
(රෝෂන් තුෂාර)
අධික ශබ්දය පිට කරන ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කරමින් අංගම්පිටිය ක්‍රීඩාංගනයේ උත්සව පැවැත්වීම වළක්වමින් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ නාගරික කොමසාරිස්වරයා ඇතුළු පස් දෙනෙකුට කොන්දේසි සහිත වාරණ නියෝගයක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා නිකුත් කළේය.
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ අංගම්පිටිය ක්‍රීඩාංගනය අවට පදිංචි නිවැසියන් පස් දෙනෙකු විසින් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ නාගරික කොමසාරිස්වරයා ඇතුළු පස්දෙනෙකු වගඋත්තරකරුවන් කරමින් පැවරූ පැමිණිල්ලක් සලකා බැලීමෙන් පසුව මෙම කොන්දේසි සහිත ආඥාව නිකුත් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ක්‍රීඩා උත්සවයක් ඉතින් හඬ නැතිව කරන්න බෑනේ මේවා දරාගන්න බැරි ප්‍රජාණන විකෘතිතා තියෙන අයට. අනේ මන්දා මෙහෙම මිනිස්සු.
හොඳ වැඩක්...!
ඉතාම වටිනා ආදර්ශයක්. වෙළඳ සංගම්, බොහෝ ආගමික ස්ථාන, ඇතැම් පාසල් මේ අනීතික මහජන පීඩාකාරි පාරිසරික ශබ්ද දූෂණය සිදු කරනවා. 98 වගන්තිය අනුව පොලීසියට මීට එරෙහිව නීතිය ක්‍රියාත්මක කල හැකිමුත් ප්‍රායෝගිකව සිදුවන්නේ නැහැ. ගරු පොලිස්පතිතුමනි , මේ පීඩා පිළිබඳව සිදුකරන මහජන පැමිණිලි නිසි ලෙස විභාගවන්නෙ නැහැ. මේ ස්ථාන අවට ගෙවල්වල ඉගෙනගන්න දරුවන් ඉන්නවා. අසනීපවලට බෙහෙත් ගන්න අය ඉන්නව. වෙහෙස මහන්සි වෙලා රැකී රක්ෂා කරල ආව අය ඉන්නවා. පොතක් පත්තරයක් බලන මිනිස්සු ඉන්නවා. ඔවුන්ට විවේකය අවශ්‍යයයි. ශබ්ද විකාශනයන්ත්‍ර භාවිතාව වෙනුවෙන් නිකුත් කල ඇති චක්‍රලේඛය ඇත්තේ නමට පමණයි. කරුණාකර මේ පීඩාවෙන් මිනිසුන් මුදවන්න මැදිහත් වෙන්න !