IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


සීගිරියේ වන විනාශය

(කාංචන කුමාර ආරියදාස)

සීගිරිය අභයභූමියේ සීගිරි පව්ව පෙනෙන මානයේ මහා පරිමාණ බොරළු පස් කැපීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බව  සීගිරිය සුරැකීමේ සංවිධානය පවසයි.

සීගිරිය අභයභූමිය ආරක්ෂා කර ගැනීමේ වගකීම පැවරී ඇත්තේ වනජීවී දෙපාර්තමේන්තුවට බැවින් වන ජීවී දෙපාර්තමේන්තුවේ කාර්යාලය ආසන්නයේ සිට කිලෝමීටර් කිහිපයක් දුරකින් සීගිරි පව්වට කිලෝමීටරයකටත් වඩා අඩු දුරකින්  මහා වනාන්තරය මැද රූස්ස ගස් ඩෝසර් කොට විනාශ කර දමා වසර ගණනාවක සිට ඉතා හොර රහසේ විශාල වලවල් හාරා බොරලූ රැගෙන යාම සිදුවන බවත් ජනතාව පෙන්වා දෙති.

වසර කිහිපයක සිට ඉතාමත් හොර රහසේ මෙය පවත්වාගෙන ගොස් තිබෙන බවත් එතෙක් වන ජීවීන් නිලධාරීන් මෙය නොදැක්කාසේ සිටියේ කෙසේදැයි ඔවුහු වැඩිදුරටද ප්‍රශ්න කරති.

සීගිරිය වන ජීවී කාර්යාලයේ නිලධාරිනියකගෙන් විමසීමේදී ඇයද කියා සිටියේ ඔවුන්ගේ බලය ඇති සීගිරිය අභයභූමියේ ඇති විද්‍යුත් තාක්ෂණික මෙවලම් උපයෝගී කරගෙන චන්ද්‍රිකා තාක්ෂණ අනුව නිරීක්ෂණයේදී වසර කිහිපයක සිට මෙය සිදුවන බවට නිරීක්‍ෂණය වූ බවය.

කෙසේ වෙතත් කිසිදු අවසරයක් හෝ අනුදැනුමකින් තොරව එය සිදුවන බවත් මෙසේ විනාශයක් සිදුවන්නේ සිගිරි අභයභුමිය තුළ බවද පැවසුවාය

කෙසේ වෙතත් මෙම මහා පරිසර විනාසය සිදු කරනු ලබන්නේ කවුරුන් විසින්ද යන්න මෙතෙක් අනාවරණය කරගෙන නොමැති බවත් සීගිරිය වනජීවී කාර්යාලයේ ස්ථාන භාර නිලධාරී වනසත්ව අඩවි ආරක්ෂක එස්.එස් මලින්ද මහතාගෙන් විමසීමේදී කියා සිටියේය

සීගිරි අභයභූමිය තුළ මෙවැනි මහා පරිමාණ බොරළු වළක් සදහා කිසිදු අවසර පත්‍රයක් ලබා දී නොමැති බවත් පෞද්ගලික ඉඩමක වුවද පස් කැණීම් සඳහා විධිමත් නීතිමය  රාමුවක් පවතින බවද හේතෙම සඳහන් කළේය.



අදහස් (6)

සීගිරියේ වන විනාශය

UK RAN Sunday, 20 April 2025 07:04 AM

අර දෙවැනි එහෙම මැරිලද දැන් ?තව සිංහරාජේ බේරාගන්න ආපු කෙනා කෝ දැන් ?

:       0       1

අබ්දුල් සලාම් Sunday, 20 April 2025 09:02 AM

ඕකත් ඉතින් දේශපාලකයෙක්ගේ වැඩක් තමයි. වනජීවි නිලධාරීන්ටත් වාසියක් ඇති නිසා ඉතින් නොදැක්ක ගානට ඉන්නවා. ඕකතමයි ඇත්ත. ජය වේවා.

:       0       0

The Three Idiots Sunday, 20 April 2025 09:04 AM

මේවට තමා නැවතත් කෑමෝල්, රාජපක්ෂ යුගයක් උදාකරන්න තටමන්නේ.

:       0       0

ගුණරත්න Sunday, 20 April 2025 10:29 AM

මාලිමාව ආවම පාර පනින එකටත් නීති ගේනවා කියාපු උන් අභය භූමියක්, පුරාවිද්‍යා භූමියක බොරළු කපනකොට නිදි, කුරුණෑගල ගල්කොරි කාරයෝ පුරාවිද්‍යා ස්මාරක වනසද්දී නිදි. මෙහෙම වෙන්නේ ඇයි ? උනුත් හොරු මුනුත් හොරු නිසා නොවෙයිද? මාලිමාවුන්ට ඉතිහාසේ ගැන තැකීමක් නැහැ උන් තිසා වැවේ බර වාහන යවන්නත් හැදුවා.

:       0       0

ලුම්බිණි Sunday, 20 April 2025 11:41 AM

කෝ අපි පත් කරපු පරිසර ඇමතිලා, වනජීවී ඇමතිලා ?

:       0       0

JennaPoppa Sunday, 20 April 2025 01:57 PM

ලංකාවේ ජවිපේ ආණ්ඩවක් තිබුණා නම් මේවා සදහටම නවත්තලා නීතිය අකුරට ක්‍රියාත්මක කරන්න තිබුණා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 358 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site