IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


විශ්ව විද්‍යාල කොමිසමටත් ඇමැති බංගලාවක්

(සුජිත් හේවාජුලිගේ )

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවද සිය කාර්යාලය පවත්වාගෙන යෑමට ඇමැති බංගලාවක්  දෙන ලෙස ඉල්ලීමක්   කර ඇතැයි රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය චන්දන අබේරත්න මහතා පැවසීය.

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවත්වාගෙන යන ගොඩනැගිල්ල සඳහා මාසිකව  ලොකු වියදමක් දරන හෙයින් මෙවැනි බංගලාවක්  දුනහොත් එම කුලී මුදල සම්පූර්ණයෙන්ම  ඉතිරි කරගත හැකි බව එහි ප්‍රධානීන් පෙන්වා දී ඇත.

ඇමැති බංගලා ඉල්ලා ඇති රාජ්‍ය ආයතන සහ පුද්ගලයන් සංඛ්‍යාව  මේ වන විට හැටක් දක්වා ඉහළ නැග ඇත. තානාපති කාර්යාල, අමාත්‍යාංශ, රජයේ ආයතන, විශ්ව විද්‍යාල ඇමති බංගලා ඉල්ලා ඇති ආයතන අතර වන බව අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළේය.

ඇමැති බංගලා පනහක් කොළඹ පමණ පවතින අතර මෙම බංගලා ඇමතිවරුන්ගේ පාවිච්චියට නොදීමට රජය බලයට පත් වූ වහා  ප්‍රතිපත්තිමය තීරණයක් ගත්තේය.

 



අදහස් (2)

විශ්ව විද්‍යාල කොමිසමටත් ඇමැති බංගලාවක්

අරවින්ද මොණරවිල Monday, 21 April 2025 01:50 PM

කුලී ගෙවලා පවත්වාගෙන යන රාජ්‍ය ආයතන වලට මේ ඇමැති බංගලා බාර දූන්නා නම් රජයේ වියදම් අඩු කරගන්න පුළුවන් වෙයි.

:       3       9

pjMonday, 21 April 2025 03:30 PM

බංගලාවක් කර්යාලයක් බවට හැරවීමට යන වියදම ගැන සුළු හෝ හැඟීමක් නැති හැඩයි.

:       4       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 351 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1008 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site