරෝධී ලෙස නිෂ්පාදනය කළ ස්ප්‍රීතු සන්තකයේ තබාගැනීම, ප්‍රවාහනය කිරීම සහ විකිණීමට සම්බන්ධ වැටලීම් 658 ක් සහ නීතිවිරෝධී මත්පැන් ස්කාගාර පවත්වාගෙන යෑම සම්බන්ධ වැටලීම් 224 ක් කළ බව කියන සුරාබදු දෙපාර්තමේන්තුව 1913 එම දෙපාර්තමෙන්තුවේ ක්‍ෂණික දුරකථන අංකයට ලැබුණු ඇමතුම් ජනතාව දුන් තොරතුරු ඔස්සේ වැටලීම් රැසක් කළ බව ද සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
497
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
260
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මත්පැන් අළෙවිසැල් 3කට මුද්‍රා තබයි