IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


මෝටර් රථයක් මතට කළු ගල් වැටිලා

(සමන් පාලිත නානායක්කාර)

කඩවත සිට බණ්ඩාරවෙල බලා ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් මතට අද උදේ 7.30 ට පමණ හල්දුම්මුල්ල නගර ආසන්නයේ දී කඳු මුදුනින් පෙරළි ආ ගල් කීපයක් මෝටර් රථය මතට වැටීමෙන් දැඩි හානි සිදුවී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය.

මෙම මෝටර් රථයේ සිව් දෙනකු ගමන් කර ඇතත් කිසිවකුටත් හානියක් සිදුවී නොමැති වුවද මෝටර් රථයට දැඩි හානි සිදුවී ඇති බව බව හල්දුමුල්ල පොලිසිය පැවසීය.

කඩවත සිට බණ්ඩාරවලට මෝටර් රථයකින් විනෝද චාරිකාවක් පැමිණි තරුණයන් සිව් දෙනකු මෙම අනතුරකට මුහුණ පා තිබේ.

වර්ෂාව නොමැති අවස්ථාවක මෙසේ ගල්කුළු පෙරළී ඇති එබව ද මේ දිනවල පවතින වර්ෂාව සමඟ කඳුකර මාර්ගවලට ඉහළින් පිහිටි කඳුවලින් බුරුල් වූ ගල් පර්වත පහළට පෙරළී ඒ මේ අවදානමක් ඇති බැවින් කල්පනාකාරීව රථ වහන ධාවනය කරවන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටී.

 



අදහස් (3)

මෝටර් රථයක් මතට කළු ගල් වැටිලා

සල්ගාදු Saturday, 19 April 2025 09:12 AM

පෙර භවයක කළ කර්මයට පටිසන් දෙන හැටි. එච්චරයි...!

:       0       0

ගුණරත්න Saturday, 19 April 2025 01:57 PM

රටේ ආණ්ඩුවක් තියෙනවා... බදු මුදල් එකතු කරගන්නවා, ඒත් මහජන ආරක්ෂාව බින්දුවයි, අරහෙන් වෙඩි, මෙහෙන් කළුගල්. ඔය නිකරුනේ ඉන්න රජයේ සේවකයෝ යොදවලා ඔය අවදානම් ඉවත් කරන්න බැරිද?

:       0       0

pakeer Saturday, 19 April 2025 02:27 PM

මේ කාර් එක විකුණලා ඉවරයි. නොම්මරේ හොඳට පේනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 497 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site