IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ආණ්ඩුව මන්තර වගේ බොරුව ජප කරනවා

(අංජුල මහික වීරරත්න)

මාලිමාවේ පච දේශපාලනය නිසා බහුතරයකට ආණ්ඩුව එපා වී ඇතැයි  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මින්නේරිය ජන රැලියකදී පැවසීය.

මේ අලුත් අවුරුද්ද සමරන අවස්ථාවේ  රටේ දශ ලක්ෂ සංඛ්‍යාත ජනතාව දුෂ්කරතා අගහිඟතා රැසකින් පෙළෙන බව කී සජිත් ප්‍රේමදාස මහතා  බලාපොරොත්තු රැසක් මැද ආණ්ඩුව පත් කර ගත්තත් කියපු දේ නොකරන ජනතාව රවටන ජනතාව අන්දවන බොරුකාර රැවටිලිකාර පච ආණ්ඩුවක් බවට වාර්තා තබා ඇතැයි සඳහන් කළේය.

 බඩු මිල අඩු කරන පොරොන්දුව කඩ කළ නිසා හාල් කිරිපිටි අත්‍යවශ්‍ය ආහාර පාන වල මිල ඉහළ ගොස් ඇති බව විපක්ෂ නායකවරයා පැවසීය.

මැතිවරණ වේදිකාවේ මන්තරය වගේ බොරුව ජප කළ බවත් දැනුත් පච කියමින් නැවත වරක් ජනතාව රවටන්න සූදානම් බවත්  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

සමගි ජන බලවේගයේ පළාත් පාලන මැතිවරණ ජය තහවුරු කිරීම සඳහා මින්නේරිය, ඇලහැර දී මෙම ජනරැළිය පැවැත්විණි.



අදහස් (12)

ආණ්ඩුව මන්තර වගේ බොරුව ජප කරනවා

බක්මීගොල්ල Saturday, 19 April 2025 01:50 PM

මොනවද මේ දොඩවන්නේ...? ඔ්වා දැන් අහන්න කෙනෙක් නෑ. මිනිස්සු පෝලිමේ දළදා වඳින්න ගිහින් ඉන්නේ. ඔබතුමා යන්නේ නැතෙයි.

:       0       0

ටයරසෑපුත්‍ර Saturday, 19 April 2025 01:50 PM

ඉස්සර හිටපු ආධුනික දේශපාලකයෙක්ව රැස්වීම්වලට එක්තරා පක්ෂයකින් අරන් යන්නේ විරුද්ධ පාක්ෂිකයින්ට කුණුහරුපෙන් බනින්න. කාණු කටා කියලා නමකුත් දාලා තිබුණා ඒක හින්දම. බොරු තව හොඳයි.

:       0       0

ලයන් Saturday, 19 April 2025 01:56 PM

බොරු ජපකරන්නේ තාත්තා, රාජපක්ෂලා, ඇත්ත කිව්වා නම්, මේ රටට මේකල යයිද, කිව්වේ බොරු කෙරුවේත් හොර තක්කඩි වැඩ, මේ මිනිස්සු මෙරට පාලනය අරන් මාස 5, කියපු දේවල් කොච්චර කරලා තියෙනවාද? ජනපතිගෙ ආරක්ෂා වියදම් කැපුවා... ඉන්ධන දීමනා කැපුවා... පැන්ෂන් කැපුවා... ඇමැති නිල නිවාස නැතිකළා කාර් පර්මිට් නැතිකළා... පාර්ලිමේන්තු කැන්ටිමේ සොච්චමට ගිල්ල කෑම ගාන වැඩිකළා, රජයේ සේවකයින්ගේ පඩි වැඩිකළා. පාසල් යන නැති බැරි පවුල්වල දරුවන්ට පොත්ගන්න රු 6000 තැන්පතු වලට වවුචර, තව හුඟාක් තියෙනවා. මෙහෙම රජයක් මෙරට ඇතිවුනේ නැහැ... මැයි 6 තමුන්ට වෙන්නේ ළිඳේ පනින්න. අපිට දේශපාලනයක් අවශ්‍ය නැහැ. නමුත් ජනපතිට කරන චෝදනා අසාධාරණයි.. ඒකයි මෙච්චර ලිව්වේ...

:       0       0

pakeer Saturday, 19 April 2025 02:25 PM

මෙයාව අංගොඩ අරන් යන්න කවුද ඉදිරිපත් වෙන්නේ...?

:       0       0

Neel Saturday, 19 April 2025 02:33 PM

සජිත් ප්‍රේමදාස මහතාට එල්ලෙන්න වැලක් හොයනවා. මොකද රට යන විදිහට නුදුරේදීම දේශපාලනයෙන් සමුගන්න වේවී...!

:       0       0

ගමේ එකාලා Saturday, 19 April 2025 02:47 PM

තමුන්ගේ වැඩ ගැනත් අපි නොදන්නවා නෙවෙයි. පක්ෂයවත් හරියට කරගන්න බැරුවයි ඉන්නේ? සමහරු යන්නම ගියා. නිධන් හාරලා, මධ්‍යම සන්ස්කෘතික අරමුදලෙන් ගසාකාපු, හාල් මෝල් කාරයාට පොලු තිබ්බ, තමුන් කියන කතා දැන් කවුරුවත් විස්වාස කරන එකක් නැහැ.

:       0       0

පොඩිඑකා Saturday, 19 April 2025 02:59 PM

සුදු කැකුලු, රතු කැකුලු, නාඩුවල මිලවත් ඔයා දන්නවාද?

:       0       0

වික්‍රම විදුර Saturday, 19 April 2025 03:02 PM

"5000 ඔපිස් එකට බැඳලා නේද ආවේ..? උස නම් සිකුරිටි... මිටිනම් කම්කරු" 1. මෙය කීවේ කවුද? 2. මෙය කීවේ කාටද? 3. මෙය කීවේ කුමන අවස්ථාවද? 6 වසර අවස්ථා සම්බන්ධය. පිළිතුරු. 1. මෙය කීවේ සජිත් ප්‍රේමදාස මැතිදුන් 2. මෙය කීවෙ ඔහුගේ වහලුන්ට.. 3. ඡන්දයට ජන්ද අල්ලස් ලෙස රජයේ දේපල දීමේ හා ගැනීමේ අවස්ථාවක්....

:       0       0

Chathuri Saturday, 19 April 2025 04:38 PM

තමුන්ලා රට කෙරුවේ. ගාල කඩා ගත්තු හරක් වගේ. පැටව් ගැන බැලුවෙත් නැහැ මහ ගොන්නු අනුන්ගේ දේවල්මයි හොරා කෑවේ. ඒ නිසා පැටව් නන්නත්තාර වුණා. හරියට අවජාතක දරුවෝ වගේ. හොයලා බලන්න කෙනෙක් නැහැ. දැන් තමයි. නියම දෙමව්පියෝ ලැබුනේ. ඉතින් සුරන්ගනා කතා කියලා හරි. මහගොන්නු හිරේ දාලා පැට්ව් ටික දැඩි නීතී හදලා. යහමගට ගන්නවා. ඉතින් මහ ගොනුන් මේවාට කැමැති නැතිනම්. කෑගෑහුවාට වැඩක් නැහැ. පාඩුවේ ඉන්න. ඔබලාට හොරා කාපු මුදල් දේපල ඕනෑතරම් තියෙනවා හැදෙන. ඔබලා ගිය අඩීපාරේ ගියොත් සත්තු එළියේ. රට වැසියා කූඩුවේ. ඒක තමයි වෙන්නේ. නාකි මයිනා දේවාලේ ගිහින් කපුවා ජප කරලා. දෙන මීනි අලුවලින් තමයි රජකම් කෙරුවේ. එදා කට වහගන හිටියා වචනයක් කිව්වාද? දැන් මෙයාගේ වැඩේ... අනුරට බනින එක. මේ කවුද ඉන්නේ...? මාලිමාවෙත් ඉන්නේ මේ වගේ හොර ගොන්නු කියලා අනුරගේ කකුලෙන් ඇද්දාම ඔබලාට වෙන්නේ බෙල්ලෙන් අල්ලා ඇතුළට යන එක. හිස් කුප්පියක් වගේ නේද ජීවිතේ දැන්...?

:       0       0

Shyam Saturday, 19 April 2025 09:59 PM

ගොන් වැඩ

:       0       0

pakaya Sunday, 20 April 2025 02:42 AM

පිස්සු තමා

:       0       0

Perera Monday, 21 April 2025 02:10 AM

ඔව් ඔව්, ඔය දැන් රට වටේ ජප කර කර යන්නේ මොකද්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 358 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site