IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


යුද හමුදා බසය ලොරියක ගැටී 22ක් රෝහලට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

යුද හමුදා සෙබලුන් රැගත් බස් රථයක් සහ ලොරියක්  මුහුණට මුහුණ ගැටීමෙන් බස් රථයේ රියදුරු ඇතුළු යුද හමුදා සෙබළුන් 22  ක් තුවාල ලබා රෝහල් ගත කළ බව කිරිඳිවැල පොලිසිය කියයි.

කිරිඳිවැල නිට්ටඹුව කිරිඳිවල මාර්ගයේ මනමාල වංගුවේදී නිට්ටමුව දෙස සිට කිරිඳිවැල දෙසට ධාවනය වූ යුද්ධ හමුදා සෙබලුන්  රැගත් බස් රථයක් හා ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ලොරියක් මෙලෙස එකිනෙක ගැටී ඇතැයි පොලිසිය සඳහන් කරයි.

තුවාල ලැබූවන් කඩිනමින් වතුපිටිවල රෝහල වෙත ඇතුළත් කර ඇති අතර එයින් 20 කු ප්‍රතිකාර ලබාගෙන රෝහලින් පිටව ගිය බව රෝහල් ප්‍රකාශකයකුු පැවසීය

බස් රථයේ රියදුරු සහ හමුදා සෙබලකු තවදුරටත් රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිසිය කියයි



අදහස් (0)

යුද හමුදා බසය ලොරියක ගැටී 22ක් රෝහලට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 351 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1008 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site